leader s

 බ්‍රිතාන්‍යයේ පළවන The Sun ටැබ්ලොයිඩ් පුවත්පත විසින් ලංකාවේ කොරෝනා ප්‍රතිකාරයක් ලෙස ජනප්‍රියත්වයට පත්කර ඇති පැනිය සම්බන්ධයෙන් පුවතක් පළ කරමින් කෑගල්ලේ ධම්මික බන්ඩාරගේ ඡායාරූපය වෙනුවට
සුප්‍රකට ගීත රචක ධම්මික බන්ඩාරගේ ඡායාරූපයක් පළකර ඇත.
 
‘දෙවියන්ගේ තෑග්ග’ (GOD’S GIFT)  යන තේමාවෙන් සිරසතලයක් යොදමින් මෙම පුවත්පත විසින් සමාජ ජාලවල පළ වූ කෑගල්ලේ රැස්කන ජනයාගේ සුප්‍රකට ඡායාරූපයක්ද පළ කර ඇත. 
 
දෙවියන් විසින් අනාවරණය කළ බව කියන ‘ආශ්චර්යජනක කෝවිඩ් සුවපත්කරන සිරප් වර්ගයක්’ ලබාගැනීමට 12,000ක් පමණ වඩුකාර්මිකයකුවන ධම්මික බන්ඩාරගේ නිවසට රැස්වූ බව එහි සඳහන්කර ඇත.
 
දෙසැම්බර් 9 වැනිදා ලෝක ප්‍රවෘත්ති යටතේ එම පුවත්පතේ වෙබ් අඩවිය තුළද මෙම පුවත පළකර ඇති නමුත් පසුව එම පුවතට අදාළ ධම්මික බණ්ඩාරගේ ඡායාරූපය නොවන බව දැනගැනීමෙන් පසුව එය ඉවත්කර ඇත.
 
 

sun uk news dhammika bandara 1200x800

පළමුවරට පළ කළ පුවතේ ස්ක්‍රින් සේයාරුවක්
 
 
 sun uk dammika bandara 890x1024
වරද වටහාගෙන ඡායාරූපය ඉවත්කර ඇතත් සබැඳියේ මුල් සේයාරුව ඇත.
 
 
 
(lankaviews.com)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්