වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි හා පැවති සුපුරුදු ක්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක්‍රියාවට නගමින්
භාණ්ඩාගාරයට හිමිවිය යුතු අතිශය දැවැන්ත ධනස්කන්ධයක් තමන්ට හිතවාදී ව්‍යාපාරික චෞර වළල්ලකට උපයා ගැනීමට ඉඩ සලසමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේය.
 
ඔහු ඒ සම්බන්ධයෙන් වූ විශේෂ අනාවරණයක් සිදුකළේ ඊයේ (22) දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.  
 
“වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි, පැවති ක්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක්‍රියාවට නගමින් තිබෙන බව පැහැදිලියි. වංචාව, දූෂණය, නැවත වටයකින් ඉදිරියට ගෙනෙමින් තිබෙනවා. 
 
රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියෙදී මේ තත්වයට යළි පණදීම විශේෂත්වයක්.
 
 රජයේ ආදායම අහිමි වෙමින් තිබෙනවා.
 
 ආණ්ඩුව තමන්ට හිතවාදී ව්‍යාපාරික චෞර වළල්ලකට අතිශය ධනස්කන්ධයක් උපයා ගැනීමට ඉඩ සලසමින් තිබෙනවා. 
 
මෙවැනි ගනුදෙනු ගණනාවක් පිළිබඳව අයවැය විවාදයේදී මා කරුණු ඉදිරිපත් කළා. 
 
පුවත්පත් ගණනාවක ඒ පිළිබඳව ලිපි පළවී තිබෙනවා. 
 
මහජනයාගේ ධනය රිසිසේ කොල්ල කා ගැනීම සඳහා කරන මේ සෙල්ලම නතර කළ යුතුයි.
 
 අපි ඒ වෙනුවෙන් ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක එම මාධ්‍ය හමුවේදී පැවසිය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මෙසේ ද සඳහන් කළේය.
 
''වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි, පැවති ක්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක්‍රියාවට නගමින් තිබෙන බව පැහැදිලියි. වංචාව, දූෂණය, නැවත වටයකින් ඉදිරියට ගෙනෙමින් තිබෙනවා. ''
 
 
රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියෙදී !
 
රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියෙදී මේ තත්වයට යළි පණදීම විශේෂත්වයක්. 
 
රජයේ ආදායම අහිමි වෙමින් තිබෙනවා. 2020 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1555යි. 
 
නමුත් ණය සහ පොලී වාරිකය පමණක් බිලියන 1854ක් වැය වෙනවා. 
 
ඒ කියන්නේ රජයේ මුළු ආදායම ණය වාරික සහ පොලී වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැහැ.
 
 2021 වසරේ තිබෙන්නේ ඊටත් වඩා භයානක තත්වයක්. ඇස්තමේන්තු කළ මුළු ආදායම බිලියන 1919යි. 
 
ණය වාරික සහ පොලිය ගෙවීමට බිලියන 2117ක් වියදම් වෙනවා. 
 
මෙයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මුළු ආදායම ණය සහ පොලී වාරික ගෙවීමට ප්‍රමාණවත් නැති බවයි. 
 
භාණ්ඩාගාරයේ ගිණුම මේ වනවිටත් බිලියන 541ක බැංකු අයිරාවක් තියෙන්නේ. 
 
මෙහි බර විවිධාකාරයෙන් ජනතාවට පැටවෙමින් තිබෙනවා. 
 
භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, රටේ සම්පත් විකිණීම වැනි විවිධ ක්‍ෂේත්‍රවලින් බලපා තිබෙනවා.
 
 
ගජමිතුරු ව්‍යාපාරික චෞර වළල්ල:
 
පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80ක් හැටියට සඳහන් කළා. ඒ වනවිට රු. 135ට, 140ට තිබුණු සීනි රු. 85 දක්වා අඩුවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදුවිය යුතුව තිබෙන්නේ ආණ්ඩුවට බද්දත් නැහැ, ජනතාවට අඩු මිලට සීනිත් නැහැ. 
 
ඒ අතර ආණ්ඩුව තමන්ට හිතවාදී ව්‍යාපාරික චෞර වළල්ලකට අතිශය ධනස්කන්ධයක් උපයා ගැනීමට ඉඩ සලසමින් තිබෙනවා. 
 
මෙවැනි ගනුදෙනු ගණනාවක් පිළිබඳව අයවැය විවාදයේදී මා කරුණු ඉදිරිපත් කළා. පුවත්පත් ගණනාවක ඒ පිළිබඳව ලිපි පළවී තිබෙනවා.
 
