කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි
රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇතැයි සමාජ මාධ්‍ය මාධ්‍ය වල පලවී ඇති වාර්තා ජනතාව නොමඟ යැවීමේ අදහසින් සිදු කළ මුළුමනින්ම අසත්‍ය ප්‍රචාර බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ඇමතිවරියගේ මාධ්‍ය ලේකම්, විරාජ් අබේසිංහ විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
 
වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
 
කොව්ඩි වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ජීවිත අවදානම ද නොතකා වෛරසය එරෙහිව සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට හා ඊට අදාල වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර, එලෙස රටේ ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට කැපවී කටයුතු කර අද වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබදව මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය කරමින් පළ කිරීම ජනතාව විසින් ද කිසිසේත් අනුමත නොකරනු ලබන බව ඇමතිවරියගේ මාධ්‍ය ලේකම්, විරාජ් අබේසිංහ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 


 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image