ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව
විමර්ශනයට ලක්ව තිබියදී ජනාධිපතිවරයා තවත් කොමිසමක් පත් කිරීම ලොව මුල් පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක අවධානයට ලක් ව තිබේ.
 
 ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝන වලට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග වලක්වාලීමේ අරමුණින් සිදු කෙරෙන මෙවැනි “අපකීර්තිමත් ප්‍රයත්නයන්ට” විදේශ ආණ්ඩු අවනත නොවිය යුතු බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය (HRW) නිකුත් කළ අලුත්ම වාර්තාවකින් කියා සිටින්නේ.
 
 ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් පිළිබඳව පෙර පැවති කොමිසම් විසින් කරාන ලද විමර්ශන පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුතින්  ත්‍රිපුද්ගල කොමිෂන් සභාවක් පත් කර තිබේ.
 
 මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කර ගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ කොමිසම පත් කිරීමේ ගැසට් නිවේදනය ජනවාරි 21 නිකුත් කර තිබුනි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම කොමිසම පත් කර ඇත්තේ මානව හිමිකම් රැකීම සඳහා ශ්‍රී ලංකාව දී ඇති පොරොන්දු ඉටු කර ඇතිදැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ලබන මස අග ජිනීවා නුවර දී විමර්ශනය කර බැලීමට නියමිතව තිබියදීය.
 
ලංකාවේ  සිවිල් යුද්ධය පැවැති දශකවල දී මානව හිමිකම් සුරැකීම සදහා එල්ල වන ජාත්‍යන්තර පීඩනය කල් තබාම වළක්වා ගැනීම සදහා මෙවන් වූ අභ්‍යන්තර පරීක්ෂණ කොමිෂන් සභා අඩුමතරමින් දුසිමක්වත් පත් කළ බව පෙන්වා දෙන හියුමන් රයිට්ස් වොච් වාර්තාව අවධාරණය කරන්නේ එම කොමිෂන් කිසිවකුට හෝ නඩු පැවරීමක් සිදු නොකළා සේම තම අතුරුදහන් වූ ඥාතින් සොයා ගැනීමට ඔවුන්ගේ පවුල්වලට උදව් වී නොමැති බවයි.
 
 එම  කොමිෂන් මගින් සොයාගත් දෑ බොහෝ විට ප්‍රකාශයට පත් නොවූවා සේම නිර්දේශ ද කිසි දා ක්‍රියාත්මක නොවුණු බවත් හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.
 
 ජාත්‍යන්තර නිරීක්ෂකයන්, එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ආදීන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයන් ආශ්‍රිත ගැඹුරු ආයතනික ගැටලු පිළිබදව නැවත නැවතත් ඉස්මතු කළ ආකාරයත් හියුමන් රයිට්ස් වොච් සිය නිවේදනය මගින් සිහි ගන්වා තිබේ.
 
 මානව හිමිකම් කවුන්සිලය වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධ කටයුතු වල නියැලී සිටී
 sri lanka army rocket launchers 2 070710AP Photo
 
දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානය සමඟ පැවැති යුද්ධය අවසාන‍යේ දී සිදු වූ සාපරාධී ක්‍රියා 2009 දී ලොව කම්පාවට පත් කළ අතර එක්සත් ජාතීන්ගේ වාර්තා මාලාවකින් එසේ සිදු වූ යුද අපරාධ ගැන සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කෙරුණි.
 
 මීට පෙර පැවති පරීක්ෂණයන්හි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා 2012 දී ජාත්‍යන්තර  මානව හිමිකම් කොමිෂන් සභාව  විසින් යෝජනාවක් සම්මත කරන ලදී.
 
