දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්දන් තාවකාලිකව ඉවත් කරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ මස 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය පවසයි.

දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ ජුනි 24 වෙනිදාය.

කේ වී සුසන්ත පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මහජන නියෝජිතයෙකි.

මේ සමග දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පතා තිබුණ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට තීරණය වූ බව ද පොලිසිය පවසයි.

කරුණු විමසීම සඳහා අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත්තේ ඒ අනුවය.

d24dfe99 92b8 4682 a390 9b99a629090a

පාස්කු ප්‍රහාරයෙන් පසු දංකොටුව සතිපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබු බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ වී සුසන්ත පෙරේරා පවසයි.

එබැවින් මුස්ලිම් ප්‍රජාව වෙළෙඳාම් සඳහා එහි පැමිණීම ගැන ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ, ජනතාවගේ සහවෙළෙඳුන්ගේ දැඩි විරෝධයක් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව දංකොටුව සතිපොළට නොපැමිණි අතර ඔවුන් නැවත ගෙන්වා ගනු ලැබුවේ පොලිසිය මැදිහත්වීමෙනි.

පාස්කු දින ප්‍රහාරයත් සමග දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීම සඳහා මුස්ලිම් වෙළද ප්‍රජාවට ගැටලු ඇති බවට පොලිස් සහන මැදිරියට ලැබුණු පැමිණිලි මත ඔවුනට දංකොටුව සතිපොළේ වෙලදාම් කිරීමට අවශ්‍ය ආරක්ෂාව සැලසූ බව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

එමගින් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බව පැවසූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ජනතාවගෙන් ලැබුණු ලිඛිත ඉල්ලීම මත දංකොටුව සතිපොළෙහි වෙළෙඳාම් සිදුකරන මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව තාවකාලිකව එම කටයුතුවලින් ඉවත් කරන ලෙසට පොලිසියට ලිඛිතව දැනුම් දීමක් කළ බව පිළිගත්තේය.

"මම මේ තීරණය ගත්තේ තාවකාලිකව. ලබන 10 වෙනිදා සියලු ආගමික නායකයන් හා ජනතාව හා දේශපාලකයන් ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡාවක් තියනවා. ඒ වගේම මේ පිළිබඳව ලබන මහා සභාවේ කතා කරනවා. ඒ අවස්ථාවේදී මේ පිළිබඳව ස්ථිර තීරණයක් ගන්න පුළුවන්. ලොකු ගැටුමක් නවත්වා ගැනීමක් තමයි මම කළේ. මට ලැබුණු පෙත්සම් මාධ්‍යට ලබා දිය හැකියි," ඔහු පැවසීය.

Susantha 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු පවසන්නේ තමන් සභාපතිවරයාගේ ක්‍රියාව හෙළා දකින බවය.

"අවුරුදු ගානක් දංකොටුව සතිපොළේ මේ වෙළෙඳුන් වෙළෙඳාම් කළා. මේ අය සියඹලා, ගොරකා වගේ සුළු දේවල් තමයි විකුණුවේ. මේ වෙළෙඳුන් පිළිබඳව ප්‍රදේශයේ ජනතාවට ගැටලුවක් නැහැ. කීප දෙනෙක් තමයි මේ පිටුපස ඉන්නේ. සභාපතිවරයාත් ඒ කීප දෙනාට අහුවෙලා," ඔහු පැවසීය.

ලබන මහා සභාවේදී මේ පිළිබඳව විරෝධය පළ කරන අතර, සභාපතිවරයාගේ ක්‍රියා කළාපය හෙළා දකින බවද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව කළ විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකාරක අජිත් ගිහාන් ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස සභාපතිවරයාගේ මේ ක්‍රියාව දැඩිව හෙලා දකින බවය.

"පාස්කු දින ප්‍රහාරය මුල් කරගනිමින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්තනෝමතිකව මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට සිදුකරන බලපෑම සම්බන්ධව අපි අපේ මුලික විරෝධය ප්‍රකාශ කරනවා. අපේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා මේ පිළිබඳව මා දැනුවත් කර ඔවුන්ගේ විරෝධය මේ පිළිබඳව පළ කර තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ජාතික සමගියට බලපාන අතර මෙවැනි තත්වයන් වර්ධනය වීමට ඉඩ නොහැරීම අපේ වගකීමක්. ඒ වගේම පොලිසිය මේ පිළිබඳව ඉක්මන් පියවරක් ගැනීම පිළිබඳව සතුටු වන අතර මේ පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයන්ගේද අවධානය යොමු විය යුතුයි."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ජගත් පියංකර ප්‍රකාශ කළේ එකී පියවර සභාවේ මතය නොවන බවය.

එය, පසුගිය සඳුදා දිනයේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වෙළෙඳුන් කීප දෙනෙකු දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීමත් සමග ඇතිවූ ගැටලුවක් නිරාකරණය කිරීම සදහා සභාපතිවරයා විසින් ගත් තාවකාලික පියවරක් බව ද ඔහු පැවසීය.

"මේ වෙළෙන්දෝ අසරණයි. අපි කියන්නේ නැහැ මේ අයට පොළට එන්න දෙන්න එපා කියලා. නමුත් බහුතර වෙළෙඳ ප්‍රජාව ඉල්ලනවා මේ වෙළෙඳුන්ට එන්න දෙන්න එපා කියල."

 

'පොහොට්ටුවේ තීරණයක් නොවේ'

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සතුය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන පියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එකී පියවර පොදුජන පෙරමුණේ තීරණයක් නොවන බවය.

සභාපතිවරයාගේ තීරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව තමාගේ පුද්ගලික මතය බව ප්‍රකාශ කළ පියංකර ජයරත්න හිටපු ඇමතිවරයා මේ පිළිබඳව පක්ෂය දැනුවත් කරන බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂය හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර පොලිසිය වෙත ඉදිරිපත් කළ ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

 

සමාජ ජාල ඔස්සේ සංවාදයක් :

මෙම සිදුවීම පිළිබඳව බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ සංවාදයක නිරතව සිටිති.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ඉල්ලීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇති මුදල් ඇමති මංගල සමරවිර මෙසේ සටහන් කර තිබේ.

''වෙන්නපුවෙත් වර්ගවාදය; මහින්ද රාජපක්ෂ යටතේ තිබෙන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන සතිපොළ මුස්ලිම් වෙළදුන්ට තහනම් කර ඇත. ලැජ්ජයි !''

Mangala post

 Methmali post 

Prasanna post 

Upul post

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :
රාජපක්ෂලාගේ වර්ගවාදය වෙන්නප්පුවටත් එයි! : “ලැජ්ජයි! නින්දිතයි“

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්