leader s


මුස්ලිම්වරුන්ට දංකොටුව සතිපොළේ වෙළෙඳාම් තහනම් කරයි 


මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට දංකොටුව සතිපොළ භූමියෙහි වෙළෙඳාම් කටයුතු තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති, කේ.වී. සුසන්ත පෙරේරා විසින් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන් ඉල්ලික් කර තිබේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ 'පොහොට්ටු' පක්ෂයටය.

'සතිපොළෙහි සාමාකාමී වාතාවරණය ආරක්ෂාකර ගැනීම සම්බන්ධවයි' යන ශීර්ෂයෙන් යුතු එම ලිපියෙහි මෙසේ සඳහන් වේ.

''දකොටුව සතිපොළ දැනට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන අතර රට තුළ පසුගිය කාලයේදී සිදුවූ අන්තවාදී ක්‍රියාවන් හේතුවෙන් විවිධ ප්‍රදේශවල ගැටලු පැනනැගී ඇත. 

මේ වන විට දංකොටුව සතිපොළ භූමියට පැමිණෙන වෙළෙඳ ප්‍රජාව අතර මුස්ලිම් ප්‍රජාවද සිටින බැවින් ප්‍රදේශවාසීන් හා වෙළෙඳ ප්‍රජාවගේ දැඩි විරෝධතාවය මා වෙත ප්‍රකාශ කර ඇති අතර එය පවත්නා සාමකාමී වාතාවරණයට බලපෑමක් සිදුකිරීමට ඉඩ ඇති බව මාගේ හැඟීමයි.

එබැවින් දැනට බලප්‍රදේශය තුළ පවත්නා සාමකාමී වාතාවරණය තවදුරටත් ආරක්ෂාකරගත යුතුව ඇති බැවින් මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට තාවකාලිකව දංකොටුව සතිපොළ භූමියෙහි වෙළෙඳාම් කටයුතු තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙයින් දැනුම් දෙමි.''

d24dfe99 92b8 4682 a390 9b99a629090a
කෙසේවුවද පොළවල් හා ජංගම වෙලදම් කරන අයට බාධා කිරිම මුලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව මානව හිමිකම් කොමිසම ජුනි 12 දා සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබිණ.

අදාල දැනුම්දීම මෙතනින්

ඇමති මංගලගේ විරෝධය :

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ඉල්ලීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇති මුදල් ඇමති මංගල සමරවිර මෙසේ සටහන් කර තිබේ.

''වෙන්නපුවෙත් වර්ගවාදය; මහින්ද රාජපක්ෂ යටතේ තිබෙන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන සතිපොළ මුස්ලිම් වෙළදුන්ට තහනම් කර ඇත. ලැජ්ජයි !''
PIC MS tweet tweet 1
සමාජ මාධ්‍ය විරෝධය :
මේ අතර මෙම කාරණය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති ප්‍රසන්ත බණ්ඩාර ''එක රටක එක නීතියක් ඉල්ලන මිනිස්සුන්ගෙන් නීති දෙකක්'' යයි සඳහන් කර තිබේ.

Prasad
ජීවනී කාරියවසම් සිය FB පිටුවේ තම විරෝධය පළකර ඇත්තේ, ''මෙය රටේ මූලික නීතියට එකග ද ?'' කියා විමසමිනි.

Jeevani
ඒ අතර දයා නෙත්තසිංහ පොස්ටුවක් පළකරමින්, ''වෙන්නප්පුව...ප්‍රාදේශීය සභාව ගත් අශීලාචාර අසෝබන නින්දිත තීරණය හෙලාදකිමු...'' යයි සටහන් කර තිබේ.

Daya
පිලිප් ශාන්ත ද සිය FB පිටුවේ සටහනක් තබමින් ''දංකොටුව සති පොල භූමියෙන් මුස්ලිම් වෙළෙන්දන් ඉවත් කිරීම තරයේ හෙලා දකිමු'' යයි සිය විරෝධය සටහන් කර තිබේ.
Philip

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්