කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය උදා වෙද්දී රාජ්‍ය ආයතනයක් තුළදී

කාන්තාවකට පහර දීම සම්බන්ධයෙන් නිලධාරියකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට කෙරෙන බලපෑම් වැඩිවෙමින් පවතී.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියකු, එහි කාර්ය මණ්ඩල සාමාජිකාවකට කිහිප වාරයක් පහරදෙන ආකාරය දැක්වෙන දර්ශන ඇතුලත් වීඩියෝවක් නොවැම්බර් 24 අඟහරුවාදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනි.

ඉංජිනේරුවකු ලෙස හඳුනාගෙන ඇති එම පිරිමියාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළහොත් එය නරක පුර්වාදර්ශයක් වන බවයි "සිවිල් අපි" සංවිධානය ජනාධිපතිවරයාට සිහිපත් කර දී තිබේ.

එවැනි තත්වයක් ඇතිවීම වහාම වැලැක්විය යුතු බව "සිවිල් අපි" සංවිධානයේ කැදවුම්කරු අසේල සම්පත් අවධාරණය කළේ නොවැම්බර් 25 බදාදා එම සංවිධානයේ පළමු මාධ්‍ය හමුව පවත්වමිනි. 

එම මාධ්‍ය හමුවේදී අසේල සම්පත්  වැඩි දුරටත් ජනාධිපතිවරයාට අවධාරණය කළේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන  සමයේ රාජ්‍ය සේවකයන් ගස් බැන්දද එයට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවු නමුත් මෙවර නිසි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

එම මාධ්‍ය හමුවේදී අසේල සම්පත්  වැඩි දුරටත් ජනාධිපතිවරයාට අවධාරණය කළේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන  සමයේ රාජ්‍ය සේවකයන් ගස් බැන්දද එයට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවු නමුත් මෙවර නිසි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

 

විපක්ෂ නායක ඉල්ලීම

රජයේ නිලධාරිනියකට එරෙහිව කාර්යාලයක් තුලදී කරන ලද  ප්‍රචන්ඩ ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුනේ  කාර්යාලයක සේවය කරන සේවිකාවකට අමානුෂික ලෙස පහරදීමක් සිදුකළ පුද්ගලයාට එරෙහිව කඩිනම් හා දැඩි දඬුවම් ලබා දෙන ලෙසයි. 

මෙම බිහිසුණු සාපරාධී ක්‍රියාව සියලු දෙනා විසින් දැඩි ලෙස හෙළා දැකිය යුතු බවත් විපක්ෂනායකයා පවසා තිබුනි. 

එමෙන්ම එවැනි ක්‍රියාවන්ට දඬුවම් ලබා දෙන නීති ශක්තිමත් කළ යුතු බවත්, රැකියා ස්ථානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සුරක්ෂිතභාවය සහ සුභසාධනය වඩා හොඳින් ආරක්ෂා කළ යුතු බවත් ඔහු  තව දුරටත් අවධාරණය කර තිබුනි. 

 

ඉංජිනේරුවාට ඇප !

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) උඩුගම්පොළ කාර්යාලයේ දී පහරකෑමට ලක්ව ඇත්තේ එහි කළමනාකාර සහකාර නිලධාරිනියක් බවට මාධ්‍ය විසින් වාර්තා කර තිබුනි. 

ඔහු අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සැකකාර ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සේවය අත්හිට වූ බව බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන සභාපති උපාලි කොඩිකාර මාධයවේදීන් හා කියා  තිබේ.

 

සබැඳි පුවත් :

අලුත් වීඩියෝවෙන් හෙළිදරව් වන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය -අජිත් පැරකුම් ජයසිංහ

කාර්යාලයකදී කාන්තාවකට පහරදීමේ වීඩියෝව 'වයිරල්' වේ - පරීක්ෂණ ඇරඹේ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්