ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසමේ විෂය පථය ස්වභාවික යුක්තියට සහ පවතින නීතියට පටහැනි බව 'නීති ප්‍රතිසංස්කරණය සඳහා ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.
 
 
''වර්තමාන ජනාධිපතිවරයා විසින් 29.01.2021 දින අංක 2212/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ආන්ඩුක්‍රම ව්‍යාවස්තාවේ 81 ව්‍යාවස්තාව හා 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධි විධාන) පනතින් සංශෝදිත 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතියෙහි 2 වගන්තිය ප්‍රකාරව පිහිටුවන ලද විශේෂ ජනාධිපති කොමිසමෙහි විෂය පථය හා එමකොමිසම මගින් එකී විෂය පථය තුල විභාග කිරීමෙන් පසුව සිදු කල හැකි වන නිර්දේශ මගින් අප රටට, සමාජයට, නීතියට හා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් මෙරට දේශපාලනයට සිදුවිය හැකි භයානක ප්‍රතිවිපාක පිලිබඳව ව්‍යාපාරයේ අවධානය යොමුවී තිබේ.
 
 
 
ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක දී  එම සංවිධානයේ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූහ.
 
හිටපු අමාත්‍ය කරු පරණවිතාන, හිටපු මන්ත්‍රී ආනන්ද ලැනරෝල්, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,  ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන ශ්‍රිරාල් ලක්තිලක සහ ක්‍රිෂ්මාල් වර්ණකුලසුරිය එහිදී මෙසේ කරුණු ගෙනහැර දැක්විය.
 
වගඋත්තර කරුවන්ගේ ප්‍රජා අනුශක්තතාවයකට ලක් කල යුත්තේ ද නැද්ද ?
 
 
ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට්ටුව මගින් ප්‍රකාශ කර සිටින්නේ 1948 අංක 17 (සංශෝදිත) දරන පරීක්ෂණ කොමිශන් සභා පනතේ 2 වගන්තිය යටතේ 2020.01.09 දින අංක 2157/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුත් පරීක්ෂණ කොමිශන් සභාව මගින් නිකුත් කරන ලද අවසන් වාර්තාවේ අයිතම 8,9,10 යටතේ දැක්වෙන තීරන හා නිර්දේෂ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලැබී ඇති නිසා අයිතම 8 හි දැක්වෙන වගඋත්තරකරුවන් ගැසට් පත්‍රයේ සඳහන් වරද සිදු කර ඇත්තේ ද යන්න සොයා බලා පනතේ 9 වගන්තිය ප්‍රකාරව නම් කොට ඇති වගඋත්තර කරුවන් ප්‍රජා අනුශක්තතාවයකට ලක් කල යුත්තේ ද නැද්ද යන්න පිලිබඳව නිර්දේශ කරන ලෙසටය.
 
 
 
නීති ප්‍රතිසංස්කරන ජාතික ව්‍යාපාරයේ මතය වන්නේ 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධි විධාන) පනතින් සංශෝදිත 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය 21 වන සියවසට නොගැලපෙන ආචීර්න කල්පික හා පසුගාමී නීතියක් වන බවය.
 
එසේම නීති ප්‍රතිසංස්කරන ජාතික ව්‍යාපාරයේ මතය වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් පත් කරන ලද පරීක්ෂණ කොමිශන් සභාව විසින් නිකුත් කරන ලද අවසන් වාර්තාව ස්වභාවික යුක්කියේ මුලධර්මයන්ට පටහැනිව මෙන්ම සාක්ෂි නීතිය, අධිකරන සංවිධාන පනත ඇතුලුව මෙරටේ ස්තාපිත යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයට පටහැනිව සාක්ෂි ගොඩනගා ඒ මත පාර්ශ්වීය තීරන හා නිර්දේශ සම්පාදනය කරන ලද්දක් බවය.
 
 
නීති ප්‍රතිසංස්කරන ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කොට සිටින්නේ ජනාධිපතිවරයාගේ මෙම අධිකාරිය මගින් ඉහත සඳහන් පාර්ශවීය හා නීතියට පිටතින් ගොඩනගන ලද පරීක්ෂන කොමිසමක තීරන හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ආචිර්න කල්පිත හා පසුගාමී නීතියක් භාවිතා කිරීමත් ඒ යටතේ පුර්ව නිශ්චය කොට ඇති පුද්ගල සමුහයකගේ ප්‍රජා අයිතිය නැති කිරීමට තැත් කිරීමත් සදාදාර විරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන බවත්, එසේම එවැනි උත්සාහයක් ක්‍රම විරෝධීවන බවත්ය. 
 