 
ජාත්‍යන්තර මැදිහත් වීමක අවශ්‍යතාව:
 
එය එසේ සිදු නොවූ විට, ජාත්‍යන්තර අපරාධවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මැදහත්වීමක අවශ්‍යතාවය එය විසින් පිලිගන්නා ලද බවයි හියුමන් රයිට්ස් වොච් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
 
 ජාත්‍යන්තර විනිසුරුවන්, නඩු පවරන්නන්, විමර්ශකයන් සහ විත්තියේ නීතීඥයන් සම්බන්ධ වගවීමේ යාන්ත්‍රණයක් ඇතුළුව සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ පුනරාවර්තනය නොවන බවට සහතික කිරීම සඳහා වූ කැපවීම ද ඇතුලත් වූ මානව හිමිකම් කවුන්සිලයේ සම්මුති යෝජනාව සමග 2015 දී ශ්‍රී ලංකාව සම්බන්ධ විය. මන්දගාමී ලෙසින් මුත් ඉන් ප්‍රගතියක් ඇති වූයෙන් එම වරය දීර්ඝ කිරීමට ද කවුන්සිලයට උනන්දු විය.
 
 නමුත් 2019 නොවැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු එම ප්‍රගතියේ මග ඉක්මනින් පසුපසට හැරවු බවටත් හියුමන් රයිට්ස් වොච් චෝදනා කරයි.
 
 "පසුගිය පෙබරවාරියේදී රජය කියා සිටියේ කවුන්සිලයේ යෝජනාව සමග ඇති බැඳීම්වලට තවදුරටත් ගරු කිරීමක් නොකරන බවයි. මේ විශ්මය දනවන්නක් නොවේ".
 
2009
ජනාධිපතිවරයා 2005-2015 කාලයේ ආරක්ෂක ලේකම් වශයෙන්ව සිටියදී රාජපක්ෂ බලය දරුණු අයුතු ලෙස යොදාගැනීම් වලට බොහෝ සෙයින් සම්බන්ධ වුයේ යයි HRW අවධාරණය කරයි.
 
ජනාධිපති වශයෙන් ඔහු අපරාධ චෝදනාවන්ට ලක් ව සිටිනවුන් ජ්‍යෙෂ්ඨ තනතුරුවලට පත් කර ඇති අතර සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සිරදඩුවම් ලබා සිටින සොල්දාදුවන් කිහිප දෙනාගෙන් එක් අයකුට ජනාධිපති සමාව ලබා දුන් ආකාරයත් හියුමන් රයිට්ස් වොච් සිය ලිපිය මගින් සිහි ගන්වා තිබේ.
 
 "ශ්‍රී ලංකාවට පෙරලා පැමිනෙමින් තිබෙන්නාවූ භීතිය; අතීතයේ දී සාපරාධී ක්‍රියාවන්හි ගොදුරු බවට පත්  වූවන්, මානවවාදී ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ පොලිස් විමර්ශකයන් ආදීන් නිහඬ කරමින් තිබේ".
 
 අනතුරුදායක විය හැකි යයි සලකන සුළු ජාතීන්ට ජනාධිපති රාජපක්ෂ හිංසා පීඩා කර ඇති බවට චෝදනා කරන HRW වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, යුද්ධයට ගොදුරු වූවන් සිහිපත් කෙරෙන දෙමළ සිවිල් ස්මාරකයක් ද මේ මාසයේදී  කඩා බිඳ දැමු බවයි.
 
 "අනතුරු ඇඟවීම් සළකුණු ප්‍රකටය. තත්ත්වයන් අඛණ්ඩව අධීක්ෂණය කිරීම මෙන්ම අනාගත නඩු පැවරීම් සඳහා සාක්ෂි එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සහතික කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය නව යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා වැදගත්."
 
 ශ්‍රී ලංකා ආණ්ඩුවේ නවතම වහසිබස් වලට හෝ බොරු පොරොන්දු වලට කවුන්සිලයේ සාමාජික රටවල් වසඟ නොවිය යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉල්ලා සිටි.
 
 
සබැඳි පුවත් :
 
 
 
 

 

 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්