The Leader News
BREAKING
කාසල්රී ජලාශය කැළිකසළින් පිරී ධීවර හා සංචාරක කර්මාන්ත අර්බුදයක●කොළඹදී ඇමරිකානු මැරීන් බළකායේ 251 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි●යුද අනාථයන් දහස් ගණනකට තවමත් උන්හිටි තැන් නැති බව ජනපති හෙළිකරයි● හරිත සංක්‍රාන්තියට හරිම පාර කොතැනද?●පනාමුරේ කතාව (20 කොටස) : දිසාවේ ගේ අවසන් ගමන | ඉන්දු පෙරේරා●හිමි කරගත නොහැකි ප්‍රේමයක් පිළිබඳ කතාවක් පමණක් නොවන ‘මැයි මාර ප්‍රසංගය’●පාර්ලිමේන්තුව යනු ජනතාවට 'කොකා පෙන්වන' තැනක් නොවිය යුතුය●ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2027; අවසන් දිනය දෙසැම්බර් 15●අමෙරිකානු ආරක්ෂක සබඳතා හමුවේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභියෝගයක්ද?●සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත අය කළ වැට් බද්ද ඉවත් කරයි●
Top Ad
පුවත්

යුද අනාථයන් දහස් ගණනකට තවමත් උන්හිටි තැන් නැති බව ජනපති හෙළිකරයි

Awara

Awara

November 19, 2026 • 6:15 PM

යුද අනාථයන් දහස් ගණනකට තවමත් උන්හිටි තැන් නැති බව ජනපති හෙළිකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය විසින් උතුරු නැගෙනහිර දෙපළාතේ දියත් කළ යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූ පවුල් දහස් ගණනක් යුද නිමාවෙන් දාහත් වසරකට පසුවත් පදිංචිය සඳහා තමන්ගේම නිවසක් නොමැතිව දිවි ගෙවන්නට සිදුවී ඇති බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.
  • වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සහ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස 2026 නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ එසේ අවතැන්ව සිටින පවුල් සංඛ්‍යාව දහතුන් දහසක් බවයි.
  • "උතුරු නැගෙනහිර පැවති යුද්ධමය තත්වය හේතුවෙන්, 2009 යුද්ධය අවසන් වුණේ.
  • අවතැන් වූ පවුල් 13,000 ක තවමත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරලා නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

රජය විසින් උතුරු නැගෙනහිර දෙපළාතේ දියත් කළ යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූ පවුල් දහස් ගණනක් යුද නිමාවෙන් දාහත් වසරකට පසුවත් පදිංචිය සඳහා තමන්ගේම නිවසක් නොමැතිව දිවි ගෙවන්නට සිදුවී ඇති බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සහ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස 2026 නොවැම්බර් 12 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ එසේ අවතැන්ව සිටින පවුල් සංඛ්‍යාව දහතුන් දහසක් බවයි.

"උතුරු නැගෙනහිර පැවති යුද්ධමය තත්වය හේතුවෙන්, 2009 යුද්ධය අවසන් වුණේ. අවතැන් වූ පවුල් 13,000 ක තවමත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරලා නෑ. තාමත් පවුල් 13,000 ක්. යුද්ධය අවසන් වෙලා අවුරුදු 16 කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. තාමත් ඉන්නේ අවතැන් කඳවුරුවල, නැත්නම් අවතැන් වූ නිවාසවල."

වසර දෙකකින් පදිංචි කිරීමේ ඉලක්කය සහ නව ප්‍රතිපාදන

එම සියළු පවුල් වසර දෙකක් තුළ නැවත පදිංචි කිරීම සිය රජයේ ඉලක්කය බව පාර්ලිමේන්තුව හමුවේ පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය ඉහල නංවා ඇති බව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

"එම පවුල් වසර දෙකක් තුළ නැවත පදිංචි කර අවසන් කිරීම අපේ රජයේ ඉලක්කයයි. 27, 28 වසර දෙක ඇතුළත ඒ පවුල් 13,000 ම නැවත පදිංචි කරවනවා. ඒ සඳහා රුපියල් මිලියන 6,000 ක් වෙන් කර ඇති අතර, තවත් මිලියන 4,000  කින් වැඩි කරලා, මිලියන 10,000 ක් වෙන් කරනවා උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව පදිංචි කරවීම සඳහා."

පසුගිය අයවැය ප්‍රතිපාදන සහ වත්මන් ප්‍රගතිය

යුද්ධයෙන් නිවාස අහිමිවුවන් වෙනුවෙන් පසුගිය අයවැයෙන් වෙන් කර තිබුනේ රුපියල් මිලියන 6,000 ක් නොව මිලියන 5,000 කි.

“උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නොමැති පවුල් වෙනුවෙන් නිවාස 2,500 ක් ඉදිකිරීම සඳහා දැනට වෙන්කර තිබෙන රුපියල් මිලියන 3,850 ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 5,000 ක් දක්වා වැඩි කරනවා,” යි ජනාධිපතිවරයා 2026 අයවැය කතාව පවත්වමින් කියා සිටියේය.

ඒ මුදලින් නිවාස කීයක් මේ වනවිට ඉදිකර ඇතිදැයි මෙවර අයවැය කතාවෙන් හෙළි වූයේ නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...