''ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සිංහල බෞද්ධයන්ගේ උපරිම ඡන්ද ගත්ත නායකයෙක්. ඒ ඡන්ද ආපසු ගන්න බැරිවෙයි. ඊළඟ පාර වෙද්දී මුස්ලිම් ඡන්දත් ඕනවෙයි කියලා හිතන අය ඇති.'' යයි පූජ්‍ය
අතුරලියේ රතන පාර්ලිමේන්තු හිමියන් පවසති.
 
''සෞදිඅරාබියෙන් මුදල් ඇවිත් ඒ මුදල් වලින් ඉඩම ගත්ත. ඒවගේ බැටිකලෝ කැම්පස් එක පටන් ගත්ත. මේවට සල්ලි දුන්නේ කවුද? මේකෙ අරමුණ මොකක්ද? ඒ ගැන හොයන්න නඩුවක් දාලා තියෙනවා. ඒත් අද වෙනකම් නඩුව අහන්නේ නෑනේ.'' යි ද උන්වහන්සේ මැසිවිලි නගති.
 
 
උන්වහන්සේ එම කාරනා සඳහන් කර ඇත්තේ, සති අන්ත පුවත්පතක් සමග පැවති සාකච්ජාවකදීය. 
 
 
ප්‍රශ්නය
ඇයි එහෙම වෙන්නේ. මේක බහුතර සිංහල බෞද්ධ ඡන්දයෙන් හැදුණු ආණ්ඩුවක්.
 
රතන හිමි:
 
ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක අපට ලොකු හිතේ අමාරුවක්. කාදිනල්තුමා පල්ලිවල කඩු තිබීම ගැන නඩුදානවා. ඒ වගේ දේවල්වලදී නඩු දාන්න ඕනේ පොලිසියනේ. එතැනින් පේනවා නීතියේ තියෙන යම් යම් අඩුපාඩු. ඒකේ කාගේ වුවමනාවටද වෙන්නේ. සමහර අය හිතනව ඒවා නඩු දැම්මම මුස්ලිම් ජනතාව තරහවෙනවා කියලා. එහෙම කටයුතු කළොත් අන්තවාදී කටයුතු වැඩිවෙනවා. අපි අධිකරණ ක්‍රියාවලියකින් බලාපොරොත්තු වෙන්නේ නීතිය සහ සාධාරණත්වය.
 
 
 
ප්‍රශ්නය:
ජනාධිපතිතුමත් පැවසුවා මේක සිංහල බෞද්ධ බහුතර ඡන්දවලින් පත්වූ ආණ්ඩුවක් කියලා. ඒත් අද සිංහල බෞද්ධයන්ට සාධාරණයක් ඉටුවෙන්නේ නෑ නේද?
 
රතන හිමි :
මම එහෙමම චෝදනාවක් ආණ්ඩුවට කරන්නේ නෑ. නමුත් පොදුවේ මම කියන්නේ රජය මේ නඩු ඉක්මනින් අහන්න ඕන කියන තැන. 
 
 
 
ප්‍රශ්නය
අනාගත දේශපාලන න්‍යාය පත්‍රයේ එක් කොටසක් විදිහට මේ ආකාරයෙන් මුස්ලිම් ජනතාව දිනා ගැනීමේ ක්‍රියාවලියක යම් පුද්ගලයකු නිරතවී සිටින බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා.
 
රතන හිමි :
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සිංහල බෞද්ධයන්ගේ උපරිම ඡන්ද ගත්ත නායකයෙක්. ඒ ඡන්ද ආපසු ගන්න බැරිවෙයි. ඊළඟ පාර වෙද්දී මුස්ලිම් ඡන්දත් ඕනවෙයි කියලා හිතන අය ඇති.  ඒක නිසා මෙවැනි දේවල් වහනවද මේ විදිහට කටයුතු කරන්නේ කියලා මිනිසුන් හිතන එකේ වරදක් මම දකින්නේ නෑ.
 
 
 
ප්‍රශ්නය 
පාස්කු කොමිසමෙන් ලබාදී තියෙන නිර්දේශ ගැන ඔබවහන්සේ සෑහීමකට පත්වෙන්නේ නැද්ද?
 
රතන හිමි :
මේ කොමිෂන් සභා වාර්තාව තවම මට කියවන්න ලැබුණේ නෑ. ඒ නිසා ඒ ගැන නිශ්චිත අදහසක් දෙන්න බෑ.
 
 
 
ප්‍රශ්නය
බොහෝ දෙනා මේ ආණ්ඩුව පරිසර සංහාරයක් සිදුකරන බවට චෝදනා නඟනවා. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද?
 
රතන හිමි 
 
මම නම් හිතන්නේ ආණ්ඩුව ඉතා ඉක්මනින් ඉඩම් කොමිෂන් සභාව ස්ථාපිත කරන්න ඕන. මේ රටේ දේශපාලකයන්ටයි, ව්‍යාපාරිකයන්ටයි ඕන විදිහට රටේ ඉඩම් ටික කළමණාකරණය කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. 
 
උතුර නැගෙනහිර අයගේ ප්‍රධාන ඉල්ලීම තමයි ඉඩම් බලතල දෙන්න කියන එක. ඒත් එහෙම ඉඩම් බලතල දේශපාලඥයන්ට දෙන්න ඕන නෑ. ඒවා දෙන්න ඕන  ජනතාවට. ඉඩම්වල ඔප්පු පෙන්නලා ඉඩම් ගත්තේ දෙමළ රදළයෝ. සාමාන්‍ය ජනතාවට ඉඩම් ලැබුණේ නැහැ. ඒ අය ගොඩක් ඉන්නේ කැනඩාවේ.
 
 රජයට කළ යුතුව තිබුණේ පරණ ඔප්පු තිරප්පු බලල එම ඉඩම් ආයෙත් රදළයන්ට දෙන එක නෙමේ.  ජනතාවට බෙදල දෙන්න. ඉදිරියේදී උතුරු නැගෙනහිර ඉඩම් බෙදීමක් කළොත් ආණ්ඩුවට සෑහෙන පිළිගැනීමක් එයි. හැබැයි එතනදී සාධාරණව ඉඩම් බෙදන්න ඕන. 
 
රටේ ඉඩම් සහ වන වියන්වලින් සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ උතුරු හා නැගෙනහිර පළාතේ. ජනඝණත්වය වැඩියෙන් තියෙන්නේ දකුණෙ හා බස්නාහිර පළාතේ. මිනිසුන්ට ඉඩම් දෙනවා නම්, ලංකා ජනගහනයෙන් උතුරේ ජීවත්වෙන්නේ 15% වගේ ප්‍රමාණයක් මට හිතෙන්නේ.

 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්