පසුගියදා කටුනායක දී විවෘත කරන ලද දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය
වන ගිල්ස් ඉන්ටර්නැෂනල් (Gills International) හි ගවයින් හෝ වෙනත් කිසිඳු සත්වයෙක් ඝාතනය නොකරන බව එහි සභාපති  ව්‍යාපාරික රොෂාන් සොයිසා අවධාරණය කර සිටියි.
 
'' අපේ කම්හලේ ගවයින් මරනබවට පලවී තිබෙන වාර්තා මුළුමනින්ම අසත්‍යයි. මෙහි කිසිම සත්වයෙක් මරන්නේ නැහැ, මරලත් නැහැ. එහෙම අදහසකුත් නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිත් ඒගැන සොයා බලන්න පුළුවන්. මේ ආයතනයෙන් කෙරෙන්නේ පිටින් ගෙනෙන මස්, සකස්කරලා දේශීය වෙළඳපොළට හා විදෙස් රටවලට ආනයනය කිරීම ම පමණයි. '' යයි රොෂාන් සොයිසා පවසා සිටියේ theleader.lk හි ඊයේ දිනයේ (19) දිනයේ පලවී තිබු වාර්තා දෙකක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
'ඉස්සෙල්ලම මගේ බෙල්ල කපලා හරක් මස් ෆැක්ටරිය පටන් ගනිල්ලා' –යයි අප විසින් වාර්තා කරනු ලැබුවේ හිටපු අමාත්‍ය  මර්වින් සිල්වා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකි. 
 
එසේම, 'දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම හා ගව ඝාතන තහනම අතර සම්බන්ධය'. - යන ශීර්ෂයෙන් යුතුව අප වාර්තකරනු ලැබුවේ නවසීලන්තයේ පදිංචි තුෂාර වන්නිආරච්චි ගේ ලිපියකි. කටුනායක පසුගියදා විවෘත කරන ලද දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් මධ්‍යස්ථානය තුළ ගවයින් හෝ වෙනත් සතුන් මැරීමට බලාපොරොත්තුවක් නොවන බව එහි ප්‍රධානියා සඳහන් කර ඇති බව එම ලිපියේ සඳහන් වේ.
 
එම ලිපි දෙකෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් කළ රොෂාන් සොයිසා, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොලට අත්‍යවශ්‍ය සැකසුම් කල ආහාර සැපයීම සඳහා, අලුත් ෆැක්ටරියක් ආරම්භකරනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හා රාජ්‍ය මූල්‍ය ආයතන වල මූල්‍ය සහයෝගයෙන් බවත්, ඒ සඳහා තම සමාගම සතු දේපල රාශියක් ඇපයට තැබීමට සිදුවූ බවත් කියා සිටියේය.
 

Roshan Soizaව්‍යාපාරික රොෂාන් සොයිසා

 
තම ෆැක්ටරිය පිහිටා ඇත්තේ කටුනායක, වලාන සිරි සුමනාරාමය පුරාණ මහ විහාරයට අල්ලපු ඉඩමේ බව සඳහන් කළ ව්‍යාපාරික රොෂාන් සොයිසා, තම ෆැක්ටරිය තුල කිසිඳු හෝ සතෙක් මරන්නේදැයි එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාදුවේ ශාන්ත හිමියන්ගෙන් විමසා බලන ලෙස ද ඉල්ලා සිටියේය.
 
 
ඕමල්පේ සෝභිත හිමියන්ට හා මාධ්‍යවේදීන්ට ආරාධනයක් 
 
''අපේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා කියලා තිබුනා, අපේ ෆැක්ටරියේ ගව ඝාතනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. ඇත්තටම කවුරුහරි උන්වහන්සේට බොරුවක් කියලා තියනවා. මම උන්වහන්සේ ඇතුළු මහ සංඝ රත්නයට ආරාධනා කරනවා, කරුණාකර අපේ ෆැක්ටරියට වැඩලා, මාධ්‍යවල පලවී ඇති පුවත්වල ඇත්ත නැත්ත දැනගන්න කියලා.'' ඔහු සඳහන් කළේය.
 
