73 වසරක නිදහස සමරණ අපේ රට සාපේක්ෂව ලබා ගත් ජයග්‍රහණ ප්‍රමාණවත් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.
මේ රට දියුණු කරන්න පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍ය බව පවසන ඇමතිවරයා, නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලැබුවෙක් ලෙස තමා ඒ සඳහා සිය දායකත්වය දීමට සුදානම් බව ද කියා සිටියි.
 
මෙම කාර්යභාරයේදී තමන්ට භූමිකා දෙකක් ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.   එහිදී තමාට  දැනුම හා හැකියාව ඇති  නීති ක්ෂේත්‍රය තුළ රටට අවශ්‍ය කරනු ලබන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගැනීම   තමාගේ එක භූමිකාවක් බව ඔහු  ප්‍රකාශ කරයි  
 
වයස අවුරුදු 16 ක තරුණයකු ප්‍රමුඛ තරුණ කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය ව්‍යවසායකත්වයක් විසින් අලුතින් ආරම්භ කළ Vරළ යුටියුබ් නාලිකාවේ ආරම්භක වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු එම කාරණා සඳහන් කළේය.
 
එකමුතුවකින් තොරව රටක් දියුණු කළ නොහැකි බව අවධාරණය කර සිටින අමාත්‍යවරයා,  විවිධ බෙදීම්, විරසකයන් සහිත එකිනෙකා අතර අවිශ්වාසයෙන් හා සැකයෙන් කටයුතු කරන  විවිධ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් සිටින අපේ රටට සාමය හා සංහිදියාව ගෙන ඒමට පියවර ගැනීම තමාගේ අනික් භූමිකාව බව  තවදුරටත් පැහැදිලි කරයි.
 
මෙම සාකච්ජාව මෙහෙයවන්නේ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු  කථිකාචාර්ය දිලාන්ත විතානගේ විසිනි.
 
 රටේ  පැහැදිලි  වෙනසක් ඇති කිරීමට ජනතාව දැනුවත් කොට ඔවුන්ව පෙළගැස්වීමේ අරමුණින් සාධනීය මාධ්‍යකාරණයක් (Constructive Journalism) ප්‍රවර්ධනය කිරීම මෙම Vරළ නාලිකාවේ අපේක්ෂාව බව දිලාන්ත විතානගේ පවසයි. 
 
 
 

 

The Leader TV  

 

නිදහසට 73යි - ලංකාවට මියෙන්මාරයෙන් පාඩමක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්