හැටන් සහ දික්ඔය නගරවලින් බැහැර කරන කැළිකසළ කාසල්රී ජලාශයට එක්වීම හේතුවෙන් තම ධීවර කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව එම ජලාශයෙන් දිවි පෙවත රැක ගන්නා ධීවර ප්‍රජාව අවධාරණය කරයි.
කාසල්රී ජලාශය යනු ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට ජල විදුලි උත්පාදනය සඳහා ජලය සපයන ප්‍රධානතම ජලාශයකි. එමෙන්ම සංචාරක ආකර්ෂණයකි.
පසුගිය දිනවල හැටන් සහ දික්ඔය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නිවාස සහ නගර ආශ්‍රිතව බැහැර කරන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් සහ රිජිෆෝම් ඇතුළු අපද්‍රව්‍ය විශාල වශයෙන් ජලාශයට ගසාගෙන විත් තිබෙන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන් විසින් කැමරාකාචයට හසු කරගෙන තිබේ.
ධීවර කර්මාන්තයට සහ සංචාරකයින්ට එල්ල වී ඇති බලපෑම
උද්ගතව තිබෙන ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් එම ජලාශයේ මසුන් මැරීමේ නිතරව සිටින ධිවරයකු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ජලාශය පුරා විසිරී ඇති මෙම කසළ හේතුවෙන් තම ජීවන වෘත්තිය සිදු කරගෙන යෑම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇති බවයි.
"හැටන්, දික්ඔය නගරයේ ඉඳන් එන්නේ මේ කුණු ඔක්කොම. ඒ කියන්නේ ගෙවල් වල දාන කුණු තමයි මෙතනට එන්නේ. මෙතන තියෙනවා ප්ලාස්ටික් බෝතල් තියෙනවා, එතකොට මේ පොලිතීන් තියෙනවා, එතකොට විවිධාකාර කුණු මේකේ තියෙනවා මේකේ. රිජිෆෝම් තියෙනවා. ඉතින් මේක අපිට ධීවර කර්මාන්තයට හරි කරදරයක් මේක ඇවිල්ලා. අපිට මේකෙන් වෙන්නේ උදේ දැලක් ගලවනකොට මේ කුණු ඉවත් කරන්නම අපිට සෑහෙන්න වෙලාවක් යනවා "
ඔහු වැඩි දුරටත් සදහන් කළේ මෙම තත්වය සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
"මේකේ එක පැත්තක, සංචාරකයොත් මේ ජලාශයට එනවා. කුණු නිසා අපිට මේ මාළු අල්ලන්න මේක හරිම කරදරයි. ඒ කියන්නේ උදේට මේ දැලක් ගලවන්නත් මේ කුණු ඉවත් කරන්න සෑහෙන්න වෙලාවක් යනවා. අපිට ඉතාම පුළුවන් තරම් ඉක්මනට මේකෙන් මේ කුණු දාන්න නැති වෙන්න අපිට මේ පිළියමක් හදලා දෙන්න "
ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දික්ඔය නගරයේ කුණු කාසල්රී ජලාශයට එක්වීම නතර කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙසයි.
" මොකද එහෙන් දාන කුණුනේ මේකට එන්නේ. මොකද එහෙන් දාන කුණු ඒ කියන්නේ ගෙවල් වලින් විසි කරන කුණු තමයි මේකට එන්නේ.”
ආරක්ෂිත දැල් පද්ධතියත් විනාශ වී ධීවර ආම්පන්නවලට හානි
කාසල්රී ජලාශයේ මසුන් මැරීමෙන් දිවි පෙවත රැක ගන්නා තවත් ධිවරයකු මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නේ ජලාශයට කැලි කසල එකතුවීම වළක්වා ගැනීම සදහා විදුලි බල මණ්ඩලය විසින් දැලක් සකස් කර දී තිබෙන නමුත් මෙවර ජලාශයට විලාශ වශයෙන් කුණු පැමිනීම හේතුවෙන් එම විදුලි වැටද විනාශයට පත් ව ඇති බවයි.
"ඒකත් මේ කඩාගෙන මේ කුණු ටික ඔක්කොම ජලාශය පුරාම විසිරිලා තියෙනවා ඒක අපිට සාමාන්‍යයෙන් දැලක්වත් දාගන්න බැහැ අමාරුයි, දැල් ඉරෙනවා. කුණු ඇවිල්ලා ඔක්කොම හේත්තු වෙනවා දැලට. හරියට මාළුවෙක් අපිට අල්ලගන්න බැහැ. අලුතෙන් දැලක් ගන්නත් බැහැ අපිට, ඒ කියන්නේ දැලත් මිල වැඩියි. ඒක හින්දා මේ කුණු ටික වහාම අපි අයින් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා."
කාසල්රී ජලාශය මලයහ භුමියේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රධානතම ජලාශයයි.
කාසල්රී ජලාශය කැළිකසළින් පිරී ධීවර හා සංචාරක කර්මාන්ත අර්බුදයක
Awara
November 19, 2026 • 6:30 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හැටන් සහ දික්ඔය නගරවලින් බැහැර කරන කැළිකසළ කාසල්රී ජලාශයට එක්වීම හේතුවෙන් තම ධීවර කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව එම ජලාශයෙන් දිවි පෙවත රැක ගන්නා ධීවර ප්‍රජාව අවධාරණය කරයි.
- පසුගිය දිනවල හැටන් සහ දික්ඔය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නිවාස සහ නගර ආශ්‍රිතව බැහැර කරන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් සහ රිජිෆෝම් ඇතුළු අපද්‍රව්‍ය විශාල වශයෙන් ජලාශයට ගසාගෙන විත් තිබෙන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන් විසින් කැමරාකාචයට හසු කරගෙන තිබේ.
- ධීවර කර්මාන්තයට සහ සංචාරකයින්ට එල්ල වී ඇති බලපෑම උද්ගතව තිබෙන ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් එම ජලාශයේ මසුන් මැරීමේ නිතරව සිටින ධිවරයකු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ජලාශය පුරා විසිරී ඇති මෙම කසළ හේතුවෙන් තම ජීවන වෘත්තිය සිදු කරගෙන යෑම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇති බවයි.
- අපිට මේකෙන් වෙන්නේ උදේ දැලක් ගලවනකොට මේ කුණු ඉවත් කරන්නම අපිට සෑහෙන්න වෙලාවක් යනවා " ඔහු වැඩි දුරටත් සදහන් කළේ මෙම තත්වය සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