 
එලෙසටම මෙම ව්‍යාපාරය කියා සිටින්නේ එම අධිකාරිය ක්‍රියාත්මක වීම තුලින් රටේ නීතියේ ආධිපත්‍ය පිලිබඳව සමාජ තුල පවතින විශ්වාසය දැඩි ලෙස පලුදු වන්නට හේතු වන්නක් බවයි. 
 
එසේම මෙම උත්සාහයේ ප්‍රතිපලය මෙරටේ පවතින දේශපාලනික සහජීවනය මුලිනුපුටා දැමීමට හේතු වනු ඇති බව ද ප්‍රකාශ කොට සිටී. 
 
 
'නීතිය ඉදිරියේ පිලිගත හැකි නිර්දේශ නොවේ. '
 
මෙම ව්‍යාපාරය කියා සිටින්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් පත් කරන ලද පරීක්ෂණ කොමිශන් සභාවේ නිර්දේශ නීතිය ඉදිරියේ පිලිගත හැකි නිර්දේශ නොවන බවය.  
 
 
 

Anu shani 2021.02.06

 
එකී කොමිසමේ ක්‍රියාකාරීත්වය ආරම්බයේදීම අභියෝග කරමින් කොමිසම විසින් වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් අධිකාරී ශාන් අබේසේකර මහකා අභියාචනාධිකරනය ඉදිරියේ රිට් පෙත්සම් ගොනු කල බවය. 
 
 
 
ඇතැම් මහාධිකරන, තම අධිකරනයන් ඉදිරියේ සාක්ෂි දෙන සාක්ෂි කරුවන්ට මෙම කොමිසම ඉදිරියේ සාක්ෂියට නොයන්නයි තහනමක්ද පනවා තිබුනි. 
 
එසේම නීති පතිවරයා ද කොමිසමේ ඇතැම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලයක් නැති බව ලිඛිතව දැනුම් දී තිබුන. 
 
එසේම කොමිසම ඉදිරියේ විවිධ වගඋත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කොමිසම විසින් බලය ඉක්මවා කටයුතු කිරීමට එරෙහිව මෙන්ම කාර්යපාටික විරෝධතා ඉදිරිපත් කොට තිබුනි.
 
 අවසානයේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කොමිසමේ සභාපති වරයා අල්ලස් හා දුෂන පනතේ 70 වන වගන්තිය යටතේ දුෂන ක්‍රියාවක නිරත වන බවද නෛතිකව ස්තාපනය කරන ලද පරීක්ෂන කොමිසමේ ක්‍රියාකාරීත්වය අසාධාරන ලෙසත් සදොස් මනසකින් යුක්තව හසුරවමින් හිතුවක්කාරි සහ අසත්භාවයෙන් ක්‍රියා කරමින් පනත මගින් හඳුන්වාදී තිබුන සම්මත නෛතික ක්‍රියාපටිපාටිය පරාජය කරන්නට කටයුතු කර ඇතිබව සඳහන් කර තිබේ. 
 
 
 
එලෙසම සභාපති වරයාගේ ක්‍රියා කලාපය අභියෝග කරමින් හෙතෙම වර්තමානයේ දී කටයුතු කරන්නේ අතීතයේ දීද එලෙසට කටයුතු කිරීමට තමන් ලැබු මනා පරිචය පදනම්කොට ගෙනබව සඳහන් කරමින් සභාපති වරයා සදොස් මනසකින් යුතුව අධිකරන ක්‍රියාවලිය දූෂ්‍ය කිරීම පිලිබඳ අතීතය පිලිබඳවද අල්ලස් හා දූෂන කොමිසමට 2020 නොවැම්බර් මස 12 දින පැමිනිල්ලක්ද සිදු කර තිබේ.
 
 Report 740x415
දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිට පිළිගැන්වූ අවස්ථාව 
 
 
 
එනයින් අනුගම්ය වන්නේ කාර්යපටිපාටිකවද හරයාක්මකවද පුද්ගලබද්දවද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතුව සිදු කල නිර්දේශ සහිත පරීක්ෂණ කොමිශන් සභා වාර්තාව අභියෝගයට ලක්ව ඇති බවය.
 
