ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත් පිටපත් බාරගැනීම දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත.
මෙම ව්‍යාපෘතියේ දී: පර්යේෂණ/ ශාස්ත්‍රීය කෘති සඳහා රු. 150,000ක්
නවකතා සඳහා රු.125,000.00ක්
කෙටිකතා සඳහා රු. 100,000.00ක්
පද්‍ය/ ගීත/ නාට්‍ය සඳහා රු. 75,000.00ක්
යොවුන් සාහිත්‍ය සඳහා රු. 75,000.00ක්
ළමා සාහිත්‍ය සඳහා රු. 75,000.00ක්
විවිධ කෘති සඳහා රු. 100,000.00ක්
ආධාර වශයෙන් ලබා දේ. එමෙන් ම මෙම ව්‍යෘපෘතිය තුළින්: හොඳ ම අත්පිටපත් 30ක් සඳහා මුද්‍රණ අනුග්‍රහය ලබා දීමට අපේක්ෂා කරයි.
ප්‍රමිතිගත ප්‍රකාශන සහ සංස්කරණ ක්‍රම ප්‍රචලිත කෙරේ.
ග්රන්ථ කර්තෘවරුන් සහ පරිවර්තකයින් දිරිමත් කරයි.
රට තුළ කියවීම ප්‍රවර්ධනය කරයි.
මෙම කරුණ ද සැලකිල්ලට ගත යුතු ය. එනම්, මෙම ව්‍යාපාතිය යටතේ එක් ලේඛකයකුට හෝ ලේඛිකාවකට 2027 වසර සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ එක් අත් පිටපතක් පමණි.
ඔබත් මේ වන විට යට සඳහන් ප්‍රවර්ගවලට අයත් කුමන හෝ කෘතියක් රචනා කර අවසන් කර ඇත්නම් දෙසැම්බර් 15වන දිනට පෙර කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත බාර දිය හැකි ය.
වැඩි විස්තර සඳහා 0112-687583 අංකය අමතා හෝ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.



