ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය හෙළා දකිමින් වාර්තා දෙකක් නිකුත් වීමේ
උනුසුම පහව යන්නටත් මත්තෙන් රට තුළ මානව හිමිකම් උල්ලංඝනය ස්වාධීන ලෙසින් අධීක්ෂණය වැඩි කිරීමටත්, අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහාත් අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත්, එක්සත් ජාතීන්ගේ ඉහල පෙලේ විශේෂඥ කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර බලවතුන්ගෙන් ඉල්ලීම් කර තිබේ.
  
මේ ක්‍රියාමාර්ග අතරට ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වූ එක්සත් ජාතීන්ගේ විශේෂඥ නියෝජිතයකු පත් කිරීම ද ඊට ඇතුළත් ය.
රටක මානව හිමිකම් තත්වය පිළිබඳව ගැඹුරින් ඉදිරිපත් කෙරෙන විශේෂඥ නියෝජිත වාර්තා, එම රටෙන් මතු වන පුද්ගලයකුට අදාළ ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පැවරීමට මග පාදයි.
 
මේ වන විට එක්සත් ජාතීන් හමුවේ රටවල් සඳහා විශේෂ වාර්තාකරුවන් එකොළොස් දෙනෙක් සිටී.
 
මානව හිමිකම් සම්බන්ධයෙන් දේශීය වශයෙන් යුක්තිය ඉටු නොකරන ශ්‍රී ලංකාව අධීක්ෂණය සඳහා විශේෂ එජා නියෝජිතයකු පත් කරන ලෙස කෙරෙන ඉල්ලීම දෙමළ නායකත්වය විසින් දිගින් දිගටම කරන ලද්දකි.
 
මෙවර ජිනීවා නුවරින් නිකුත් කර ඇති විශේෂ වාර්තාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.
 
  
“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරන ලෙසත්, රට තුළ වගවීම ඉදිරියට ගෙනයාම සඳහා ඇති සියලු ක්‍රම ගවේෂණය කරන ලෙසත්, අපි මානව හිමිකම් කවුන්සිලයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු,” යි දස දෙනෙකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම සවිස්තර නිවේදනයකින් ප්‍රකාශ කරයි.
 
 
 
ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ 2015 සිට 2019 දක්වා කාලය තුළ දී කළා වූ නිල සංචාර 10 කට පසුව කරන ලද නිර්දේශයන් 400 ක් පමණ සම්බන්ධයෙන් ලංකාණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිලිබඳ තක්සේරුවක් කිරීමෙන් අනතුරුවය.
 
මේ වනාහී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය හෙළා දකිමින්, සති දෙකකටත් අඩු කාලයකදී ජිනීවා නුවරින් නිකුත්වූ තුන්වැනි වාර්තාව යි.
 
“මහ කොමසාරිස් වාර්තාවෙන් ද ඉස්මතු කර ඇති ගැටළු වන, ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම පසුබැස්වීමේ, ප්‍රජා අවකාශය හැකිලීමේ හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වූ වැදගත් ආයතනික ආරක්ෂණයන් සෝදාපාලු කිරීමේ නැගී එන ප්‍රවණතා සම්බන්ධයෙන් අපි කම්පාවී සිටිමු,” යි ආණ්ඩුවේ වැඩිවෙමින් පවතින, වින්දිතයන්ට හා සුළුතර ප්‍රජාවන්ට තර්ජන එල්ල කරන බහුතරවාදී වාචාල කතා පෙන්වා දෙමින් ඔවුන් පවසා තිබේ.
 
srilankabrief12
කොවිඩ් 19 ආසාදිතව මළවුන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්  කණ්ඩායමක් විසින් මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාවට දෙදිනකට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණි.
 
 
 
රට තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරන ලද සම අනුග්‍රාහක යෝජනාවට සහාය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ.
 
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවේ නිරීක්ෂණය යටතේ තබා ගැනීම සඳහා, මෙම විශේෂඥයන් විසින් මානව හිමිකම් කවුන්සිලයට සහ එහි සාමාජික රටවල් වෙත පහත දැක්වෙන විකල්පයන් ඉදිරිපත් කර තිබේ.
 
01- ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය අධීක්ෂණය හා විශ්ලේෂණය වැඩි දියුණු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම;
 
02- ජාත්‍යන්තර අපරාධ නීතියේ දෘෂ්ටිකෝණයකින් එක්රැස්කරගන්නා වූ තොරතුරු විමර්ශනය කිරීම, සම්පාදනය කිරීම සහ විශ්ලේෂණය කිරීම මඟින්, එක්සත් ජාතීන්ගේ විවිධ යාන්ත්‍රණ විසින් සිදු කරනු ලබන කාර්යයන් මත පදනම්වී අපක්ෂපාතී සහ ස්වාධීන ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම;
 
03- ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂගන නියෝජිතයකු පත් කිරීම
 
04- සාමාජික රාජ්‍ය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන විසින්, ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේදී, මෙම ප්‍රකාශයේ හඳුනාගෙන ඇති ගැටළු, විශේෂ වාර්තාකරුවන් විසින් 2015 සිට කරන ලද සංචාරයන්හි දී කරන ලද නිර්දේශ සහ නිල සංචාර හා සන්නිවේදන සම්බන්ධයෙන් වන විශේෂ ක්‍රියාපටිපාටි සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස විශේෂයෙන් බලපෑම් කර සිටීම;
 
2015 දී ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් මණ්ඩලය වෙත කරන ලද පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) විසින් සමාලෝචනය කරන විට, අවධානය යොමු කළ යුතු අංශ අටක් මෙම විශේෂඥයන් විසින් ඉස්මතු කර තිබේ.
 
 
 (i) නීතියේ ආධිපත්‍යයට සහ ස්වාධීන ආයතන වලට සිදු කෙරෙන තර්ජන,
 
 (ii) උත්සන්න වන හමුදාකරණය,
 
 (iii) සාමකාමීව රැස්වීමේ, සමාගමයේ සහ ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීම,
 
 (iv) අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලට වෙනස් කොට සැලකීම, වෛරයට අනුබල දීම සහ සුළු ජාතීන්ට එරෙහි හිංසනය,
 
 (v) නීතිමය ආරක්ෂාව, රඳවා තබා ගැනීම සම්බන්ධ කොන්දේසි සහ වධහිංසාව තහනම් කිරීම,
 
 (vi) බලහත්කාර අතුරුදහන්කිරීම,
 
 (vii) වරදට දඩුවම් හෝ විපාක නොලබා/නොවිද සිටීම (දණ්ඩ මුක්තිය)
 
 (viii)සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ ප්‍රගතියක් නොමැති වීම.
 
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව, 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී සමාලෝචනය කිරීමට නියමිතය.
 

 

 

 


 

 

 
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
 

 
 
උතුරේ තරුණයන්ගේ වකුගඩු විකුනන දොස්තරගේ රංගන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්