''මම සාමාන්‍ය මිනිහෙක්. මම තරුනකාලේ අම්මා එයාගේ මලේ විකුනලා දුන්න මුදලත් අරන් ඉතාලියට ගිහින් ඉතාමත් දුෂ්කර තත්වයක් යටතේ ජීවිතය ආරම්භ කරපු කෙනෙක්. එහෙදි තමයි මම රහට උයන්න ඉගෙනගත්තේ. එතැන ඉඳලා මම හුඟක් දුක් මහන්සිවෙලා තමයි අද මේ ඉන්න තත්වයට ආවේ. ඉති එහෙම අමාරුවෙන් යමක් කරන්න දගලන අපි වගේ මිනිස්සුන්ට මේ විදියට සොයන්නේ බලන්නේ නැතුව මාධ්‍යවලින් ගහන එක හරිද ? මම ඇත්තටම හරිම කලකිරීමකින් ඉන්නේ.'' යයි දව්‍යාපාරික රොෂාන් සොයිසා දැඩි කනස්සල්ලෙන් යුතුව කියා සිටියේය.
 
තම ආයතනයේ සේවකයින් 300කට වඩා සේවයකරන බව පැවසු ගිල්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපතිවරයා, තම ආයතනයට අවශ්‍ය මස් ලබන්නේ මැක්‌සි, පුස්සැල්ල, නිව් ඇන්තනිස්, සේලම් හා ක්‍රිස්බෝ යන දේශීය සත්ව ගොවිපලවල් පහෙන් බවද කියා සිටියේය.
 
''තම ආයතනයේ සේවකයින් 300කට වඩා සේවයකරන බව පැවසු ගිල්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපතිවරයා, තම ආයතනයට අවශ්‍ය මස් ලබන්නේ මැක්‌සි, පුස්සැල්ල, නිව් ඇන්තනිස්, සේලම් හා ක්‍රිස්බෝ යන දේශීය සත්ව ගොවිපලවල් පහෙන් බවද කියා සිටියේය.''
 
 
''කිසිම අවස්ථාවක ඌරු මස් යොදාගන්නේ නැහැ.''
 
''එහෙම ගන්න කුකුල් මස් වලින් අපි සොසේජස් හදනවා, දේශීය හා විදේශීය වෙළඳපොළට. අපි කිසිම අවස්ථාවක ඌරු මස් යොදාගන්නේ නැහැ. ගවමස් ගෙන්වන්නේ බ්‍රසීලයෙන්. එහෙම ගෙන ගවමස් පිළිසකර කරලා විදෙස් රටවලට යවනවා. අපේ මුලික ආදායම් මාර්ගය එක. '' ඔහු යළි යලිත් අවධාරණය කර සිටියේය. 
 
''මම සත්තු මරන්නේ නැහැ. මරපු මස් ගෙනෙල්ලා රසට පිළියෙළ කරනවා විතරයි. අනෙක මම හරක්මස් කන්නේ නැහැ. මෙරටේ ගවයින් මරණ අකාරය මට කිසිම ආකාරයකින් අනුමත කරන්න බැහැ . අපේ රටේ ගවයෙක් මරන්නේ, කකුල් හතර ගැටගහලා හිසට යකඩ පොලුවලින් පහරදීලා. එකෙන් ඒ මස් විෂවෙනවා කියල කියනවා. පිටරටවල ගවයින් මරන්නේ උන්වත් නොදන්නා විදියට. ඒ නිසා මම ගවමස් ගේන්නේ පිටරටින් විතරයි. '' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
D0CB7DE2 4EC0 4969 9427 EFBA5D9F47C8
දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව විවෘත කළ මොහොත
 
අංගසම්පූර්ණ හා නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍රෝපකරණ සහිත ගිල්ස් ඉන්ටර්නැෂනල් ආහාර සැකසුම් කර්මාන්ත ශාලාව, දෙසැම්බර් මස 11 දා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතින් විවෘතවිය.
 
සිරිපාල ගම්ලත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, කාන්චන විජේසේකර, ඩී.වී චානක, අරුණ්දික ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර සහ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ද එම අවස්ථාවට එක්ව සිටියේය.
 
'ගිල්ස් ඉන්ටර්නැෂනල් පුද් සමාගම' විසින් මාධ්‍යට නිකුත්කර ඇති නිවේදනයට අනුව, දේශීය ව්‍යාපාරිකයෙක් වන ගිල්ස් ෆුඩ් අධිපති රොෂාන් සොයිසා විසින් 2004 වසරේ ඉතා සුලූවෙන් ආරම්භ කර අද වන විට ජාත්‍යන්තර තලයට පත්ව ඇති ඉතා ඉහළ ප්‍රමිතියකින් ආහාර නිෂ්පාදනය කරන 100% ක් දේශීය ව්‍යාපාරයකි. 
 
