අද දිනයේදී කොවිඩ් 19 ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇත.  ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබේ.
අද දිනයේ පළමු මරණය වාර්තා වුයේ කොළඹ IDH රෝහලෙනි. ඒ, ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙක් වූ අතර ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් පෙලී සිටි බව වාර්තාවේ.
 
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලෙ දී මියගොස් ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි.
 
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ 19 ක් වයසැති තරුණයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
 

351

 
 

353

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image