The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

මඩු දේවස්ථානයට ෂෙල් ගසා යුද අනාථයන් 37 ක් මරා දමා අවුරුදු 21ක්

T

The Leader Desk

November 20, 2020 • 7:38 AM

මඩු දේවස්ථානයට ෂෙල් ගසා යුද අනාථයන් 37 ක් මරා දමා අවුරුදු 21ක්     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් පැවසූ පරිදි වවුනියා රෝහල වෙත ගෙන යන අතරමගදී තවත් තුවාල කරුවන් සිව් දෙනෙක් මිය ගියහ.
  • සහන සේවකයන් ජනමාධ්‍ය වෙත කියා තිබුනේ යුද ගැටුම් නිසා පැය හතරකට වැඩි කාලයක් තිස්සේ එම ස්ථානයට පිවිසීමට නොහැකි වීම නිසා තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් හදිසි ප්‍රථමාධාර නොලැබීමෙන් සිදුවූ නොකඩවා ලේ වැගිරීම නිසා මරණයට පත්ව ඇති බවයි.
  • මන්නාරම රදගුරුගේ ප්‍රකාශය මන්නාරම රදගුරු ආචාර්ය රායප්පු ජෝශප් මන්නාරම රදගුරු ආචාර්ය රායප්පු ජෝශප් විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක මෙසේ සදහන් කර තිබුණි.
  • “මඩු මෑණියන්ගේ පූජනීය දේවස්ථානය කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වූයේ 1999.11.20 දින රාත්‍රී 10 ට පමණය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔවුන් පැවසූ පරිදි වවුනියා රෝහල වෙත ගෙන යන අතරමගදී තවත් තුවාල කරුවන් සිව් දෙනෙක් මිය ගියහ.
 
සහන සේවකයන් ජනමාධ්‍ය වෙත කියා තිබුනේ යුද ගැටුම් නිසා පැය හතරකට වැඩි කාලයක් තිස්සේ  එම ස්ථානයට පිවිසීමට නොහැකි වීම නිසා තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් හදිසි ප්‍රථමාධාර නොලැබීමෙන් සිදුවූ නොකඩවා ලේ වැගිරීම නිසා මරණයට පත්ව ඇති බවයි.
 
මන්නාරම රදගුරුගේ ප්‍රකාශය
rayappu joseph a4d92539 2a5a 4fc7 9e49 825bfb490cb resize 750                                                  මන්නාරම රදගුරු ආචාර්ය රායප්පු ජෝශප්
 
මන්නාරම රදගුරු ආචාර්ය රායප්පු ජෝශප් විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක මෙසේ  සදහන් කර තිබුණි.
 
 “මඩු මෑණියන්ගේ පූජනීය දේවස්ථානය කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වූයේ 1999.11.20 දින රාත්‍රී 10 ට පමණය. ඒ 300 ක් පමණ වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළුන් සිද්ධස්ථාන භූමියේ සිටියදීය.” 
 
  “සරණාගතව පැමිණි සිවිල් වැසියන් 3500 කට අධික සංඛ්‍යාවක් එහි සිටි අතර ඔවුන් සියල්ලෝම ප්‍රධාන දේවස්ථානයේ හා යාබද දිව්‍ය හෘදයේ දෙව්මැදුරේ නිදා සිටියහ.”
 
 “මඩු දිව්‍ය හෘදයේ දේවස්ථානයේ නිදා සිටි සාමාන්‍ය වැසියන් 31 දෙනකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් 13 දෙනකු ළමුන් ය. 64 දෙනකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් වවුනියා රෝහලට ගෙන යන අතර මගදී තවත් 04 දෙනකු මියගොස් තිබේ.”
 
 madu church before and after
“මඩු දිව්‍ය හෘදයේ දේවස්ථානයේ නිදා සිටි සාමාන්‍ය වැසියන් 31 දෙනකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් 13 දෙනකු ළමුන් ය. 64 දෙනකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් වවුනියා රෝහලට ගෙන යන අතර මගදී තවත් 04 දෙනකු මියගොස් තිබේ.”
 
