The Leader News
BREAKING
පනාමුරේ කතාව (20 කොටස) : දිසාවේ ගේ අවසන් ගමන | ඉන්දු පෙරේරා●හිමි කරගත නොහැකි ප්‍රේමයක් පිළිබඳ කතාවක් පමණක් නොවන ‘මැයි මාර ප්‍රසංගය’●පාර්ලිමේන්තුව යනු ජනතාවට 'කොකා පෙන්වන' තැනක් නොවිය යුතුය●ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2027; අවසන් දිනය දෙසැම්බර් 15●අමෙරිකානු ආරක්ෂක සබඳතා හමුවේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභියෝගයක්ද?●සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත අය කළ වැට් බද්ද ඉවත් කරයි●වනාන්තරයෙන් මුහුදට ගලන 'රතු ගංගාව': ක්‍රිස්මස් දූපතේ අපූරු සංචාරය● DigiNote : 2027 අයවැය ණය මාවත සුරකින බව ෆිච් කියයි●ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සමුළුව නොවැම්බර් 21 BMICH හිදී● මූල්‍ය බුද්ධි ඒකකයෙන් ආයතන දෙකකට ලක්ෂ 33ක දඩ●
Top Ad
සාහිත්‍ය - කලා

සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත අය කළ වැට් බද්ද ඉවත් කරයි

Awara

Awara

November 19, 2026 • 1:06 PM

සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත අය කළ වැට් බද්ද ඉවත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය දිගු කලක් තිස්සේ මුහුණ දුන් වැට් (VAT) බදු ගැටලුවට විසඳුමක් 2027 අයවැය යෝජනා මගින් ලබා දී ඇත.
  • ඒ අනුව, බදු සම්බන්ධ ගැටලු හේතුවෙන් මෙතෙක් ප්‍රමාද වී තිබූ සිනමා ප්‍රවේශපත්‍ර ආදායම් කොටස් අදාළ පාර්ශ්ව වෙත නිදහස් කර ගැනීමට මග සැලසෙන බව ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.
  • වසරේ දී සිනමා ක්ෂේත්‍රයට වැට් බද්ද හඳුන්වාදීමත් සමග මෙම ගැටලු මතුවූ අතර, විශේෂයෙන් වැට් බදු ලියාපදිංචිය සඳහා අදාළ ආදායම් සීමා, බදු අයකිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු මුදල් ගෙවීම සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා ඇති වූ බව සංස්ථාව පෙන්වා දෙයි.
  • අයවැය මගින් යෝජනා කර ඇති නව ක්‍රමවේදය යටතේ, මින් ඉදිරියට සිනමා ප්‍රේක්ෂකයින්, ප්‍රවේශපත්‍ර සඳහා ගෙවන සම්පූර්ණ මුදල මත වැට් බද්ද ගණනය කිරීම සිදු නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය දිගු කලක් තිස්සේ මුහුණ දුන් වැට් (VAT) බදු ගැටලුවට විසඳුමක් 2027 අයවැය යෝජනා මගින් ලබා දී  ඇත. ඒ අනුව, බදු සම්බන්ධ ගැටලු හේතුවෙන් මෙතෙක් ප්‍රමාද වී තිබූ සිනමා ප්‍රවේශපත්‍ර ආදායම් කොටස් අදාළ පාර්ශ්ව වෙත නිදහස් කර ගැනීමට මග සැලසෙන බව ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.

2024 වසරේ දී සිනමා ක්ෂේත්‍රයට වැට් බද්ද හඳුන්වාදීමත් සමග මෙම ගැටලු මතුවූ අතර, විශේෂයෙන් වැට් බදු ලියාපදිංචිය සඳහා අදාළ ආදායම් සීමා, බදු අයකිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු මුදල් ගෙවීම සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා ඇති වූ බව සංස්ථාව පෙන්වා දෙයි.

2027 අයවැය මගින් යෝජනා කර ඇති නව ක්‍රමවේදය යටතේ, මින් ඉදිරියට සිනමා ප්‍රේක්ෂකයින්, ප්‍රවේශපත්‍ර සඳහා ගෙවන සම්පූර්ණ මුදල මත වැට් බද්ද ගණනය කිරීම සිදු නොවේ.

ඒ වෙනුවට චිත්‍රපට නිෂ්පාදකවරුන්, සිනමාහල්, චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල සහ ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු එක් එක් පාර්ශ්වයට හිමිවන ප්‍රවේශපත්‍ර ආදායම් කොටස මත වෙන වෙනම වැට් බද්ද අදාළ වනු ඇත.

මෙම නව ක්‍රමවේදය යටතේ එක් එක් පාර්ශ්වයට තමන්ට හිමිවන ආදායම් ප්‍රතිශතය අනුව වෙන වෙනම වැට් බදු සඳහා ලියාපදිංචි වීමටත්, අදාළ බදු මුදල් තමන් විසින්ම අයකරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීමටත් අවස්ථාව සැලසෙන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සඳහන් කළේය.

මේ අතර, විනෝදාස්වාද බද්ද ලෙස පළාත් පාලන ආයතන වෙත වෙන් කෙරෙන ප්‍රවේශපත්‍ර ආදායම් කොටස තවදුරටත් වැට් බද්දෙන් නිදහස්ව පවතිනු ඇත.

දැනට ක්‍රියාත්මක ප්‍රවේශපත්‍ර ආදායම් බෙදාගැනීමේ ක්‍රමවේදය අනුව, විනෝදාස්වාද බද්ද අඩු කළ පසු ඉතිරි වන ආදායමෙන් වායුසමීකරණය කළ සිනමාහල්වලදී චිත්‍රපට නිෂ්පාදකවරුන්ට 40%ක කොටසක් හිමිවන අතර, වායුසමීකරණය නොකළ සිනමාහල්වලදී එය 45%කි.

සිනමාහල් හිමියන්ට පිළිවෙළින් 50%ක් සහ 45%ක් හිමිවන අතර, චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල සඳහා සිනමාහල් වර්ග දෙකේ දී ම 10%ක කොටසක් වෙන් කරයි.

එසේම, ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමාහල් අතර බෙදාගනු ලබන සංස්ථා අය කිරීම (Corporation Levy) ලෙස, වායුසමීකරණය කළ සිනමාහලක එක් ප්‍රවේශපත්‍රයකින් රුපියල් 6.50ක් ද, වායුසමීකරණය නොකළ සිනමාහලකින් රුපියල් 6ක් ද අය කරයි.

මාධ්‍ය අංශය - ජාතික චිත්‍රපට සංස්ථාව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...