 ජූනි 26වැනිදා සීනිවලට රු. 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූවා. 
 
ඔක්තෝබර් 13වැනිදා මේ බද්ද ශත 25 දක්වා අඩු කළා. 
 
පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80ක් හැටියට සඳහන් කළා.
 
 ඒ වනවිට රු. 135ට, 140ට තිබුණු සීනි රු. 85 දක්වා අඩුවිය යුතුව තිබුණා. 
 
නමුත් දැන් සිදුවිය යුතුව තිබෙන්නේ ආණ්ඩුවට බද්දත් නැහැ, ජනතාවට අඩු මිලට සීනිත් නැහැ. 
 
 
'කෝටි 1000ක බදු ආදායමක් අහිමි වෙනවා.'
 
''කොවිඩ් වසංගතය සඳහා අවශ්‍ය වන එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් රු. කෝටි 1000ක (බිලියන 10) ණයක් ගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මේ පැත්තෙන් භාණ්ඩාගාරයට එමින් තිබුණු රු. කෝටි 1000ක් තමන්ගේ චෞර ව්‍යපාපාරික වළල්ලකට අයථා ලෙස ඉපැයීමට ඉඩකඩ ලබා දෙනවා.''
 
මේ වසර අවසන් වනවිට ආසන්න වශයෙන් සීනි මෙ.ටොන් ලක්‍ෂයක්වත් ආනයනය කරනවා. 
 
දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000ක බදු ආදායමක් අහිමි වෙනවා. 
 
කොවිඩ් වසංගතය සඳහා අවශ්‍ය වන එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් රු. කෝටි 1000ක (බිලියන 10) ණයක් ගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. 
 
මේ පැත්තෙන් භාණ්ඩාගාරයට එමින් තිබුණු රු. කෝටි 1000ක් තමන්ගේ චෞර ව්‍යපාපාරික වළල්ලකට අයථා ලෙස ඉපැයීමට ඉඩකඩ ලබා දෙනවා.
 
එයින් ප්‍රධාන ආයතනයක් තමයි විල්මා ආයතනය (Wilmar Trading).
 
Sajad Basil
ගාලුමුවදොර යුධ හමුදා මුලස්ථානය පිහිටි භුමියේ  Shangri-La හෝටලය ඉදිකිරීමට පළමු පස්පිඩැල්ල කැපීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණි විට විල්මාර්' (Wilmar Trading) සමාගමේ දේශීය කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් විසින් පිළිගත් අවස්ථාව.
 
මේ ආයතනය මේ වනවිටත් සීනි මෙ.ටොන් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. 
 
ෂැංග්‍රිලා එකේ අයිතිකරු සජාඩ් මවුසූන් (Sajjad Mawzoon) 'වියත්මග'ට විවිධ පහසුකම් සපයමින් ක්‍රියා කළ කෙනෙක්. 
 
විල්මා ආයතනය අයිතිකරු ඔහුයි. 
 
ඔහුගේ අතිරේක ලාභයට විශාල මුදලක් ලබා දෙමින් ජනතාවට සහන අහිමි කරනවා. 
 
 
පොල්තෙල් වලින් ගහපු ගැහිල්ලක් ! -මිලියන 175ක අතිරේක ලාභයක් !!
 
සීනි විතරක් නෙවෙයි, පහුගිය ජූනි මස 26වැනිදා ගැසට් නිවේදනයකින් පොල්තෙල් ආනයනය කිරීමේ බදු සම්බන්ධ ගැසට් එකකින් පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද කිලෝ එකකට රු. 150ක් නියම කළා. 
 
එම ගැසට් එක වෙනුවට ජූලි මාසේ 10වැනිදා කිලෝග්‍රෑම් එකකින් රු. 25ක් අඩුකර බද්දක් නියම කළා. 
 
දෙසැම්බර් මස 14වැනිදා නැවත ගැසට් නිවේදනයකින් බද්ද රු. 125ක් කළා. 
 
දෙසැම්බර් 14වැනිදා විල්මා ආයතනයෙන් පොල් තෙල් මෙ.ටොන් 7,000ක් කොළඹ වරායට ගෙනාවා. 
 
ඒ වෙනුවෙන් බදු ගෙව්වේ කිලෝ එකකට රු.100 බැගින්. 
 
මේ ආයතනයට කිලෝ ග්‍රෑම් එකකින් රු. 25ක අතිරේක බදු ලාභයක් උපයා ගන්න ඉඩ දීලා 15වැනිදා සිට නැවත රු.25කින් බද්ද වැඩිකළා. 
 
