විද්‍යුත් හා නව මාධ්‍ය ද ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ විධිවිධාන පුවත්පතට පමණක් සීමා වී ඇති බැවින් පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයතනයක් ලෙසද, මාධ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කෙරෙන මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රතිසංවිධානය කළ යුතු බව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ.
 
 එබැවින් , වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය  කිරීම සදහා නිර්දේශ ලබා ගැනීම පිනිස විද්වත් කමිටුවක් පත් කිරීමටත්, ඒ සදහා අදහස් හා යෝජනා පොදු මහජනතාව වෙතින් හා සිවිල් සංවිධාන වෙතින් ලබා ගැනීමටත්, ඒ අනුව සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ජනවාරි 4 සදුදා අනුමත කළ බව රජය නිවේදනය කර තිබේ.
 
 පුවත්පත් මාධ්‍යයන්ගේ මාධ්‍ය වාර්තාකරණය මගින් ජනතාව වෙත යම් අගතියක් ඇති වීම වැළැක්වීම මෙන්ම ජනමාධ්‍යවේදීන් හා ජනතාව අතර සුහදශීලී සම්බන්ධතාවයක් ඇති කරලීමේ පරමාර්ථයෙන් 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පිහිටුවා ඇති බව ජනවාරි 4 සදුදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
******************************************************
 
The Leader TV පුවත් විකාශය (ජනවාරි 05)

ආණ්ඩු හිතවාදීන්ගෙන් ආණ්ඩුවටම තර්ජන 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්