The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
පුවත්

වකුගඩු රෝගීන් 5,000කගේ පොරොත්තු ලේඛනය කැඩීමට මීරිගමෙන් නව මෙහෙයුමක්! - ප්‍රකට දානපතියෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය ගෙන් සුවිශේෂී පරිත්‍යාගයක්

T

The Leader Desk

July 12, 2026 • 3:45 PM

වකුගඩු රෝගීන් 5,000කගේ පොරොත්තු ලේඛනය කැඩීමට මීරිගමෙන් නව මෙහෙයුමක්! - ප්‍රකට දානපතියෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය ගෙන් සුවිශේෂී පරිත්‍යාගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 20ක් තිස්සේ හිරවී තිබූ මධ්‍යස්ථානය මාස 3න් ජනතා අයිතියට
  • කාර්යක්ෂම පරිපාලනය: වසර 20ක් තිස්සේ විවිධ බාධා මැද ප්‍රසූත කරගත නොහැකිව තිබූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, නව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වී තිබේ.
  • නීති සහ ප්‍රඥප්තිවලට මුවා වී පොරොත්තු ලේඛන පවත්වාගෙන යමින් ජනතාව පීඩාවට පත් කරන ක්‍රමය වෙනස් කොට, පවතින මානව හා භෞතික සම්පත්වලින් උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජන ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.
  • මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ සහ චමින්ද ලලිත් කුමාර ඇතුළු ආරාධිතයන් පිරිසක් එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


"නීතිවලට මුවා වී ජනතාව බිල්ලට දෙන යුගය අවසන්" - සෞඛ්‍ය පද්ධතියේ පවතින ඌණ උපයෝජිත සම්පත්වලින් උපරිම ඵල නෙළීමේ පළමු පියවර වෛද්‍ය නලින්ද ජයතිස්ස තබයි

දිවයිනේ ඕනෑම රෝගියෙකුට ප්‍රතිකාර ලැබීමේ මධ්‍යගත පහසුකම්; දානපති නහිල් විජේසූරිය සහ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් (SLAUS) නවීන තාක්ෂණික දායකත්වයක්


මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රෝගීන් 5,000කට අධික පිරිසක් මුහුණ පා සිටින දීර්ඝකාලීන පොරොත්තු ලේඛන අර්බුදයට ස්ථිර ප්‍රායෝගික විසඳුමක් දෙමින්, මුළු දිවයිනටම සේවා සැලසිය හැකි "මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය" අද (ජූලි 12) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මීරිගම මූලික රෝහල් පරිශ්‍රයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

වසර 20ක ප්‍රශ්නයට මාස 3ක උපායමාර්ගික විසඳුම

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, සීමිත ශල්‍යාගාර පහසුකම් සහ නවීන එන්ඩොයුරොලොජිකල් (Endourological) තාක්ෂණයට ඇති අවහිරතා හේතුවෙන් රෝගීහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටියහ.

කාර්යක්ෂම පරිපාලනය:
වසර 20ක් තිස්සේ විවිධ බාධා මැද ප්‍රසූත කරගත නොහැකිව තිබූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, නව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වී තිබේ.

විවෘත ශල්‍ය වෛද්‍ය ප්‍රවේශය:
මෙම නව මධ්‍යගත ක්‍රමවේදය යටතේ රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරයෙකුට සිය රෝගීන් මීරිගම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන විත්, එහි ඇති නවීන පහසුකම් උපයෝගී කරගනිමින් කාර්යක්ෂමව ශල්‍යකර්ම සිදු කිරීමේ අවකාශය සලසා දී ඇත.

 

රාජ්‍ය සේවයේ ඌණ උපයෝජිත සම්පත් සහ පෞද්ගලික අංශයේ දායකත්වය

ඇමතිවරයාගේ දැඩි ස්ථාවරය:
මෙරට සෞඛ්‍ය සේවාව තුළ නිසි සැලසුමකින් තොරව ඉදිකර අතහැර දමා ඇති ගොඩනැගිලි (ඌණ උපයෝජිත) සහ මිලදී ගෙන ප්‍රයෝජනයට නොගන්නා වෛද්‍ය උපකරණ රාශියක් පවතින බව උත්සවය ඇමතූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. නීති සහ ප්‍රඥප්තිවලට මුවා වී පොරොත්තු ලේඛන පවත්වාගෙන යමින් ජනතාව පීඩාවට පත් කරන ක්‍රමය වෙනස් කොට, පවතින මානව හා භෞතික සම්පත්වලින් උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජන ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

දේශීය අනුග්‍රහය:
මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (SLAUS) සහ එහි සභාපති මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර
තාක්ෂණික උපදෙස් ලබා දුන් අතර, ප්‍රකට ව්‍යවසායකයෙකු සහ දානපතියෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය විසින් මධ්‍යස්ථානයට අවශ්‍ය නවීනතම වෛද්‍ය උපකරණ සහ තාක්ෂණික පහසුකම් රැසක් නොමිලේ පරිත්‍යාග කර තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ සහ චමින්ද ලලිත් කුමාර ඇතුළු ආරාධිතයන් පිරිසක් එක්ව සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...