මෑතක රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සීනි බදු සහනයෙන් ජනතාවට ශත පහක සහනයක් නොලැබුනද
රජයට සිදුව ඇති පාඩුව බිලියන 7ට වැඩි මිසක් අඩු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
 
''ගජමිතුරු සමාගම් නිසා රුපියල් පනහේ බද්ද සත විසිපහට බස්සලා සහනය දුන්නා. සීනි වලින් පමණක් රජයට බිලියන 4ක පමණ බදු මුදලක් අහිමි වුණා. ඔක්තෝබර් 13 වනදා සිට ගත්තොත් සමස්ථ පාඩුව බිලියන 7ට වැඩි මිසක් අඩු නෑ. '' යයි ඔහු අවධාරණය කර සිටියේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමිනි.
 
මේ බදු මුදල් අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබුණද ? ඔහු එහිදී ආණ්ඩුවේ බලධාරීන්ගෙන් විමසා සිටියේය.
 
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබාගත්තේ මේ අකාරයෙන් ම ව්‍යාපාරික ගජමිතුරන්ට හිතුමතේ මහජන මුදල් කොල්ලකෑම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීම යයි ඔහු ආණ්ඩුවට චෝදනා කළේය.
 
''ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන. 
 
මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ විදුලි බල අමාත්‍යංශය විසින් විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාදාමය, නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින්  2002 දී පිහිටුවන ලද ස්වාධින ආයතනයක්.
 
ඔබලාට මතක ඇති පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ සාමාන්‍ය මිල වගේ හතර පස් ගුණයක් වැඩිවූ විදුලි බිල් ආවා. ඒ වෙන්න ගිය අසාධාරණයෙන් ජනතාව බේරුණේ මේ කොමිසම නිසා. 
 
ඒ වගේම තමයි විදුලි ඒකක මිල අසාධාරණ ලෙස  ඉහල දැමීමටත් නොහැකි, මේ කොමිසම නිසා.
 
ඒ කියන්නේ විදුලි මාෆියාවට, විදුලි ගනුදෙනු ආශ්‍රිත දුෂණ වලට මේ කොමිසම බාධාවක්.
 
අන්න කොමිසමේ සාමාජිකයන්ගෙන්  ඉල්ලා අස්වීමේ ලියුම් අරගෙන. දැන් ආයතනය අකර්මණ්‍යයි.'' යයි පැවසු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා, මේ වගේ ආයතන අකර්මණ්‍ය කරන්නේ තමන්ගේ  ගජමිතුරු සමාගම් වලට වාසි සලසන්නද ? කියා යළි යළිත් විමසා සිටියේය.
 
තවදුරටත් ඔහු මෙසේද සඳහන් කළේය.
 
''අවසාන වශයෙන් එක දෙයක් පැහැදිළියි, බොරුවේ ආයුෂ කොටයි. ඔබලාට ජනතාව හැමදාමත් රවටන්න ලැබෙන එකක් නෑ. මේ රට දශමයක්වත් ඉස්සරහට ගෙනියන්න මේ ආණ්ඩුව අසමත්. 
 
ඡන්ද පොරොන්දුවේ සිට අයවැය දක්වාත්, අනිත් සෑම අවස්ථාවකදීත් ආණ්ඩුවම එය ඔප්පු කර තිබෙනවා. 
 
ඉතින් ඒ අසමත් වෙන තරමට ජනතාවගේ බඩට ගහන තැනට ආණ්ඩුවත් වැටී අවසන්. මේ ගතවෙන්නේ එහෙම කාලයක්. 
 
රට බේරගෙන, සෞභාග්‍ය උදාකරන්න කියලා ඇවිත්, දැන් යන ගමන පෙන්නුම් කරන්නේ, නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නැති තැනකටයි.''
 

 
සීනි මාෆියාවේ ගැහිලි !!!
 
එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පසුගිය 08දා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සීනි මාෆියාවේ ගැහිලි හෙළිකළේ මෙසේය.
 
 

 
 
සබැඳි පුවත් :
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්