යුක්තිය රඳන්නේ විශ්වාසය මතය. සමාජය, යුක්තිය පසඳලන්නා පාර්ශවීය යයි ඒත්තු ගන්නේ නම් යුක්තිය පිලිබඳ විශ්වාසය බිඳ වැටෙන්නේය. 
 
නීතිය ඉදිරියේ එවැනි පාර්ශ්වීය භාවයක පැවැත්ම තහවුරු කිරීම අනිවාර්ය නොවන අතර ඒ සඳහා සම්භාවිතාවක් පවතින්නේය යන්න පමනක් පවා ප්‍රමානවතවන්නේය යන්න අධිකරන මතයයි. 
 
 
මෙකි අධිකරනමය මතය පුර්ව නිගමනයක් ලෙසටද අද වන විට පත්ව ඇති අතර එමගින් කියවෙන්නේ යුක්තිය ඉටු කරන්නේය යන්න කීම පමනක් ප්‍රමානාත්මක නොවන බවත් යුක්තිය ඉටුවන බව නිශ්චිතවම හා අවිවාදිතව පෙනීයායුතු බවය. (justice should not only be done, but should manifestly and undoubtedly be seen to be done". Rex vs. Sussex Justices, McCarthy, Ex parte. 
 
 ඒ අනුව පරීක්ෂණ කොමිසමක් විසින් සිදුකරනු ලබන නිර්දේශයන් හි බැරෑරුම් බව රැඳෙන්නේ අදාල කොමිසම පිලිබඳව පවකින සමාජ විස්වාසය මතවන්නේය. 
 
එවැනි මහජන විස්වාසයක් ගොඩනැගෙන්නේ අදාල කොමිසම විසින් අධිකරනමය ලෙස කටයුතු කර ඇති බවට ඒත්තු යන්නේ නම් පමනකි. 
 
නමුත් අප ව්‍යාපාරයේ මතය වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් පත් කරන ලද පරීක්ෂණ කොමිශන් සභාව එලෙස අධිකරනමය ස්වභාවයෙන් කටයුතු කොට නොමැති බවය. 
 
ඒ බව තහවුරු කල හැකි සාධක කොමිසමේ ක්‍රියාකාරීත්වය තුලින්ම අපට ගෙන හැර දැක්විය හැකිව තිබේ.
 
ඒ අනුව අප ව්‍යාපාරය කියා සිටින්නේ පරීක්ෂණ කොමිශන් සභාව ක්‍රියාපටිපාටිය අසත්භාවීලෙස හා හිතුවක්කාරීලෙස ක්‍රියා කරමින් කොමිසමේ විෂය පථයට පරිභාහිරින් වු පැමිනිලි භාරගැනීම සහ එවැනි ව්‍යාතිරේකී තත්වයක් තුල ක්‍රියා කලයුතු ක්‍රියාපටිපායට අනුව එනම් පනතේ 25(4) වගන්තියට අනුව කටයුතු කිරීම පැහැර හැර ඇති බවයි. 
 
ඒ සඳහා උදාහරන සපයන්නේ . නිශ්ෂංක සේනාධිපති ගේ පැමිනිල්ල හා උදය ගම්මන්පිලගේ පැමිනිල්ල ( පැමිනිලි කරුවන් පනතේ 2 වගන්තිය යටතේ ගැනෙන අය නොවීම.
 
 
පාර්ශ්වීයව කටයුතු කිරීමට පෙලඹ ඇති බව:
 
එසේම මෙම ව්‍යාපාරය කියා සිටින්නේ කොමිසම පාර්ශ්වීයව කටයුතු කිරීමට ද පෙලඹ ඇති බවයි. 
 
කොමිශමට ලැබුනු පැමිනිලි අතර යහපාලන ආන්ඩුව මගින් පිහිටවු දූෂණ විරෝධී කමිටුවට එරෙහිවු චෝදනාවන් වු අතර එම නිසාම කොමිසම විසින් එම කමිටුවේ සිටි සාමාජිකයන් සියල්ලම හිටපු අගමැති ඇතුලුව වගඋත්තර කරුවන් ලෙස නම් කොට කොමිසම ඉදිරියට කැඳවු නමුත් එසේ කැඳවනු ලැබු හිටපු අගමැතිවරයා පමනක් කොමිසමේ සභාපතිවරයාගේ මෙහෙයවීමෙන් කොමිසමේ සාක්ෂි කරුවකු බවට පත්කොට සාක්ෂි මෙහෙයවන ලද අතර මෙය පැහැදිලිලෙස සභාපතිවරයා විසින් පක්ෂපාතී පදනමින් සිදු කල කාර්යපටිපාටිමය වරදක් බව පෙනී යන්නේය. 
 