''විල්මා ආයතනය ප්‍රධාන ආනයනකරුවා හැටියට මෙ.ටොන්. 7,000ක් ආනයනය කර දළ වශයෙන් ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා.''
 
දෙසැම්බර් 14 වැනිදා තුන් දෙනෙක් පොල්තෙල් ආනයනය කළා. 
 
දෙන්නෙක් කුඩා පරිමාණයේ අය. විල්මා ආයතනය ප්‍රධාන ආනයනකරුවා හැටියට මෙ.ටොන්. 7,000ක් ආනයනය කර දළ වශයෙන් ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා.
 
 
කොළඹ වරාය නැගෙනහිර ජැටිය අදානි සමාගමට :
 

Sathak Abdul Kadarඉන්දීය අදානි (Adani Group) සමාගමේ මෙරට නියෝජිතයා වන්නේ ඉන්දීය ජාතික සදාක් අබ්දුල් කාදර් (Sathak Abdul Kadar)  නමැති අයෙක් බව වාර්තාවේ.

 
කොළඹ වරාය නැගෙනහිර ජැටිය අදානි සමාගමට විකිණීම ගැන විශාල සාකච්ඡාවක් තියෙනවා. 
 
අදානි සමාගම ප්‍රධාන ව්‍යාපාර හවුල්කරුවෙක් විල්මා ආයතනය. 
 
වෙබ් අඩවිවල මේ සම්බන්ධතාවය අදානි-විල්මා යනුවෙන් පැහැදිලිව සඳහන් වෙනවා. 
 
අදානි සමාගමට වරාය දෙනවා කියන එක ඇතුළේ තියෙන්නේ විල්මා සමාගම. 
 
බොහෝ ව්‍යාපාරවල හවුල්කරුවා හැටියට අදානි-විල්මා ඒකාබද්ධ සමාගමක් හැටියට ක්‍රියා කරමින් තිබෙනවා. 
 
සීනි ආනයන බදු, පොල්තෙල් ආනයන බදු උස්පහත් කිරීම හරහා වගේම කොළඹ වරාය පැවරීම හරහා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා හවුල්කරුවෙක් කරගෙන තියෙන්නේ විල්මා ආයතනය. 
 
විශාල වශයෙන් වසංගතය පැතිරී යන වෙලාවක ඖෂධ ආනයනය කරන්න සල්ලි නැති රටක, ණය පොලී වාරික ගෙවන්න රජයේ ආදායම ප්‍රමාණවත් නැති වෙලාවක ආණ්ඩුව මහජනයාගේ ධනය තමන්ගේ චෞර වළල්ලට රිසි සේ කොල්ල කන්න ඉඩ සලසා දී තිබෙනවා.
 
විශාල වශයෙන් වසංගතය පැතිරී යන වෙලාවක ඖෂධ ආනයනය කරන්න සල්ලි නැති රටක, ණය පොලී වාරික ගෙවන්න රජයේ ආදායම ප්‍රමාණවත් නැති වෙලාවක ආණ්ඩුව මහජනයාගේ ධනය තමන්ගේ චෞර වළල්ලට රිසි සේ කොල්ල කන්න ඉඩ සලසා දී තිබෙනවා.
 
මේ සිදුවීම්වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ 2015 පරාජයට පත් කරන ලද එම පාලනයේ වංචා-දූෂණ චෞර කණ්ඩායමට මහජනයාගේ දේපොළ රිසි සේ කොල්ලකා ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ පාලනය ඉඩ දෙන බවයි. 
 
මහජනයාගේ ධනය රිසිසේ කොල්ල කා ගැනීම සඳහා කරන මේ සෙල්ලම නතර කළ යුතුයි. 
 
අපි ඒ වෙනුවෙන් ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. 
 
ඒ අතර පොල්තෙල් ආනයනයේදී විල්මා ආයතනය ලබාගෙන තිබෙන මිලියන 175ක අතිරික්ත ලාභය ලබාගන්න රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. 
 
දූෂණයට එරෙහි නිලධාරීන් ඒ වෙනුවෙන් ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා.
 
 ආණ්ඩුවේ චෞරයන්ට එවැනි ලාභ ලබාගන්න තිබෙන ඉඩකඩ අහෝසි කළ යුතුයි කියලා අපි රේගු නිලධාරීන්ට යෝජනා කරනවා.”
0000000

 
 
 
  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්