ජනාධිපතිවරයා වටකර ගෙන සිටින ඩොලර් කාක්කන් නිසා එන ඡන්දෙන් පරාජය වී ගෙදර යාමට පමණක් නොව
ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයක් ඉල්ලන්න බැරි තත්ත්වයක් උදාවනු ඇතැයි පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.
 
එහිමියෝ මෙම අදහස් පළකළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
 
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව එහිදී අවධාරණය කර සිටී උන්වහන්සේ, අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද පැවසූහ.
 
එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටිති.
 
අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බවත් ජනාධිපතිගේ ගෞරවය නැති කරන බවත් උන්වහන්සේ පැවසූහ.
 
මෙම ඩොලර් කාක්කන් නිසා එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න පමණක් නොව ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡුන්දයක් ඉල්ලන්න බැරි වනු ඇතැයිද උන් වහන්සේ වැඩිදුරටත් කීහ.
  

 
 
 ඉන්දීය විදේශ ඇමතිගේ ප්‍රතිචාරය මෙන්න 
 
රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ආ පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි ප්‍රමුඛ ජාතික බලවේග එසේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීමට එරෙහි වෙද්දී ඉන්දීය විදේශ ඇමතිවරයා පවසන්නේ, නැගෙනහිර පර්යන්තයට තම රටේ මැදිහත්වීම ශ්‍රී ලංකාවට දිරිගැන්වීමක් බවයි.
 
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධතා පවත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් සති අන්ත 'වීරකේසරී' පුවත්පතට පවසා තිබේ.
 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් තුනෙන් දෙකකට ඉන්දියාවේ සබඳතා ඇති බවයි.
 
මේ හේතුවෙන් නැගෙනහිර පර්යන්තයේ කොටස්කරුවෙකු බවට ඉන්දියාව පත්වීමෙන් අත්වන වාසි විනිවිදභාවයෙන් යුක්ත බව ඔහු සඳහන් කර තිබේ.
 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වීරකේසරී පුවත්පතට පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයේ කැමැත්තට අනුව ඉන්දියාව සහ ජපානයේ ආයෝජනයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව ඉන්දියාව සතුටුවන බවයි.
 
පර්යන්තයේ අයිතිය තවදුරටත් ශ්‍රී ලංකාව සතුවන බව අවධාරණය කරන ආචාර්ය එස්. ජෙයිශංකර්, ඉන්දියාවේ මැදිහත් වීම දෙරට අතර නාවික හා ආර්ථික සබඳතා ශක්තිමත්වීමට එය හේතුවන් වනු ඇතැයි ද පෙන්වා දී තිබේ.
 
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙය ශ්‍රී ලංකාවේ නැගී සිටීමට අවශ්‍යවන ආයෝජන ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර රටවල්වලින් ආකර්ශනය කිරීමේ සංඥාවක් බවයි.
 
සබැඳි පුවත් :
 

 

 


 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්