මෙම තත්වය නිහාල් ජයතිලකගේ පැමිනිල්ල මත සිදුවු විභාගය තුලදී මැනවින් පෙන්නුම් කොට තිබුනි.
 
කොමිසම ඉදිරියේ පැවති සාක්ෂි විභාගයන් බොහෝවිට ඒකපාක්ෂික විභාගයන් වන්නේය. 
 
 
 
සභාපති වරයා විසින් සාක්ෂි කරුවන්ගෙන් අසන ප්‍රශ්න සැමවිටම සාක්ෂි කරුවා පිලිබඳව පුර්වදෝෂීත්වයක් යෝජනා කොට ඉදිරිපත් කරන ලද ප්‍රශ්න වු අතර එවැනි ප්‍රශ්න ඇසීමේ රටාවක් සැම විටම පෙන්නුම් කල අතර ඒ මගින් සභාපතිවරයා යම් පුර්ව නිගමනයකට අනුව කටයුතු කොට ඇති බවත් එනයින් පනතේ 2 වගන්තියේ දැක්වෙන පරාසයට පිටතින් සභාපති වරයා  ක්‍රියා කොට ඇති බව කියා සිටී.
 
 
 
පරීක්ෂණ කොමිසමේ විෂය පථයට ලක්වු බොහෝ පැමිනිලි විභාග කිරීමේදී. ඒතුලින් ආන්ඩුක්‍රම ව්‍යාවස්තාව මගින් ස්ථාපිත මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරන පද්දතියට අභියෝගයක් වු අතර දැනටමත් මහාධිකරනයන් හා විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරන ඉදිරියේ අධිචෝදනා මත විභාග වන නඩු වලට අදාලව එම චෝදනාවන්ගේ හරය හා චෝදනා ගොනු කිරීමට අනුගමනය කර ඇති කාර්යපටිපාටිය අභියෝගයට ලක්කරමින් ව්‍යාවස්තාව මගින් පිලිගෙන ඇති මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාපටිපාටිය කොමිසම විසින් දැවැන්ත අභියෝගයට ලක් කර තිබේ.
 
දැනට මහාධිකරනයන් ඉදිරියේ විභාග වන තරුනයන් 11 දෙනකු පැහැරගෙනයාමේ නඩුව, හීලෑ අලින් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමට අදාල නඩුව, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ නඩුව, හිටපු මන්ත්‍රී පරරාජසිංම් ඝාතනය පිලිබඳ නඩුව, ඇවන්ගාඩ් වංචාව පිලිබඳ නිශ්ෂංක සේනාධිපති නඩුව, මුල්‍ය වංචා කිරීම පිලිබඳ උදය ගම්මන්පිල නඩුව, පොදු මුල්‍ය අවභාවිතයට අදාලව නිහාල් ජයතිලක හා තවත් අයවලුන්ට එරෙහිව පවරන ලද නඩුවලට අදාලව එම නඩුවලට පදනම් වන සාක්ෂි කොමිසම ඉදිරියේ අභියෝගයට ලක් කොට තිබේ. 
 
 
  
මෙය පැහැදිලි ලෙසම රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දුෂනයට ලක් කිරීමක් සහ ආන්ඩුක්‍රම ව්‍යාවස්තාවේ XVI පරිච්ඡේදය මගින් ප්‍රතිපාදන සපයා ඇති අධිකරන විමර්ශන බලයට කොමිසම විසින් සිදු කරන ලද අනීතික අත පෙවීමක් බව අප ව්‍යාපාරයේ නිගමනය වන්නේය.
 
 
 
නීතිපතිවරයාගේ චෝදනාවල ඇති නිරවද්‍ය භාවය අභියෝග කරමින් :
 
 
එසේම මහාධිකරනයන් ඉදිරියේ අභිචෝදනාගොනුකිරීමට ව්‍යාවස්තාවෙන්ම වගකීම පවරා ඇති ජනරජයේ නීතිපති වරයාට ඔහු දැනටමත් පවරා ඇති අපරාධ චෝදනාවල ඇති නිරවද්‍ය භාවය පිලිබඳව අභියෝග කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ සද්භාවය කොමිසම ඉදිරියේ පරීක්ෂණයට ලක් කිරීමට කට යුතු කර තිබේ. 
 
