The Leader News
BREAKING
පනාමුරේ කතාව (20 කොටස) : දිසාවේ ගේ අවසන් ගමන | ඉන්දු පෙරේරා●හිමි කරගත නොහැකි ප්‍රේමයක් පිළිබඳ කතාවක් පමණක් නොවන ‘මැයි මාර ප්‍රසංගය’●පාර්ලිමේන්තුව යනු ජනතාවට 'කොකා පෙන්වන' තැනක් නොවිය යුතුය●ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2027; අවසන් දිනය දෙසැම්බර් 15●අමෙරිකානු ආරක්ෂක සබඳතා හමුවේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභියෝගයක්ද?●සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත අය කළ වැට් බද්ද ඉවත් කරයි●වනාන්තරයෙන් මුහුදට ගලන 'රතු ගංගාව': ක්‍රිස්මස් දූපතේ අපූරු සංචාරය● DigiNote : 2027 අයවැය ණය මාවත සුරකින බව ෆිච් කියයි●ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සමුළුව නොවැම්බර් 21 BMICH හිදී● මූල්‍ය බුද්ධි ඒකකයෙන් ආයතන දෙකකට ලක්ෂ 33ක දඩ●
Top Ad
සාහිත්‍ය - කලා

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2027; අවසන් දිනය දෙසැම්බර් 15

Nethmini

Nethmini

November 19, 2026 • 1:49 PM

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2027; අවසන් දිනය දෙසැම්බර් 15

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත් පිටපත් බාරගැනීම දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත.
  • ,000ක් නවකතා සඳහා රු.125,000.00ක් කෙටිකතා සඳහා රු.
  • ,000.00ක් පද්‍ය/ ගීත/ නාට්‍ය සඳහා රු.
  • ,000.00ක් යොවුන් සාහිත්‍ය සඳහා රු.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත් පිටපත් බාරගැනීම දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත.

මෙම ව්‍යාපෘතියේ දී: පර්යේෂණ/ ශාස්ත්‍රීය කෘති සඳහා රු. 150,000ක්

නවකතා සඳහා රු.125,000.00ක්

කෙටිකතා සඳහා රු. 100,000.00ක්

පද්‍ය/ ගීත/ නාට්‍ය සඳහා රු. 75,000.00ක්

යොවුන් සාහිත්‍ය සඳහා රු. 75,000.00ක්

ළමා සාහිත්‍ය සඳහා රු. 75,000.00ක්

විවිධ කෘති සඳහා රු. 100,000.00ක්

ආධාර වශයෙන් ලබා දේ. එමෙන් ම මෙම ව්‍යෘපෘතිය තුළින්: හොඳ ම අත්පිටපත් 30ක් සඳහා මුද්‍රණ අනුග්‍රහය ලබා දීමට අපේක්ෂා කරයි.

ප්‍රමිතිගත ප්‍රකාශන සහ සංස්කරණ ක්‍රම ප්‍රචලිත කෙරේ.

ග්‍රන්ථ කර්තෘවරුන් සහ පරිවර්තකයින් දිරිමත් කරයි.

රට තුළ කියවීම ප්‍රවර්ධනය කරයි.

 

මෙම කරුණ ද සැලකිල්ලට ගත යුතු ය. එනම්, මෙම ව්‍යාපාතිය යටතේ එක් ලේඛකයකුට හෝ ලේඛිකාවකට 2027 වසර සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ එක් අත් පිටපතක් පමණි.

ඔබත් මේ වන විට යට සඳහන් ප්‍රවර්ගවලට අයත් කුමන හෝ කෘතියක් රචනා කර අවසන් කර ඇත්නම් දෙසැම්බර් 15වන දිනට පෙර කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත බාර දිය හැකි ය.

වැඩි විස්තර සඳහා 0112-687583 අංකය අමතා හෝ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...