The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
පුවත්

සුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!

T

The Leader Desk

December 4, 2020 • 2:59 AM

සුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමගින් ඔවුන් විසින් හෙලිදරව් කරනු ලබන තොරතුරු වසන් කිරීම සදහා එහි පාලනාධිකාරිය විසින් උත්සාහ දරමින් සිටින බවයි වැඩ කරන ජන බලය තව දුරටත් චෝදනා කරන්නේ.
  • සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ ලිපිය මගින් වැඩ කරන ජන බලය අවධාරණය කර ඇත්තේ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව කෝවිඩ් 19 වසංගතය මර්දනය සදහා සෘජු ලෙසම දායකත්වය සපයන සේවාවක් වන නමුත් එහි කාර්යයන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාශයේ සෘජු අධීක්ෂණයක් තිබෙන බවක් පෙනෙන්නට නොමැති බවයි.
  • එසේම 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ ගැටලු පිළිබදව සෘජු වගකීම් හා අදාළ පාලනාධිකාරිය පත්කිරීම පිළිබදවත්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබදව වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත පැවරී ඇති බැවින් ඒ පිළිබදව කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙසත් වෘත්තිය සමිති ඉල්ලා තිබේ.
  • "එසේ නොවන්නේනම් වැඩ කරන ජන බලය වෘත්තිය සමිති මධ්‍යස්ථානය වෘත්තිය සමිති මර්දනයට එරෙහිව සෘජු ක්‍රියාමාර්ගවලට අවතිරණය වන බවද කනගාටුවෙන් දැනුම් දෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):

පවතින අඩුපාඩු සහ තොරතුරු වසන් කිරීම සදහා එහි පාලනාධිකාරිය විසින් වෘත්තීය සමිති ක්‍රියාධරයන් මර්දනය කිරීමට එරෙහිව එහි කාර්යමණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ අවදානමක් මතුවී තිබේ. 

මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින වෘත්තිය සමිති නායකයන් සේවයේ පිහිටවන ලෙස වෘත්තිය සමිති මධ්‍යස්ථානයක් සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි වෙත ලිපියක් යොමු කරමින් "වැඩ කරන ජන බලය" වෘත්තිය සමිති මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ පවතින අඩුපාඩු පිළිබදව හෙළිදරව් වීම වළක්වා ගැනීම සදහා ඒ පිළිබදව අදහස් දක්වන ලද සුවසැරිය ගිලන්රථ සේවාවේ වෘත්තිය සමිති ක්‍රියාධරයන් අත්තනෝමතික ලෙස සේවයෙන් පහකොට මර්දනයට ලක් කර ඇති බවයි.

එමගින් ඔවුන් විසින් හෙලිදරව් කරනු ලබන තොරතුරු වසන් කිරීම සදහා එහි පාලනාධිකාරිය විසින් උත්සාහ දරමින් සිටින බවයි වැඩ කරන ජන බලය තව දුරටත් චෝදනා කරන්නේ.

 සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ ලිපිය මගින් වැඩ කරන ජන බලය අවධාරණය කර ඇත්තේ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව කෝවිඩ් 19 වසංගතය මර්දනය සදහා සෘජු ලෙසම දායකත්වය සපයන සේවාවක් වන නමුත් එහි කාර්යයන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාශයේ සෘජු අධීක්ෂණයක් තිබෙන බවක් පෙනෙන්නට නොමැති බවයි.

''සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ ලිපිය මගින් වැඩ කරන ජන බලය අවධාරණය කර ඇත්තේ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව කෝවිඩ් 19 වසංගතය මර්දනය සදහා සෘජු ලෙසම දායකත්වය සපයන සේවාවක් වන නමුත් එහි කාර්යයන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාශයේ සෘජු අධීක්ෂණයක් තිබෙන බවක් පෙනෙන්නට නොමැති බවයි.''

" කෙසේ නමුත් එම ආයතනය වර්තමාන අමාත්‍ය මණ්ඩලය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේත් සෘජු අධික්ෂණයට පවරා ඇති නමුත් කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍ය නොවන අමාත්‍යවරයකු යටතේ හිතුමතයට රාජකාරි කරනු ලැබු එකී පාලනාධිකාරිය වර්තමාන රජය යටතේ  ද පැරණි පාලනයට අවශ්‍ය පරිදි කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. "

මේ පිළිබදව සැලකිල්ලට ගෙන දැනට වැඩ තහනමට ලක්ව ඇති මයුමි ප්‍රියංගිකා වීරසිංහ, වයි.පී.එම්.එල් සිරිවර්ධන , ආර්.එම්.ආර්.එස් රාජනායක යන වෘත්තිය සමිති ආඥා පනතෙහි, අංක 9426 යටතේ ලියාපදිංචි "1990 සුවසැරිය සේවක සංගමයේ " නිලධාරීන් වහා නැවත සේවයේ පිහිටවන ලෙස වැඩ කරන ජන බලය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබේ.

එසේම 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ ගැටලු පිළිබදව සෘජු වගකීම් හා අදාළ පාලනාධිකාරිය පත්කිරීම පිළිබදවත්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබදව වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත පැවරී ඇති බැවින් ඒ පිළිබදව කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙසත් වෘත්තිය සමිති ඉල්ලා තිබේ.

"එසේ නොවන්නේනම් වැඩ කරන ජන බලය වෘත්තිය සමිති මධ්‍යස්ථානය වෘත්තිය සමිති මර්දනයට එරෙහිව සෘජු ක්‍රියාමාර්ගවලට අවතිරණය වන බවද කනගාටුවෙන් දැනුම් දෙමු. "

"වැඩ කරන ජන බලය" වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයන් වන සිල්වෙස්ටර් ජයකොඩි, රවී කුමුදේශ්, ජෝසප් ස්ටාලින්, කේසර කෝට්ටේගොඩ, ලීනස් ජයතිලක, චින්තක රාජපක්ෂ,උදේනි දිසානායක සහ චින්තක බණ්ඩාර එම ලිපියට  අත්සන් තබා තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...