මඩු පූජනීය හෘද දේවස්ථානයේ විනාශයට අමතරව, ප්‍රධාන දේවස්ථානයේ කොටසකට ද විශාල හානියක් සිදුවී ඇති අතර, මේ සිදුවීම මුළු මන්නාරම් පල්ලියටත් සහ ශ්‍රී ලංකාවටමත් කණගාටුවට කරුණක් බවත්,  කතෝලිකයන්ට මෙන්ම මේ රටේ සියලුම පුරවැසියන්ට ඉතා ආදරණීය තැනක් වූ මේ පූජනීය ස්ථානය; ගතවූ වසර 450 ක ඉතිහාසයේ කිසි දිනෙක නොඇසූ විරූ මෙවන් අපකීර්තියකට ලක් වනු දැකීමට ජනතාවට සිදුවී ඇති බවත් මන්නාරම රදගුරු හිමිපාණෝ කියා සිටියහ.
 
 එක් වාර්තාවක් කියා සිටියේ තලයාඩි සිට දැඩි කාලතුවක්කු හා මෝටාර් වල ආවරණය ලබමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 20 දා මඩු වෙත පැමිණි බවයි.
 
 එසේ 1999 නොවැම්බර් 20 දින, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වනාන්තරය හරහා පල්ලිය දෙසට ගමනේ යෙදෙමින් සිටියේ දිගින් දිගටම වෙඩි තබමිනි.
 
කෙලවරක් නැති වෙඩි හඬින් කම්පිත පාලම්පුට්ටි වැනි අවට ගම්මානවල ජනතාව මඩු පල්ලි භූමියට එක් රැස්වෙමින් සිටියෝය.
 
 
'' 1999 නොවැම්බර් 20 දින, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වනාන්තරය හරහා පල්ලිය දෙසට ගමනේ යෙදෙමින් සිටියේ දිගින් දිගටම වෙඩි තබමිනි. කෙලවරක් නැති වෙඩි හඬින් කම්පිත පාලම්පුට්ටි වැනි අවට ගම්මානවල ජනතාව මඩු පල්ලි භූමියට එක් රැස්වෙමින් සිටියෝය.''
 
 
 ඒ අතර එතැනට ලඟාවූ ගුවන් හමුදා භටයන් ගෙන් රැස්ව සිටි වැසියන්ට අණ ලැබුනේ පල්ලිය තුලට යන ලෙසටයි. අනතුරුව මේ හමුදා භටයන් ෂෙල් වෙඩි ප්‍රහාර ආරම්භ කර තිබේ.
 
 ඒ රාත්‍රී 9.45 පමණ බවට සාක්ෂි තිබේ. 
 
ඒවායින් ෂෙල් වෙඩි දෙකක් පල්ලිය ඉදිරිපිට නුගගස මතට එල්ල වී තිබුණු අතර, තුන්වැන්න එල්ල වූයේ පල්ලිය මුදුනට ය.
 
 අමරසිංහම් ප්‍රහාරය දුටු හැටි:
ෂෙල් වෙඩි ප්‍රහාරය ආරම්භ වන විට එදින මඩු පල්ලියේ ආරක්ෂාව සොයා පැමිණි පිරිසේ සාමාජිකයකු වූ චන්ද්‍රසේකුමාරන් අමරසිංහම් මේ බිහිසුනු ෂෙල් වෙඩි ප්‍රහාරය අත්දුටුවේ ය. 
 
තම ඇස් පනාපිට සිදුවූ ඒ දැරිය නොහැකි මිනිස් ඝාතනය ඔහු විස්තර කර ඇත්තේ මෙසේ ය.
 
 “මම දිගුකාලයක් ජීවත්වුනේ තාතිනපුරම් පාලම්පුට්ටිවල. එදින ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයන් අපිට කියා සිටියේ මඩු පල්ලිය වෙත යන ලෙසයි. එතැනදී ඔවුන් අපව බලා කියා ගන්නා බවත් කීවා. මෙම පණිවිඩය අපිට දුනුම් දුන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිලිබද මහකොමසාරිස් (UNHCR) කාර්යාලය හරහා යි. 
 
ඉතින් අපි හැමෝම පල්ලියට ගියා. එහි ගිය පසු අපට ලැබුණු නියෝග අනුව කිහිප වරක්ම ඇතුලට යන්නටත්, යලි පිටතට විත් යලි ඇතුලට යෑමටත් සිද්ද වුනා. පල්ලිය ඇතුලේ  ලොකු සෙනගත් සිටින බව පෙනුනා. 
 
