කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදය හේතුවෙන්
මේවනවිට දේශපාලන ක්ෂේත්‍රය දවසින් දවස උණුසුම් වෙමින් තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය පාර්ශවයෙන් මෙන්ම ලංකාවේ ජාතිකවාදී බලවේගවල ද දැඩි පීඩනයකට මුහුණදෙමින් සිටියි. 
 
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය ඉන්දීය අදානි සමාගම සමග හවුලේ සිදුකිරීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති තීන්දුවත් සමග ජනාධිපතිවරයාට සහයදුන් ජාතිකවාදී බලවේග ඔහුට එරෙහිව දැඩි ස්ථාවරයකට එළඹ ඇත.
 
මෙම තත්වය හමුවේ වරාය නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව හවුල් කර ගැනීමට පක්ෂ හා විපක්ෂ වශයෙන් පාර්ලිමේන්තුව තුළ ද පිල් දෙකක් නිර්මාණය වී ඇත. එහිදී අති බහුතරයක් මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුලේ පවත්වාගෙනයාමට විරෝධය පළකරමින් සිටිති.
 
ඒ අතරේ, ඉන්දියාවද ඔවුන් සමග ශ්‍රී ලංකා රජය ඇතිකර ගත් ගිවිසුම සම්බන්ධයෙන් හා ලංකාවේ රාජ්‍ය නායකයින් ලබාදී ඇති පොරොන්දු සිහිපත් කරමින් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටියි.
 
 
'අත්තනෝමතිකව ගිවිසුම් කඩන්න බැහැ' 
 
මෙවැනි බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින ජනාධිපතිවරයා ඊයේ පැවති මහජන හමුවකදී කියා සිටියේ, රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තබා ඇති ගිවිසුමක් අත්තනෝමතිකව අහෝසි කිරීමට හැකියාවක් නැති බවයි.
 
ඊයේ (23) පෙරවරුවේ කලුතර, වලල්ලාවිට, යට්ටපාත ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” හත් වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එබව කියා සිටියේ, තම ස්ථාවරය සාධක සහිතව පැහැදිළි කරමිනි.
 
කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තය පිළිබඳව සිදුවන කතිකාව ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා, පසුගිය රජය නැගෙනහිර පර්යන්තය විෂයය කොට ගෙන ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි පෙන්වා දුන්නේය.
 
පසුගිය රජය පිළිගෙන තිබූ MCC ගිවිසුම සම්බන්ධ සිය රජයේ පිළිවෙත අමරිකානු රජයට පැහැදිලි කර දෙනු ලැබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීමේ දී රටේ ස්වෛරීභාවයට හානිවන අයුරින් කිසිදු සම්පතක් වෙනත් රටකට නොදෙන බව අවධාරණය කළේය.
 

Modi Gotabaya

 
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ කළ පළමු චාරිකාවේ දී නැගෙනහිර පර්යන්ත ගිවිසුම ගැන මෝදි අගමැතිවරයා  සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිළි කර දුන් බව ජනාධිපතිවරයා කීය.
 
නැගෙනහිර පර්යන්තය යනු කුමක්ද සහ එහි කාර්ය භාරය කවරේද යන්න විස්තර කළ ජනාධිපතිවරයා,   නැගෙනහිර පර්යන්තයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය ප්‍රති අපනයන ක්‍රියාවලිය බව පෙන්වා දුන්නේය.
 
ප්‍රතිඅපනයන 66%කටම දායක වන්නේ ඉන්දියාවයි. 
 
එබැවින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනයෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරික කාර්යය අවබෝධ කොටගෙන ඉදිරි පියවර සැලසුම් කළයුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
 
ආයෝජන වැඩසටහන යටතේ පර්යන්තයේ පරිපාලනය සහ 51%ක කොටස් හිමිකම ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. ඉතිරි 49%ක කොටස් ආයෝජනයට ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ඉදිරිපත්ව සිටී.
 
ජනතාව තමා බලයට පත් කළේ විශාල බලාපොරොත්තු රැසක් ඇතිව බවත්, වැඩකරනවා මිස ඝෝෂා කිරීම තම ක්‍රමය නොවන බවත් ජනාධිපතිවරයා එහිදී  කියා සිටියේය. 
 
ඉතිරිව ඇති සිව් වසරක කාලය තුල ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට කැපවන බව ද ඔහු අවධාරණයෙන් කීය.
 

මේ අතර එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා තම රජය එකඟ වූ බවට නැගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
 
නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
 
 
මේ අතරේ ජනාධිපතිවරයාගේ 'වියත්මග' සංවිධානයේ ප්‍රධානින් වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පසුගිය මැතිවරණ සමයේදී සිදුකරනු ලැබූ ප්‍රකාශයන් ද මේවනවිට මාධ්‍ය ඔස්සේ යලිත් වටයකින් ප්‍රචාරය වෙමින් තිබේ.

 


 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්