පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට තොරතුරු වාර්තා කල රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

නිලන්ත ජයවර්ධනට ද පාස්කු ඉරිදා සිද්ධිය සොයා බැලු ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වී ඇත.
 
 බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙස කොමිසම විසින් නිර්දේශ කර තිබේ.
 
කොමිසමේ සාක්ෂි විභාගයේදී හෙළිවූ කරුණු වලට අනුව, හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඔහුගේ තනතුරට අදාල සේවා කාලය තුළ (2015- 2019) සහරාන් ඇතුළු පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල සැකකරුවන් පිළිබඳව රහස්‍ය වාර්තා 347ක් අදාල බලධාරීන් වෙත ලිඛිතව ම ලබාදී ඇත.
 
 
 
සහාරන් ඇතුළු පිරිස රටම ලේ විලක් බවට පත්කිරීමේ සුදානමක් ඇතිබව ඔහු විෂය බාර අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාරට හා එවකට පොලිස්පති වූ පුජිත ජයසුන්දරට 2018 මැයි මාසයේදී ලබාදී තිබු බවද කොමිසම හමුවේ අනාවරණය විය.
 
 
එසේම, මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයකින් 2019 අප්‍රේල් 04 දා තොරතුරු ලැබුන වහාම ඒ අදාල බලධාරීන් දැනුවත් කර ඇති අතර තවදුරටත් සොයා බැලීමෙන් පසු ලැබුන තොරතුරු මත ඒ සියලු තොරතුරු දන්වා අප්‍රේල් 07දා ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගෙන් අවශ්‍ය උපදෙස් ද ඉල්ලා තිබිණ.
 
එසේම, අප්‍රේල් 9 ද ඔහු විසින් ආරක්ෂක ලේකම්, පොලිස්පති හා රහස් පොලිසියේ ප්‍රධානියාට ඒ සම්බන්ධයෙන් ඉක්මනිම මැදිහත් වෙන්නයි ඉල්ලා තිබු බව කොමිසම හමුවේ අනාවරණය විය.
 
එසේම, අප්‍රේල් මාසයේ කාතන්කුඩියේ බෝම්බයක් පිපුරුණ අවස්ථාවේදී ලද බුද්ධි අංශ තොරතු මත, 'සහාරන් අද හෙටම මහා විනාශයක් කිරීමේ පෙරහුරුවක් පවත්වා ඇතිබව පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වූ බව නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ සඳහන් කළේය.
 
අන්තවාදී මුස්ලිම් පිරිස් අතර සිටී ඔත්තුකරුවන්ගෙන් දිනපතා ලැබෙන තොරතුරු එතරම් යහපත් නොවුයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා, අප්‍රේල් 20 දා අදාල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දුන් ආකාරය කොමිසම හමුවේ සනාථ අදාල ලියකියවිලි ඉදිරිපත් කර තිබිණ.
 
අප්‍රේල් 20 සවස ද ඔහු ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් දැනුවත් කර තිබු අතර විදේශගතව සිටි ජනාධිපතිවරයාට ඒ පිළිබඳව දැනුම්දීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබිණ.
 
 
මේවනවිට පාර්ලිමේන්තුවට ලබාදී ඇති කොමිසම් වාර්තාවේ සිංහල පරිවර්තනයට අනුව, මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව කොමිසම විසින් නිර්දේශ කර ඇති බහුතරයකට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගේ සාක්ෂි පදනම් කරගනිමිනි.
 
 
කෙසේවුවද පාස්කු ඉරිදා දිනයේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තමන් වහන්සේව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයාට දිගින් දිගටම චෝදනා එල්ල කර තිබිණ.
 
ඊට ප්‍රතිචාර දක්වමින් නිලන්ත ජයවර්ධන, කොමිසම  හමුවේ සඳහන් කර තිබුනේ අදාල බලධාරීන් ගෙන් පිට කිසිවකුට තොරතුරු ලබාදීමට තමාට බලයක් නොමැති බවයි.
 
සිවිල් රාජකාරියක් පැවරී ඇති රාජ්‍ය බුද්ධි සේවයට කිසිවකු අත්අඩංගුවට ගැනීමේ බලයක් නොමැතිබවත් කල හැක්කේ අදාල බලධාරීන් වෙත එම රහස්‍ය තොරතුරු ලබාදීම පමණක් බවත් නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ පැහැදිලි කර තිබිණ. 
 
 
 
නිලන්ත ජයවර්ධන විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල ආරක්ෂාකර ගැනීම සඳහා කොමිසම හමුවේ ඇතැම් කරුණු වසන් කළ බවට අගරදගුරුහිමිපාණන් ගෙන් මෙන්ම මෛත්‍රීපාල හිටපු ජනාධිපතිගේ විරුද්ධවාදීන්ගෙන් චෝදනා එල්ලවී තිබිණ. 
 
 
දේශබන්දු තෙන්නකෝන්ටත් චෝදනාවක් 
 
 
 
 පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.
 
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව ද පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.
 
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසටද එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව එම නිර්දේශ කියා සිටී.
 
 
 pujith14
 පූජිත් ජයසුන්දර - හේමසිරි ප්‍රනාන්දු 
 
 
 
හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේදී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.
 
 
 
 
#######################
 
පොදු වේදිකාව" වනසන විපක්ෂයේ කෝඳුරු තෙල් වෙද්දු මෙන්න 
 

 
"එයා දේශපාලනේ කරන හැටි බලමු කෝ" - ගෝඨා ට ඇතුළෙන්ම කෝචෝක් පාරක්..!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්