මානව හිමිකම් කවුසිලය ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි තීරණ ගතහොත් එයින් පීඩා විඳින්නේ
දේශපාලඥයින් නොව අසරණ ජනතාව බව පවසන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය,  මෙවැනි අවස්ථාවක මුලු දේශයම එක්සත්ව සමඟි සම්පන්න විය යුතුව ඇතැයි අවධාරණය කර සිටියි.
 
ඔහු එම අවධාරණය සිදුකළේ කොළඹ ජානකී හෝටලයේදී අද (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
 
එහිදී ඔහු මෙසේද පැවසිය.
 
''ශ්‍රී ලාංකිකයකු වශයෙන් අපි අද කතා කරන්නේ බලවත් වේදනාවකින්. අද අපේ මවුබිම දෙපැත්ත ගිනි ගත්ත විලක්කුවක් බවට පත්වෙලා. කොවිඩ් වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක්වෙලා තිබෙනවා. ආර්ථිකය විශාල කඩා වැටීමකට පත්වෙලා. ජීවන වියදම බලවත් ලෙස ඉහල යෑම නිසා ජනතාව නොකා නොබී ජීවත් වන තත්වයකට පත්වෙලා. තුන්වේල නොකන පවුල් බොහෝ ගණනක් රටේ ඉන්නවා.''
 
 unhrc1
'මානව හිමිකම් කවුසිලය දැඩි තීරණ ගතහොත් එයින් පීඩා විඳින්නේ දේශපාලඥයින් නොවෙයි. අසරණ ජනතාවයි.'
 
 
විලක්කුවේ එක පැත්තක් මේ විදිහට ගිනිගනිද්දි අනික් අතින් ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර සම්බාධක ගැන කතා කරන බව පැවසු හිටපු කතානායකවරයා, ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට මුහුණ දුන් අපි එහි බැරෑරුම්කම හා එයින් ඇතිවූ ජීවිත හා සම්පත් විනාශය හොඳින් වටහාගෙන තිබෙන බවද කියා සිටියේය.
 
'අවසානයේදී මානව හිමිකම් කවුසිලය දැඩි තීරණ ගතහොත් එයින් පීඩා විඳින්නේ දේශපාලඥයින් නොවෙයි. අසරණ ජනතාවයි. එහෙයින් දෙපාර්ශවයටම යම්කිසි එකඟත්වයකින් මෙම ගැටුම නිරාකරණය කර ගතහොත් එය රටට ආදරය කරන අපට විශාල මානසික සහනයක් වෙනවා.' යයි පැවසු හෙතෙම, මෙවැනි අවස්ථාවක මුලු දේශයම එක්සත්ව සමඟි සම්පන්න විය යුතුව ඇතැයි අවධාරණය කර සිටියේය.
 
 
 
'අපි විවිධ කරුණු මත බෙදී සිටින ජාතියක්'
 
''සත්‍ය තත්වය එය නොවෙයි. අද අපි විවිධ කරුණු මත බෙදී සිටින ජාතියක්. 20 වැනි සංශෝධනය ගෙනඒම තුල අද රටේ විශාල අවුලක් ඇති වී තිබෙනවා. මහා සංඝරත්නය ඇතුලු අන්‍ය ආගමික ප්‍රජාවේ අති බහුතරයක් මෙන්ම සමාජයේ වැඩි කොටසකින්ම 20 වැනි සංශෝධනය ගැන ඇත්තේ විරෝධයක් හා පිළිකුලක්.'' යයි ද ඔහු කියා සිටියේය.
 
''මුස්ලිම් ප්‍රජාවගේ පාරම්පරික චාරිත්‍රවලට බාධා කරමින් භූමදානයට ඉඩ නොදෙන ලෝකයේ එකම රට වශයෙන් අපේ රටට ලෝක මුස්ලිම් රටවලින් හා ජනතාවගේ විරෝධය දැඩි ලෙස එල්ලවී තිබෙනවා. ''
 
'වාර්තා වන පරිදි විශේෂඥ කමිටුව පවා මේ ගැන සුබවාදී ආකල්පයක් දැරුවත් ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තු සභා ගර්භය තුල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලත් රාජ්‍ය අමාත්‍යවරියක් හා මන්ත්‍රීවරියක් කල ප්‍රකාශවලින් ගරු අග්‍රාමාත්‍යතුමා හා පාර්ලිමේන්තුව ද හෑල්ලුවී තිබෙනවා. එය රජයේ තීරණ ගැනීමේ ශක්තියට හා කීර්ති නාමයට විශාල හානියක්. මේවා බලධාරීන් අවධානයට ලක්කල යුතු කරුණු.'' යයි කරු ජයසුරිය තව දුරටත් පැවසිය.
 