එසේම ගිල්ස් වෙළෙඳ සන්නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන ආහාර (Healthy Vegan Sausage)  විදේශීය හා දේශීය තත්ත්ව සහතික යටතේ බෙදාහරිනු ලබයි.
 
මෙම ආයතනය අගය එකතු කරන ලද (Value Added) මාංශ සහ නිර්මාංශ ආහාර වන සොසේජස් වර්ග, මීට් බෝල්ස්, හැම්, බේකන්, නගට්ස්, ඩ්‍රම්ස්ටික්, චයිනීස් රෝල්ස් ඇතුළු නිෂ්පාදන වර්ග 400 ක් පමණ සකසයි.
 
''මෙම ආයතනය අගය එකතු කරන ලද (Value Added) මාංශ සහ නිර්මාංශ ආහාර වන සොසේජස් වර්ග, මීට් බෝල්ස්, හැම්, බේකන්, නගට්ස්, ඩ්‍රම්ස්ටික්, චයිනීස් රෝල්ස් ඇතුළු නිෂ්පාදන වර්ග 400 ක් පමණ සකසයි.''
 
ඔවුන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ජනප්‍රිය කොච්චි සොසේජස්, කලූපොල් සොසේජස්, කරපිංචා සොසේජස්, සුදුලුණු සොසේජස් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති අතර, විශේෂයෙන්ම මාලූ ආශ්‍රිත සොසේජස් නිෂ්පාදනය කරන එකම ආයතනය ද ගිල්ස් ආයතනය වන අතර සෞඛ්‍යයට හිතකර නිර්මාංශ සොසේජස් නිෂ්පාදනයටද ඔවුන් කටයුතු කරමින් සිටී. 
 
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික අවන්හල් ප්‍රමුඛ පෙලේ තරු පන්තියේ හෝටල් මෙන්ම අවන්හල්, ජාතික සහ අන්තර්ජාතික ගුවන් සේවා සඳහා ආහාරපාන සේවා සපයන ආයතනයන් සඳහාද ඔවුන්ගේ නිෂ්පාදන සැපයීම දශකයකට වැඩි කාලයක් ඔවුන් විසින් සිදු කරමින් පවතී. 
 
Gils 2

Gils 1Gils 3

ගිල්ස් ආයතනය දැනටමත් රටවල් කිහිපයකට ඔවුන්ගේ නිෂ්පාදන සපයන අතර මෙම නව නිෂ්පාදනාගාරය මගින් දකුණු ආසියාව හා මැද පෙරදිග රටවල් සඳහාද ඔවුන්ගේ නිෂ්පාදන ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ඉතා සාර්ථක වැඩ පිළිවෙලක් මේවනවිට ආරම්භකර ඇත.
 
ගිල්ස් ව්‍යාපාරික සමූහයේ  ඉදිරි බලාපොරොත්තු වන්නේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉතා කාර්යබහුල පාරිභෝගිකයන් හා ගෘහණියන් සඳහා ඉතා උසස් තත්ත්වයේ ඉක්මනින් පිළියෙළ කලහැකි හා රත් කර ආහාරයට ගත හැකි ආහාර නිෂ්පාදන සිදු කිරීමයි. 
 
මෙම කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විශේෂයෙන්ම කුකුළු මස් සහ අනෙකුත් අමුද්‍රව්‍ය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නා අතර ශ්‍රීලංකාව තුල සැපයීමක් නැති අමුද්‍රව්‍ය හා මාංශ උසස් තත්ත්වයේ ප්‍රමිතිගත ආයතන වලින් ආනයනය කර මෙයින් වැඩි ප්‍රමාණයක් අගය එකතු කිරීමෙන් පසු නැවත ප්‍රති අපනයනය (Re Export) මොවුන්ගේ බලාපොරොත්තුවයි.
 
එසේම මෙම නිෂ්පාදනාගාරයේ ජර්මන් හා යුරෝපියානු තාක්ෂණයෙන් යුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීමට විශේෂයෙන්ම පාසල් සිසුන්ටත්, මාධ්‍යවේදීන්ට මෙන්ම පාරිභෝගිකයන්ටත් අවස්ථාවක් ලබා දීමට විශෙෂ නැරඹුම් මැදිරියක් ද මෙහි ඇති  අතර මෙහි නිෂ්පාදන කටයුතු ඉතා පාරදෘශ්‍ය ලෙසින් දැක බලා ගැනීමට එලෙස ඕනෑම අයකුට ඉඩ සලසා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්