අන්තිමේ දී ගුවන් හමුදා භටයන් අප සියල්ලන්ම පල්ලිය ඇතුලේ රදවා එහි දොරගුළු ලෑවා. අනතුරුව සන්නද්ධ හමුදාව සන්නාහ සන්නද්ධ වාහන හා යුද්ධ ටැංකි වල නැගී පන්ඩිවිරිච්චාන් පාර දිගේ පැමිණියේ ය. 
 
එම මාර්ගයේ කරදියන් ආරු සිට මඩු කෝවිලට මිනිසුන් ගෙන ආ දුප්පත් මිනිසකුගේ වාහනයක් තිබුණා. ගුවන් හමුදා භටයන් ඒ වාහනය මුළුමනින්ම විනාශ කර දැම්මා”.
 
 “ඔවුන් පැමිණි වහාම පල්ලිය වට කළා. අනතුරුව එතැන සිටි මිනිසුන් කිහිපදෙන්ට පහර දී මරා දමනු දකින්න ලැබුනා. ඒ රාත්‍රියේ 9:45 ට පමණ අපි ගුවන් විදුලියෙන් බීබීසීයට සවන් දෙමින් සිටියදී. පළමු ෂෙල් වෙඩිල්ල කාන්තාවන් නිදා සිටි ස්ථානයට වැටුණු බව පෙනුනා. නිහඩතාවක් ඇති වුනා. තවත් ෂෙල් බෝම්බ වැටීමෙන් පල්ලියේ වහලය මා අවට සිටි පිරිස වෙත කඩා වැටුනා. අනතුරුව මොහොතකට නිහඩතාවයක් ඇති වුනා. අප අවට වැතිර සිටියේ ෂෙල් බොම්බය විසින් නිහඩ කළ අය යි.”
 
 “කුමක් කළ යුතු දැයි අපිට තේරුමක් තිබුනේ නෑ. දහවල් 1.00 ට පමණ මාව හමුදා වාහනයකින් රෝහලට ගෙන ගියා. පස්සේ මට සිහිය ආවා. මගේ අම්මා සහ වැඩිමහල් සහෝදරිය, මාමලා, ඥාති සහෝදරියන් සියල්ලෝම එදින මිය ගියහ. සෑම කෙනෙකුටම සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීමට ග්‍රාම නිලධාරීවරයා අපට උදව් කළා. ඝාතනයට ලක්වූවන් අතර අවුරුදු 3 ක් වයසැති දරුවන් තිදෙනෙකු සහ අවුරුදු 4 ක් වයසැති අය ද වූ බව පසුව දැනගන්නට ලැබුනා.”
 
දිසා අධිකරණ පරීක්ෂණය:
මඩු පල්ලියේ ෂෙල් ප්‍රහාරය පිළිබදව අධිකරණ පරීක්ෂණයක් 1999 නොවැම්බර් 22 දා පෙරවරුවේ මන්නාරම දිසා විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් ඉදිරියේ ඔහුගේ නිල නිවසේ දී පැවැත්විනි. 
 
එහිදී සාක්ෂිදුන් චන්ද්‍රමෝහන් සුහන්දිනී පවසා ඇත්තේ රාත්‍රී භෝජනයෙන් පසු තම දරුවන් සමගින් යේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ දෙව්මැදුරේ සිටි බවයි.
 
 “රාත්‍රී 8 ට පමණ පල්ලිය අවටින් දිගටම වෙඩි තැබීම් සිද්ද වුනා. පැය ගනනක් තිස්සේ. ඒ අතර මම මගේ දරුවන් සමඟ නිදාගත්තේ පල්ලියේ භූමියේ. හමුදාව අපට පැවසුවේ එවේලේ දේවස්ථානයෙන් පිටව නොයන ලෙසයි".
 
 "එදින රාත්‍රී 10 ට පමණ පල්ලිය ඉදිරිපිටව නුග ගස ඉදිරිපිට ෂෙල් වෙඩි පුපුරා යන අයුරු අපි දැක්කා. අපි සියල්ලෝම බියෙන් ගැහෙමින්, වැලපෙමින් පල්ලියේ කොනක සැඟවී ගත්තා. ඊළඟ ෂෙල් වෙඩිල්ල අපි හිටපු තැනම තමා වැටිල තියෙන්නේ. හැමෝම ආවරණයක් සොයා දිව ගියා. 
 
