The Leader News
BREAKING
ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට●ඕස්ට්‍රේලියානු කෘෂිකර්මයට සිනහවක් එක්කළ යෝධ වියළි මිදිගෙඩිය●ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!●ආදරය වෙනුවෙන් බෙල්ජියම් ඉංජිනේරුවා වියට්නාම ගෝත්‍රික චාරිත්‍ර ඉටුකරයි●ඉන්ධන මිල පාලනයේ බර අවසානයේ මහජන කරපිටට?●අපනයන ඉපැයීම් ඉහළට: බිලියන 36 ඉලක්කයට මඟ සකස්වේ ද?●යුරෝපා වෙළෙඳ සහනය රැකගන්න ලංකාවට අලුත් කොන්දේසි පහක්●ඉරාන ජෙට් ඉන්ධන මියන්මාරයට ගලාගිය හොර පාර●ආදර ගැටය: සිරගත ස්ත්‍රීත්වයේ කලාත්මක කියවීම | ආචාර්ය අතුලසිරි සමරකෝන්●තොරතුරු ඉල්ලීමේදී රාජ්‍ය ආයතනවලට හිතුමතේ ගාස්තු අය කළ හැකි ද?●
Top Ad
පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් ?

T

The Leader Desk

February 12, 2021 • 3:38 PM

  හිටපු ජනාධිපති මෛත්‍රීගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් ?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 21 වන දින සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ම පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාවෙන් එම නිර්දේශය ඉදිරිපත්ව ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
  • මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු පැවසුයේ, කොමිසමේ මුල් වාර්තාවේ එවැනි යෝජනාවක් ඇතුලත්ව තිබී නැතත් පසුව කිසියම් පිරිසකගේ බලපෑම් මත එවැනි යෝජනාවක් අවසන් වාර්තාවට ඇතුලත්කර ඇතැයි තමන්ටද දැනගන්නට ලැබී ඇති බවයි.
  • එවැන්නක් සිදුව ඇත්නම් එය පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔහු අවධාරණය කර සිටියේය.
  • මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදුකෙරුණු අතර එහිදී 270 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
අකුරු ප්‍රමාණය (Font Size):
2019 අප්‍රේල් 21 වන දින සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ම පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාවෙන් එම නිර්දේශය ඉදිරිපත්ව ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු පැවසුයේ, කොමිසමේ මුල් වාර්තාවේ එවැනි යෝජනාවක් ඇතුලත්ව තිබී නැතත් පසුව කිසියම් පිරිසකගේ බලපෑම් මත එවැනි යෝජනාවක් අවසන් වාර්තාවට ඇතුලත්කර ඇතැයි තමන්ටද දැනගන්නට ලැබී ඇති බවයි. එවැන්නක් සිදුව ඇත්නම් එය පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔහු අවධාරණය කර සිටියේය.
 
 106600786 mediaitem106600785
 
මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදුකෙරුණු අතර එහිදී  270 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
 
 
 
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිසම පත්කරනු ලැබීය.
 
එම කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. 
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු දිමෙන් අනතුරුව පසුගිය නිදහස් සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ එම අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමා පියවර ගන්නා බවයි.
 
 

Hemasiri 2021                        පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු

  
මේ අතර පාස්කු කොමිසමෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිවද  අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
 
පසුගිය ආණ්ඩුවේ සිටි ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ නම් ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා හෙළි කර තිබුණි.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් සභාපතිත්වය දැරූ අතර අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ හා ඒ.ඒල් බන්දුල කුමාර අතපත්තු සහ හිටපු අධිකරණ අමාත්‍යංශ ලේකම් ඩබ්. ඒම්. ඒම්. ආර් අධීකාරි යන මහත්වරුන්ගෙන් සමන්විත විය.   
 
 
 
ඥානසාර හිමිටත් චෝදනා :
 
 
මේ අතර එම කොමිසම් වාර්තාවෙන් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කර ඇති බව වාර්තාවේ.
 
2014 ජුනි 15 සහ 16 වෙනි දිනවල කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බේරුවල, දර්ගා නගරය යන ප්‍රදේශවල සිදු වූ මහජන සාමයට බාධා වන පරිදි ජාතිවාදි ගැටුම් ඇති කිරීමට ඥානසාර හිමියන් අනුබල දුන් බවට වන චෝදනාව මෙම නිර්දේශවලට පාදක වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 
 
 
75631729 75631728
 
2014 වසරේ ජූනි මස 15 - 16 දිනවල කළූතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරය ප්‍රදේශවල සිදු වූ ජනවාර්ගික ගැටුම්වලින් තිදෙනෙකු මරා දැමුණ අතර තවත් පිරිසකට තුවාල සිදු විය. පවුල් 273කට අයත් දේපළ විනාශ කරනු ලැබිණ.
 
මෙම නිර්දේශ යටතේ ජනවාර්ගික කැළඹීම් ඇතිකළ හෝ රට පුරා මහජන සාමයට බාධාවන පරිදි මෙවැනි ක්‍රියාවන්ට අනුබලදුන් සංවිධාන හඳුනා ගැනීම සඳහා කොමිසම විසින් ලබා දුන් අවකාශය යටතේ මෙම නිර්දේශ නිකුත් කර තිබේ.
 
themorning පුවත් පත මේ සම්බන්ධයෙන් පුජ්‍ය ඥානසාර හිමියන්ගෙන් මෙම නිර්දේශ පිළිබඳව විමසා ඇති අතර එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ, තමාට ඒවැනි නිර්දේශයක් පිළිබඳව මෙතෙක් කිසිඳු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.' 
 
යම්හෙයකින් ඒවැනි දැනුම්දීමක් සිදු කළහොත් ඥානසාර හිමියන්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද යන්න විමසූ විට " හිනාවෙනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද" යනුවෙන් ඥානසාර හිමියන් ප්‍රතිචාර දක්වා ඇත.
 
 
 
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් 2020 ජූනි මාසයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ, 2012 වසරේ සිට 2019 අප්‍රේල් 21 වනදා ප්‍රහාරය වනතුරු රට පුරා සිදු වූ සිදුවීම් පිළිබඳ කිසිදු පුද්ගලයෙකු හෝ වගකිව යුතු ආයතනයක් සිය අවධානය යොමු නොකළ බැවින් තමන් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.  
 
 
 
එසේම,  මෙම අන්තවාදී ක්‍රියාකරකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව අවස්ථා පහකදී ද , හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ව අවස්ථා හතරකදී ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂව ද තමන් විසින් ලිඛිතව දැනුවත් කළ බව ද ඥානසාර හිමියෝ කියා තිබේ. 
 
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අධීකරණයට අපහාස කිරීමේ වරදට වසර 6ක සිර දඬුවමක් නියමව බන්ධනාගාරගතව සිටි අතර 2019 මැයි මාසයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලදී.
 
නීතිපති, වාර්තාවේ පිටපතක් ඉල්ලයි
 
 
මේ අතර නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නීතිපතිවරයා විසින් එම ඉල්ලීම සිදු කර ඇත.
 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 
බොදු බල සේනා තහනම් කරන ලකුණු? 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...