The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ - සිඩ්නි චන්ද්‍රසේකර සමුදෙයි

T

The Leader Desk

November 14, 2020 • 8:00 AM

 ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ - සිඩ්නි චන්ද්‍රසේකර සමුදෙයි   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 61කි.
  • එදවස සිඩ්නි ජාතික රූපවාහිනීය වෙනුවෙන් නිදිකුම්බා මල් ටෙලි නාට්‍යය නිර්මාණය කරන අවදියයි.
  • ක්ලැරන්ස් එහිදී සිඩ්නිට මෙසේ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 61කි.
 
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
 
සිඩ්නි ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය. 
 
ඔහු 'සිරස' නිව්ස්ෆස්ට්හි උපදේශකවරයකි.
 
අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර ටෙලි නාට්‍ය රාශියක් නිර්මාණය කළා සේම ටෙලි නාට්‍ය තේමාගීත රචනයේ දක්ෂයෙකු විය. 
 
'ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ' ඔහුගේ රචනයට රූකාන්ත ගුණතිලක ගැයූ අතිශය ප්‍රකට ගීතයකි.
 
පසුගිය කාලයේ ප්‍රකට වූ “නැගිටිමු ශ්‍රී ලංකා” තේමා ගීතය ද ඔහු විසින් රචිත එකකි. 
 
'අනන්තයෙන් ආ තරු කුමාරා' . 'මේ ආදරයයි'.'ප්‍රේම දඩයම' වැනි ටෙලි නාටක සඳහාද ඔහු තේමා ගීත රචනා කළේය.
 
 ටීවී වන් නාලිකාවේ ඔහු ඉදිරිපත් කළ ප්‍රවීණ කලාකරුවන්ගේ බිරියන් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ 'සුන්දර බිරිඳ 'වැඩසටහනද අතිශය ජනප්‍රිය විය.
 

 
අමරදේව- ක්ලැරන්ස් හා සිඩ්නි
 
අමරදේව මාස්ටර් , ක්ලැරන්ස් හා සිඩ්නි සම්බන්ධ අපූරු කතාවක් වෙයි.
 
එදවස සිඩ්නි ජාතික රූපවාහිනීය වෙනුවෙන් නිදිකුම්බා මල් ටෙලි නාට්‍යය නිර්මාණය කරන අවදියයි.
 
සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් තෝරාගෙන තිබුනේ ක්ලැරන්ස් ‍ය.
 
මේ වන විට ක්ලැරන්ස් ගේ කකුලේ ඇඟිල්ලක් කපා ගෙදරින් පිටතට නොයන තත්ත්වයක් තිබුණි.
 
ක්ලැරන්ස් වැඩේ බාරගත්තේ සිඩ්නි වෙනුවෙනි.
 
ක්ලැරන්ස් එහිදී සිඩ්නිට මෙසේ පවසයි.
 
" මට තව තියෙන්නේ අවුරුද්දක් ද දෙකක් ද කියන්න බැහැ...මට කරගන්න බැරි වුණු එක දෙයක් තියෙනවා .. ඒ අමරදේව මහත්තයාට සිංදුවක් හදන එක ..."
 
ඒ අනුව එවකට රූපවාහිනීයේ සංගීත උපදේශකයකු වූ අමරදේවයන් ට නිදිකුම්බා මල් ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගැයීමට ඇරයුම් කරන්න ලදි.
 
අමරදේව - ක්ලැරන්ස් මේ අපූරු සුසංයෝගය සදහා එදා මූලික වුයේ සිඩ්නි චන්ද්‍රසේකර ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ - සිඩ්නි චන්ද්‍රසේකර සමුදෙයි | The Leader