පසුගිය මහ මැතිවරණයේදී තමාව පරාජය කරවීම සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු

ගාල්ලෙ කණ්ඩායමක් කුමන්ත්‍රණය කල බවත්, රමේෂ් පතිරණ අදටත් තමාට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ චෝදනා කර සිටියි. 

අමාත්‍ය ධුර ලැයිස්තුවෙන් තමාව කැපුවේ නෙලුම් මාවත කාර්‍යාලය බවට චෝදනා කරන ඇය, '' කලේ කවුද කියලත් දන්නවා. අවශ්‍ය වෙලාවට කියනවා.'' යයි ද කියා සිටියි.
මන්ත්‍රීවරිය එම කාරණා පැවසුයේ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ සමාජ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 

 

''පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ''  

''ගෙදර ගෑස් ලිප ඇරල මාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබුනා. මගෙ ඇගේ ගොඩක් තැන් පිච්චිලයි තියෙන්නේ. ඒ දවස් වල පුරවැසිබාවය පිලිබද නඩු තීන්දුව එන්න තිබුනේ. ඒකට සම්බන්ධ පිරිස් මේ කුමණ්ත්‍රනය කලා යැයි මට සැකයි.' යයි ගීතා එම සාකච්ජාවේදී කියා සිටියාය. 

තමා පාර්ලිමේන්තුවේ කතාකිරිමටවත් කාලය ලබා නොදෙන බවට චෝදනා කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරිය, එවැනි පීඩනයක් හමුවේ තමා මානසික ආතතියට (depression ) ප්‍රතිකාර ලබාගන්නා බවද පැවසුවාය. 

''කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය සනීපාරක්ෂක තුවා නෙමේ. ජාතික ආරක්ෂාව පිලිබද ප්‍රශ්නයයි. මේ පෑඩ් කතාව සම්පූර්ණ බොරුවක්.'' යයි ඇය අවධාරණය කර සිටියි. 

 

''දේශපාලනය නිසා මට මහත්තයයි, දුවයි දෙන්නම නැති උනා.'' 

දේශපාලනයට පිවිසීම නිසා තමාට ස්වාමි පුරුෂයා මෙන්ම එකම දියණිය ද අහිමිවූ බව පැවසු ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය, '' ඒ මොනවා වුනත් මාව ලේසියෙන් වට්ටන්න පුලුවන් ගෑනියෙක් නම් නෙමෙයි.'' යයි ද දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පැවසුවාය. 

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේ හිතට එකගව නොවන බව පැවසු මන්ත්‍රීවරිය,  ''19 වන ව්‍යවස්ථාවෙන් මගේ ස්විස් පුරවැසිභාවය නැතිකරල 20 සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය යලි ඇතිකරලා. අවශ්‍ය අය දැන් සතුටින් ඉන්නකෝ.'' යයි ද පැවසුවාය. 

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේ හිතට එකගව නොවන බව පැවසු මන්ත්‍රීවරිය,  ''19 වන ව්‍යවස්ථාවෙන් මගේ ස්විස් පුරවැසිභාවය නැතිකරල 20 සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය යලි ඇතිකරලා. අවශ්‍ය අය දැන් සතුටින් ඉන්නකෝ.'' යයි ද පැවසුවාය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්