මාධ්‍ය හමුවේදී හෙතෙම මෙසේද පැවසිය.
 
''LTTE ත්‍රස්තවාදය නිම කිරීමේදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ හා මානව කොමිසම අතර තවමත් එකඟත්වයක් නොමැතිවුවත් මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අප බුද්ධිමත්ව ක්‍රියාකල යුතු බව බහුතර මතය යි.
 
නමුත් භූමදානය ගැන රජයට ස්ථිර තීරණයක් ගත හැකියි. එමෙන්ම 20 වැනි සංශෝධනය නිසා ඇතිවු මහා විනාශය තවදුරටත් රජය විසින් ගෙනයන ආකාරය මහා විනාශයක ආරම්භයක් වෙන්නත් පුළුවන්. 
 
ඉහත සඳහන් කරුණු දෙකම ජිනීවා යෝජනාවලට ඇතුලත් වි තිබෙනවා. මේ සිද්ධීන් ඇති වුනේ වර්තමාන පාලනය තුල. එම නිසා ඒ කරුණු දැඩි අධ්‍යයනයට ලක්කිරීම මේ අවස්ථාවේ ගතහැකි බුද්ධිමත් පියවරක් ලෙස අපි දකිනවා.
 
නමුත් කනගාටුවට කරුණ වශයෙන් අපි දකින්නේ බලලෝභිත්වයෙන් මත්වුනු කිහිපදෙනෙතු ගිනි නිවනවා වෙනුවට 20 සංශෝධනයේ බලතල තුලින් ඇති අසීමිත බලතල විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා ක්‍රියාකරන ආකාරයයි. හදිසියේ තරම විනිශ්චයකාර මණ්ඩලය පත්කල ඉක්මන දකින විට පේනවා. ''
 politicalgota large
උපාලි අබේරත්න කොමිසන් වාර්තාව අධිකරණයට කරන දරුණුතම හෑල්ලු කීරීම හා අපහාසයක් බව කරු ජයසුරිය මෙහිදී කියා සිටියේය.
 
'' ලෝකය දකින්නේ මෙය මහා විහිලුවක් ලෙසයි. රජයේ බලයට ගිජු කිහිපදෙනෙකුට අවශ්‍ය විපක්ෂයේ කොන්ද කඩා විරුද්ධ මතධාරීන් හිරකොට මේ රටේ සදාකාලික රාජාණ්ඩුවක් ඇති කිරීමටය.
 
අපිට බලවත් වේදනාවක් ඇතිවන්නේ මෑත වකවානුවේ දී අන්තර්ජාතිකව හා දේශීයව විශාල පිළිගැනීමක් හා ගෞරවය ලබාගත් ශ්‍රී ලංකා අධිකරණයට උපාලි අබේරත්න නිර්දේශ තුළින් කලේ විශාල හානියක්.
 
අපේ අධිකරණය කෙරෙහි බලවත් විශ්වාසයකින් අප කටයුතු කරන බව වගකීමෙන් යුතුව සඳහන් කරනවා.
 
මේ අවස්ථාවේ 3/2 හා 20 වන සංශෝධනයෙන් උදම් වී රට ගිණි නොතබන ලෙසත්, බලයෙන් මත් නොවන ලෙසත්, බලයට කෑදර නායකයින්ට අපි කියනවා. මහජනතාව මෝඩයින් ලෙස සළකන්න එපා.'' කරු ජයසුරිය වැඩිදුරටත් කියා සිටියේය.
 
 

 

 

 
 

පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?

 
හම්බයාට දෙමළාට නොවැටෙන සිංහල කඳුළු
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්