එපමණයි. ඊලගට සිදුවූයේ කුමක්දැයි මට කල්පනාවක් නෑ. පසුව මම කම්පනයෙන් සිහි එලවා ගත් විට, වැතිර තිබූ මල සිරුරු අතර මගේ දරුවන් සිව්දෙනාත් සිටින බව මට පෙනුනා,”යි සුහන්දිනී දිසා විනිසුරුවරයා ඉදිරියේ සිය සාක්ෂියේ දී පවතා ඇත.
 
වන්දනීය ස්ථානවලට දිගින් දිගට ප්‍රහාර:
 
 fcd52fc81cdfd445b40c879ca195ac18e372781c
යාපනයේ මහජන සාමය හා සුහදතාව පිළිබඳ මහජන සභාව ජනාධිපති චන්ද්‍රිකා ගෙන් ඉල්ලා සිටියේ මඩු පල්ලියට එල්ලවූ මේ කාලතුවක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස යි. 
 
 
මේ අතර යාපනයේ මහජන සාමය හා සුහදතාව පිළිබඳ මහජන සභාව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් ඉල්ලා සිටියේ මඩු පල්ලියට එල්ලවූ මේ කාලතුවක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස යි. 
 
අහිංසක සිවිල් වැසියන්ගේ ඝාතනයන්ට වගකිවයුතු මේ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවක සොයාගැනීම් සීමිත කාලයක් තුළ ප්‍රකාශයට පත් කරන ලෙස ද ඔවුන් ඇයගෙන් ඉල්ලා සිටියේ ය.
 
සරණාගත කදවුරු ඉවත් කිරීම:
 
එමෙන්ම, මඩු පල්ලි පරිශ්‍රයේ සරණාගත කඳවුරු ත්‍රිවිධ හමුදාව යොදාගෙන මෙම ප්‍රදේශයෙන් පිටත ගෙනයාමට රජය ගත් තීරණය අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමට හා සිය ගණනක් තුවාල ලැබීමට හේතු වූ අයුරු ද තම ලිපියෙන් යාපනය මහජන සභාව විසින් පෙන්වා දී ඇත.
 
 මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ එල්ටීටීඊය පල්ලියට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවය.
 
 පල්ලියේ ආරංචි මාර්ග හා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූ සරණාගතයන් ගේ සාක්ෂි උපුටා දක්වමින් ජනමාධ්‍ය කියා සිටියේ පසුබැස ගිය ගුවන් හමුදා භට පිරිස් ටැංකි තුවක්කුවක් හරවා ෂෙල් වෙඩි තුනක් පල්ලියට එල්ල කර ඇති බවයි. 
 
වවුනියා රෝහලට ඇතුළත් කළ තුවාල ලැබූවන් සරණාගතයින්ගෙන් පිරුණු පල්ලියටව එසේ වෙඩි තැබූ බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට චෝදනා කර සිටි බව වාර්තා කෙරිණි.
 
 
''පල්ලියේ ආරංචි මාර්ග හා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූ සරණාගතයන් ගේ සාක්ෂි උපුටා දක්වමින් ජනමාධ්‍ය කියා සිටියේ පසුබැස ගිය ගුවන් හමුදා භට පිරිස් ටැංකි තුවක්කුවක් හරවා ෂෙල් වෙඩි තුනක් පල්ලියට එල්ල කර ඇති බවයි. ''
 
දෙමළ ජනමාධ්‍ය CID යට
 
 
සිදු වීම පිළිබද රටම වියවුලට පත් වෙද්දී නොවැම්බර් 24 වැනිදා ජනමාධ්‍ය වාර්තා කලේ මේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් “තිනක්කුරල්” දිනපතා පුවත් පතේ  ප්‍රධාන කර්තෘ හා සහකාර කර්තෘ වරුන් ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන පැය 05 ක ප්‍රශ්න කිරීම් වලින් පසු රාත්‍රී 10 ට පමණ නිදහස් කරනු ලැබූ බවයි.
 
 මඩු පල්ලියට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවට දොස් පැවරෙන අයුරින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තා කිරීමක් පිළිබඳව රහස් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේ. 
 
රහස් පොලිසිය ඔවුන්ට පවසා ඇත්තේ මෙම වාර්තා විමුක්ති කොටින්ට පක්ෂව ලියැවී ඇතැයි පෙනෙන බවය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මඩු දේවස්ථානයට ෂෙල් ගසා යුද අනාථයන් 37 ක් මරා දමා අවුරුදු 21ක් | The Leader