ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර දී තිබෙන භාෂණයේ නිදහසට

බරපතල තර්ජනයක් එල්ල කරමින් ආණ්ඩුව තමන්ට එරෙහි විවේචකයන් මර්දනය කිරීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වී තිබේ.

 තමන්ට එරෙහිව මත ප්‍රකාශ කරන්නන් යටපත් කරන්නට ආණ්ඩුව නීතිය යොදා ගන්නා ආකාරය ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කණගාටුව පල කරයි.

 ආණ්ඩු විරෝධි මත පල කරන සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් දෙසීය ගණනක් පස්සෙන් ආණ්ඩුව පන්නමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේ නොවැම්බර් 24 අගහරුවාදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී.

thissaA''ආණ්ඩුව සමාජ ක්‍රියාධාරීන් මර්දනය කිරීමට ගන්නා උත්සාහය පෙන්නුම් කරන හොදම නිදර්ශනයක් ලෙස විපක්ෂයේ  තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙසුණු සිංහල ජාතිකවාදී හිමි නමකට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති  ආකාරයයි.''

ආණ්ඩුව සමාජ ක්‍රියාධාරීන් මර්දනය කිරීමට ගන්නා උත්සාහය පෙන්නුම් කරන හොදම නිදර්ශනයක්  ලෙස විපක්ෂයේ  මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙසුණු සිංහල ජාතිකවාදී හිමි නමකට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති  ආකාරයයි.

 අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  සිදුකළ  බවට චෝදනා කෙරෙන  වංචා කිහිපයක් සම්බන්ධයෙන්  මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ හෙළිදරව්වක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිංහලේ සංවිධානයේ මහලේකම්  මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ විහාරස්ථානය වෙත ගොස් උන්වහන්සේගෙන් ප්‍රශ්න කර තිබුනි.

 

ගිය ආණ්ඩුවෙන් නැති සැලකිලි:

Madille xdaපසුගිය රජය නිර්දය ලෙස විවේචනය කළද කිසි දිනෙක මෙවන් මර්දනයකට මුහුණ නොපෑ බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසති.

ඒ  සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අවධාරණය කර තිබුනේ පසුගිය රජය නිර්දය ලෙස විවේචනය කළද කිසි දිනෙක මෙවන් මර්දනයකට මුහුණ නොපෑ බවයි.

 "ඔච්චර යහපාලනය එක්ක හැප්පිලා. ඒ කාලේවත් C.I.D එකෙන් පන්සලට ආවෙ නැ. ඇමතිලාගේ සහ ගජමිතුරන්ගේ මගඩි හෙලි කළාම දැන් පන්සලට එවනවා CID එකේ OIC ලා. සෞභාග්‍යේ දැක්ම.." එම හිමියන් සිය මුහුණු පොතේ සටහන් කර තිබුනි.

 කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව ආහාර හිඟයකින් පෙළෙන අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට බදු සහනයක් ද සමග වයඹ ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය ආපසු ලබාදී ඇති බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුනි.

'' කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව ආහාර හිඟයකින් පෙළෙන අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට බදු සහනයක් ද සමග වයඹ ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය ආපසු ලබාදී ඇති බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුනි.'' 

රුපියල් කෝටි සිය ගණනක සුරාබදු ගෙවීම පැහැර හැරීම නිසා 2015 වසරේදී මෙම වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබුණු අතර ආණ්ඩු පෙරළියත් සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය දේශපාලන බලය උපයෝගී කරගෙන යළි එය විවෘත කිරීම සඳහා 2020 නොවැම්බර් 16 වනදා සිට අවසර ලබාගෙන ඇති බවයි එහිමියන් එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනේ.
 

වෙබ් අඩවි නියාමනය:

kdfඅන්තර්ජාලයේ පලකෙරෙන දෑ සම්බන්ධයෙන් පාලනයක් පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර ගුරුහරුකම් ගැනීමේ සුදානමක් ..

මානව හිමිකම් රැකීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව කටයුතු කරන ලෙස කෙරෙන ඉල්ලීම් නොතකා හරින ආණ්ඩුව අන්තර්ජාලයේ පලකෙරෙන දෑ සම්බන්ධයෙන් පාලනයක් පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර ගුරුහරුකම් ගැනීමේ සුදානම මේ වනවිට පළකර තිබේ.

වෙබ් අඩවි නියාමනයක් අවශ්‍ය අතර, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී නොවැම්බර් 21  දා එක් වෙමින් ප්‍රකාශ කර තිබුනි.

එහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය  ජී.ඇල් පීරිස් පවසා තිබුනේ වෙබ් අඩවි  පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ අතර, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවයි.

සිංගප්පුරුව විසින් නීතිගත කොට තිබෙන POFMA යන කෙටි නමින් හැඳින්වෙන අන්තර්ජාලයේ අසත්‍ය සහ මෙහෙයවීම් වලින් ආරක්ෂා කිරීමේ පනත පන්නයේ  නීති ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයේ නිදහසට අහිතකර බවට මාධ්‍ය නිරීක්ෂකයෝ බිය පල කර සිටිති.  

''සිංගප්පුරුව විසින් නීතිගත කොට තිබෙන POFMA යන කෙටි නමින් හැඳින්වෙන අන්තර්ජාලයේ අසත්‍ය සහ මෙහෙයවීම් වලින් ආරක්ෂා කිරීමේ පනත පන්නයේ  නීති ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයේ නිදහසට අහිතකර බවට මාධ්‍ය නිරීක්ෂකයෝ බිය පල කර සිටිති. ''
 

SanjanaH 1“ප්‍රකාශනයේ නිදහසට විනාශයක් ලෙස සලකුණු වී ඇති 19 මැයි මාසයේ සම්මත කරගන්නා ලද POFMA පුද්ගලිකත්වයට මහත් බලපෑමක් කරන අතර ප්‍රජාතන්ත්‍රීය සාරධර්ම වලට හරස්ව යන දේ කිරීමට සමාජ මාධ්‍ය සමාගම් වලට බලපෑම් කරයි,” යනුවෙන් සංජන හත්තොටුව ට්වීට් කර තිබුණි.

වෙබ් අඩවි තහනම් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පසුගියදා  පැවති මාධ්‍ය හමුවකදී හෙළි කර තිබුනි.

පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ ගසමින් අසත්‍ය තොරතුරු පළ කරන කිසිදු ලියාපදිංචියක් නොමැති වෙබ් අඩවි කිහිපයක් ඇති බව ද ඔහු එහිදී සිහිපත් කර තිබුනි.

එවන් වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන මතයේ රජය සිටිනා බව පැවසු ඔහු එය සිදුකරන්නේ රජය වෙනුවෙන් නොව රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් බවද පවසා තිබුනි.

 

 

සබැඳි පුවත් :

වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමේ සුදානමක් ! - BBC වෙබ් අඩවිය ගැනත් සෝදිසියෙන්!!

පාස්කු ඉරිදා ප්‍රහාරය : මෛත්‍රී සමග සාකච්ඡා කළ BBC මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කරයි.

ඉමිටියාස් කියපු ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව 

"සිංගප්පූරු පන්නයේ වෙබ් අඩවි මර්දනයකට ආණ්ඩුව සැරසෙනවා": රසික ජයකොඩි

මාධ්‍යට එරෙහි දඩයම නවත්වන්න - විපක්ෂ නායක ආණ්ඩුවට කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්