මෙම හැසිරීම පැහැදිලි ලෙසම ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 3 හා 4 ව්‍යාවස්තාවන්හි සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් වන්නේය.
 
එසේම නිතිපති වරයා විසින් නඩු පැවරීමට ගනු ලැබු තීන්දු තීරන වලට පදනම වන්නාවු අපරාධ පරීක්ෂණයන් හරහා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක මගින් සොයාගන්නා ලද අපරාධමය කරුනු  පිලිබඳව එම කරුනු සොයා ගන්නා ලද කාර්යපටිය හා එම කරුනු ගොඩනගන්නාවු සාක්ෂිවල හරයාත්මක භාවය ස්තාපිත අධිකරන ක්‍රියා පිලිවෙතක් තුලින් විමර්ශනය කරනු වෙනුවට අධිකරනයට සමාන්තර ක්‍රියාවලියක් වන කොමිසම තුලින් මගින් එවැනි කරුනු වල විශ්වාසනීයත්වය අභියෝගයට ලක් කිරීමට කටයුතු කිරීම මෙරට ජනතාව සතු පරමාධිපත්‍ය බලයක් වන අධිකරනයට පෑල දොරින් සිදු කල අත පෙවීමක් බව අප ව්‍යාපාරය ප්‍රකාෂ කොට සිටී.
 
මේබව ජනමාධ්‍යවේදීන් පැහැරගෙන යාම හා මරාදැමීම පිලිබඳ නඩු කිපයකට අදාලව දැනට නඩුවේ සාක්ෂි ලබා දෙන අදාල පරීක්ෂන මෙහෙයවු පොලිස් නිලධාරීන් හා සාක්ෂි කරුවන් කොමිසම ඉදිරියට ගෙන්වා සාක්ෂි දෙන මුවාවෙන් බලපැම් එල්ල කිරීම තුලින් පැහැදිලිව සනාථ වන්නේය. 
 
එසේම FCID යේ නෛතික පැවැත්ම පිලිබඳව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හා ඉදිරියේ පවතින මානව හිමිකම් නඩුවක් හා අභියාචනාධිකරනය ඉදිරියේ පවතින විභාග වන නඩු බව( subjudice) නොතකමින් සාක්ෂි අභියෝගයට ලක් කිරීම තුලින්ද මනාව තහවුරු වන්නේය.
 
 
 
ඒ අනුව බලන කල විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් පත් කරන ලද පරීක්ෂණ කොමිශන් සභාව විසින් නිකුත් කරන ලද අවසන් වාර්තාව ස්වභාවික යුක්කියේ මුලධර්මයන්ට පටහැනිව මෙන්ම සාක්ෂි නීතිය, අධිකරන සංවිධාන පනත ඇතුලුව මෙරටේ ස්තාපිත යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයට පටහැනිව සාක්ෂි ගොඩනගා ඒ මත පාර්ශ්වීය තීරන හා නිර්දේශ සම්පාදනය කරන ලද්දක් බව මැනවින් තහවුරු වන්නකි.
 
 
 
ඉහතකී පදනම් මත නීති ප්‍රතිසංස්කරන ජාතික ව්‍යාපාරයේ මතය වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් පත් කරන ලද පරීක්ෂණ කොමිශන් සභාවේ තීරන හා නිර්දේශ මත ක්‍රියාකරමින් එය තම පරීක්ෂණ විෂය පථය කරගනිමින් විශේෂ ජනාධිපති කොමිසමට විභාග කිරීම සඳහා අධිකරන බලයක් අති විශේෂ ගැසට්ටුව මගින් ව්‍යුත්පන්න වන්නේ නැති බවය. 
 
එසේ නම් සත්‍ය වන්නේ විභාග කරන්නට යමක් හෝ කොමිසම ඉදිරියේ විභාග කිරීමට විෂයක් නොපවතින බවය.
 
 නොපවතින යමක් පිලිබඳව නිර්දේශයක් කොට ඒමත යමෙක් ප්‍රජා අයිතිය අහිමි කිරීමකට යටත් කරන්නට කටයුතු කරන්නේ නම් එවැන්නක් යුක්තියේ බරපතල අපගමනයක් වන බව අපගේ මතයයි.
 
එම නිසා අධිකරනය ඉදිරියේ සහ සමාජය ඉදිරියේ මෙම බලරහිත ක්‍රියාදාමය පරාජය කරන්නට ඉදිරියට පැමිනෙන්න යයි අප ආයාචනය කර සිටින්නෙමු.''
 
 
 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්