The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
පුවත්

මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමට විරුද්ධව නීතිඥවරුන් උසාවියේ

T

The Leader Desk

December 2, 2020 • 4:00 PM

මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමට විරුද්ධව නීතිඥවරුන් උසාවියේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදුකළ වෙඩිතැබීමෙන් මියගිය එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සාදැමීමට ඇති සුදානමට එරෙහිව ගොනුකරන ලද මෝසමක් සම්බන්ධයෙන් දින දෙකකින් කරුණු විමසීමට අධිකරණය තීන්දු කර තිබේ.
  • වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 2 බදාදා මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥ සේනක පෙරේරා දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීම මගින් මිය ගිය අයට යුක්තිය අහිමි වී බලවත් අසාධාරණයක් සිදු වීමට ඉඩ ඇති බවයි.
  • ඒ සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ලබා දෙන ලෙස නීතිඥ සේනක පෙරේරා සිය මෝසම මගින් වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගලගෙන් ඉල්ලා තිබේ.
  • මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමෙන් මියගිය එකොලොස් දෙනා සහ තුවාල ලද පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා ඥාතීන් හඬා වැලපෙමින් සිටියදී ඔවුන්ගේ සිරුරු පිළිස්සීමේ හැකියාව වක් ඇති බවට සමාජ මාධ්‍ය තුලද කතා බහක් මතු වී තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):
සිදුකළ වෙඩිතැබීමෙන්  මියගිය එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සාදැමීමට ඇති සුදානමට එරෙහිව ගොනුකරන ලද මෝසමක් සම්බන්ධයෙන් දින දෙකකින් කරුණු විමසීමට අධිකරණය තීන්දු කර තිබේ.
 
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 2 බදාදා මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥ සේනක පෙරේරා දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීම මගින් මිය ගිය අයට යුක්තිය අහිමි වී බලවත් අසාධාරණයක් සිදු වීමට ඉඩ ඇති බවයි.
 
ඒ සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ලබා දෙන ලෙස නීතිඥ සේනක පෙරේරා සිය  මෝසම මගින් වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගලගෙන් ඉල්ලා තිබේ.
 
මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමෙන් මියගිය එකොලොස් දෙනා සහ තුවාල ලද පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා ඥාතීන් හඬා වැලපෙමින් සිටියදී ඔවුන්ගේ  සිරුරු පිළිස්සීමේ හැකියාව වක් ඇති බවට සමාජ මාධ්‍ය තුලද කතා බහක් මතු වී තිබුනි.
 
අධිකරණය හමුවේ මෝසම ගොනු කර ඇත්තේ කෝවිඩ් 19 ආසාදිතව මියයන මනුෂ්‍යයන්ගේ සිරුරු පිළිස්සීමට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගය. 
 

killහඳුනා නොගත් "කෝවිඩ් ආසාදිත" මළ සිරුරු පුළුස්ස දමන්නට තීන්දුයි 

මහේස්ත්‍රාත් වරයා මෝසම ඉදිරිපත් කළ නීතිඥයාට දැනුම් දී ඇත්තේ දෙසැම්බර් 4 සිකුරාදා ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු කැඳවන බවයි.

 
එදිනට නීතිපතිවරයාගේ නියෝජිතයෙක් මෙන්ම සෞඛ්‍ය බලධාරියෙක්ද සහභාගි වන බවට මහේස්ත්‍රාත් වරයා දැනුම් දුන් බව නීතිඥවරයා මාධ්‍යවේදීන් හා කියා තිබේ.
 
නීතිඥ සේනක පෙරේරා ගොනු කළ මෝසම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සදහා නීතිඥ නාමල් රාජපක්ෂද සහභාගී වී තිබේ.
 

 
නීතිඥවරුන් දෙපළ පෙන්වා දෙන්නේ කොරෝනාබාධිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබුනද මහර බන්ධනාගාරයේ වෙඩි තැබිමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීම හරහා අපරාධ යුක්තිය යට යෑමක් සිදු වීමට ඉඩ ඇති බවයි.

නීතිඥවරුන් දෙපළ පෙන්වා දෙන්නේ කොරෝනාබාධිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබුනද මහර බන්ධනාගාරයේ වෙඩි තැබිමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීම හරහා අපරාධ යුක්තිය යට යෑමක් සිදු වීමට ඉඩ ඇති බවයි.

 
 
“එකොලහෙන් නමයකට” කොරෝනා
 
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 11 දෙනා අතුරින්  9දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට  පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක  වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සදහන් කරයි.
 
තවත් රැදවියන් දෙදෙනකුගේ  පී සී ආර් පරීක්ෂණ දෙසැම්බර් 2 බදාදා දින සිදු සිදුකිරීමට නියමිත බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
 
මේ වනවිට රාගම  රෝහලේ මළ සිරුරු තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ හඳුනාගැනීමේ ලේඛන ද පිලිස්සීමෙන් විනාශ වී ඇති බැවින්  ඔවුන් කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීම දැඩි අපහසුතාවයක් වී ඇතැයි  අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් මාධ්‍යවේදීන් හා කියා තිබේ.
 
වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් රටේ ඉහලම අධිකරණය විසින් ඉවත දැමීමත් සමග ම ජනාධිපතිවරයා ඊයේ නියෝග ලබා දී තිබුනේ කෝවිඩ් වෛරසය ආසාදිත බව පැවසෙන හඳුනා නොගත් ගණනක් සඳහන් නොවන මළ සිරුරු සංඛ්‍යාවක් පුළුස්සා දමන ලෙසයි.
 
කෝවිඩ් රෝග පාලන කටයුතු භාරව අලුතින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිහිටුවීමට පසුදා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අත්සනින් යුතුව දෙසැම්බර් 1 අඟහරුවාදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතව මිය ගිය හඳුනා නොගත් අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන බවයි.
 
මහර බන්ධනාගාරයේ කෝවිඩ් පැතිරීමට බියේ පැවැත්වූ විරෝධතා මැඩලීමට වෙඩිතබා මියගිය එකොලොස් දෙනා සහ තුවාල ලද පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා ඥාතීන් හඬා වැලපෙමින් සිටියදී සිරුරු පිළිස්සීමේ මෙම තීරණය ගෙන ඇතැයි විපක්ෂය ද  චෝදනා කර තිබුනි.
 
 
විපක්ෂය මහරට
 
SJB Mahara
 
අවම වශයෙන් රැදවියන්  11 දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට අධික ප්‍රමාණයකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ තත්වය විමසීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙක් දෙසැම්බර් 2 බදාදා උදෑසන මහර බන්ධනාගාරය වෙත ගොස් තිබුනි.  
 
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමක් මහර බන්ධනාගාරයට ගොස් එහි සජීවි දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටත් කටයුතු කර තිබුනි.
 
නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, රෝහිණී කවිරත්න, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි හා රෝහණ බණ්ඩාර යනාදී  මන්ත්‍රීවරු මෙසේ මහර බන්ධනාගාරයට ගොස් තිබේ. 
 

 
සබැඳි පුවත් :
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...