The Leader News
BREAKING
Top Ad
පුවත්

බිම් ශානිගේ DIG තනතුර ගැලවීමට පොලිස් කුමන්ත්‍රණයක්?

T

The Leader Desk

February 15, 2021 • 12:50 PM

බිම් ශානිගේ DIG තනතුර ගැලවීමට පොලිස් කුමන්ත්‍රණයක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය (DIG ) ලෙස උසස් වීම ලද බිම්ශානී ජාසින්හ ආරච්චිට මෑතකදී ලබාදුන්
  •   පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම, නීතිපතිවරයා, මෑතකදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වූ බිම්ශානී ජාසින්හ ආරච්චි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවන් ලෙසට නම් කර තිබේ.
  •   මෑතකදී කරණ ලද උසස් වීම් වලදී මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානී ජාසින්හ ආරච්චි උසස් කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බව පෙත්සමෙහි සදහන් වේ.
  •   එහෙත් එම රෙගුලාසි වල "කාන්තා" යන වචනය සදහන් නොවන නිසා මෙරට කිසිදු පොලිස් නිලධාරීනියකට නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් විය නොහැකි බව පෙත්සමෙහි සදහන් ව ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
එම තනතුර ගැලවීම සඳහා පොලිසිය ඇතුලෙම කණ්ඩායමක් කුමන්ත්‍රණය කරමින් සිටින බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
ඇයගේ උසස් වීම බලරහිත කරන ලෙස ඉල්ලා මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 
 
සම්මත උසස් වීම් පටිපාටියට පටහැනි වන අයුරින් මෙම උසස් වීම සිදු කර ඇති බවත් එය නීතිවිරෝධී බවට තීරණය කරන ලෙසට ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන්  ගුණසේකර ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිස් දෙදෙනකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.
 
පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම, නීතිපතිවරයා, මෑතකදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වූ බිම්ශානී ජාසින්හ ආරච්චි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවන් ලෙසට නම් කර තිබේ.
 
මෑතකදී කරණ ලද උසස් වීම් වලදී මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානී ජාසින්හ ආරච්චි උසස් කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බව පෙත්සමෙහි සදහන් වේ.
 
එහෙත් එම රෙගුලාසි වල "කාන්තා" යන වචනය සදහන් නොවන නිසා මෙරට කිසිදු පොලිස් නිලධාරීනියකට නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් විය නොහැකි බව පෙත්සමෙහි සදහන් ව ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කරයි.
 
එබැවින් මෙම උසස් වීම නීතිවිරෝධී වන බැවින් එය අවලංගු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත. 
 
 
පොලිස්පතිගේ හිතෛෂීන් දෙදෙනා ?
 
නියෝජ්‍ය පොලිස්පති බිම්ශානී ජාසින්හ ආරච්චි එරෙහි කුමන්ත්‍රණයේ මුලිකත්වය ගෙන කටයුතු කරන එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යහපාලන ආණ්ඩුව සමයේ දී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහි ව නීතියටත් පිටින්  ගොස් කටයුතු කළ අයකු බවත්, අනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා පාස්කු ප්‍රහාරයේ සිද්ධියක් සම්බන්ධව ස්ථානමාරු ලැබූ අයකු බවත් ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.
 
මීට අමතරව බන්ධනාගාර ප්‍රධානියෙක් ලෙස කටයුතු කළ සම්පායෝගේ සිද්ධියේදී මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකට අසත්‍ය සටහන් යෙදීමට උපදෙස් දුන් බවට මෙම එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයකුට චෝදනා එල්ල වී තිබිණ. 
 
පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්විම් මාරුවීම් සම්බන්ධව මොවුන් දෙදෙනා මූලික වී කටයුතු කරන අතර මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පොලිස් ඉහළ නිලධාරීන් බොහොමයක් කලකිරීමට පත්ව ඇතැයි ද පැවසේ.
 
නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරන බවට ද ඔවුන් දෙදෙනාට  චෝදනා එල්ල වී ඇත.
 
කෙසේවුවද ඔවුන් දෙදෙනා පොලිස්පතිවරයාගේ සමීපතම හිතෛෂීන් ලෙස සැලකෙන අතර එම තත්වය තුල ඔවුන් දෙදෙනාට පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ සැලකිලි ලැබෙමින් පවතින බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

 


 

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...