කොරෝනා ආසාදිතව මිය යන මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු භුමදානය කිරීමට ඉඩම් ලබා දෙන ලෙස
 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මාලදිවයිනෙන් ඉල්ලීමක් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනු දැනුමකින් තොරව බව හෙළි වී තිබේ.
 
 වසංගතයෙන්  මියයන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ අවසන් කටයුතු මාලදිවයිනේ පැවැත්වීමට සහාය දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ඉල්ලීමක් කළ බැව් මාලදිවයින් විදේශ අමාත්‍යවරයා නිවේදනය කර තිබුණි.
 
කෙසේවෙතත්, ආණ්ඩුවේ ප්‍රකාශකයා දැඩි ලෙස කියා සිටියේ රජය එවැනි තීන්දුවක් ගෙන නැති බවයි.
 
“ආණ්ඩුව එහෙම තීරණයක් අරගෙන නැහැ” යි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දෙසැම්බර් 15 අඟහරුවාදා කැබිනට් තීන්දු දැනුම් දෙන අවස්ථාවේ ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමිණි .
 
“ආණ්ඩුව තීන්දු ගන්නේ විද්වත් කමිටුවේ උපදෙස් අනුවයි. අගමැතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නැහැ.”
 
KeheliyaR“ආණ්ඩුව තීන්දු ගන්නේ විද්වත් කමිටුවේ උපදෙස් අනුවයි. අගමැතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නැහැ.”
- ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
 
මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නමද සඳහන් කරමින් එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් තව දුරටත් විමසූ විට රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසා සිටියේ " කැබිනට් ප්‍රකාශකයා ලෙස මගේ දැනුමේ හැටියට, එවැනි කිසිවක් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුනේ නැහැ," යනුවෙනි.
 
කොරෝනා වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් තමන්ගේ මාතෘභූමිය තුල භූමදානයට අවසර නොදෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඒ සඳහා පිටරට ඉඩම් සෙවීමේ උත්සාහය නිල වශයෙන්  අනාවරණය කර තිබුනේ මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා විසිනි.
 
 “කොවිඩ්19න් මියයන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉස්ලාමීය අවසන් වතාවත් මාලදිවයිනේ පැවැත්වීමට සහාය දෙන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව ජනාධිපති මොහමඩ් ඉබ්‍රාහිම් සොලී ආණ්ඩුවේ අදාළ පාර්ශව සමග සාකච්ඡා ආරම්භ කර තිබේ,” යි මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි.
 

Abdulla S

 
 
මාලදිවයින් විදේශ අමාත්‍යවරයාගේ හෙළිදරව්ව ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේවනතුරු පැහැදිලි කිරීමක් කර නැත.
 
රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයන් වෙනත් රටක භූමදානය කිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායකයා මාලදිවයින් ආණ්ඩුවට පෙන්වා දී තිබේ.
 
සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්