කිළිනොච්චියේ ඉරණතීව් දූපතේ ධීවරන් මුහුදු යාමෙන් වැළකී ඊයේ (04 ) පස්වරුවේ සිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.
 
පළාතේ කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමට එරෙහිව දූපත් වැසියෝ මෙම විරෝධතාවය දියත් කොට ඇත.
 
කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීම නිසා ඒවායෙහි විෂබීජ ජලය සමග මුසු වී තම දූපතේ සෞඛ්ය තත්ත්වය ඉතා නරක අතකට හැරෙන බව පවසන ඉරණතීව් ධීවරයෝ එම තත්ත්වය ඔවුන්ගේ ධීවර කර්මාන්තයට විශාල හානියක් වන බවද කියා සිටිති.
 
ඉරණතීව් දූපතේ ධීවරයින් විසින් ආරම්භ කොට ඇති මෙම විරෝධතාවයට සහය ලබාදීම සදහා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමට උතුරේ එක්සත් ධීවර සංගමයේ විශේෂ රැස්වීමක්  හෙට (06 ) පෙරවරුවේ යාපනයේදී පැවැත්වේ.
 

kdfj

ලෝක මතය ඉදිරියේත්, විශේෂයෙන්, මෑතකදී ලංකාවට පැමිනි  පාකිස්තානු අගමැතිවරයාගේ බලපෑමත් නිසා, අඩියක් පස්සට තබා ඇති පාලකයින්, කෝවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට සැරසෙන බවක් පෙන්වමින් සිටියි.
 
 ඒ අනුව, ඉරණතිව් නමැති දූපතේ මුස්ලිම් ජාතික කෝවිඩ් මළසිරුරු භූමදානය කිරීමට සැරසෙති. ඒ සම්බන්ධයෙන් ප්‍රවීන දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ විසින් මෙවර 'අනිද්දා' පුවත්පතේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.
 
දැන් මතුවන ප්‍රශ්නය මෙයයි. ආණ්ඩුව විශ්වාස කරන විදිහට, මිනී වැළලීමේදී භූගත ජලය මාර්ගයෙන් කෝවිඩ් වයිරසය පැතිරෙයි නම්, ඉරණතිව් දූපතේ මිනී වැළලීමේදී එය සිදු නොවන්නේද? ඒ දූපතේද වෙසෙන්නේද මෙරට වැසියන් ය. එහෙත් එක වෙනසක් තිබේ. ඒ වැසියෝ දෙමළ ජාතිකයෝ ය. 
  
දැන් ඔබට පැහැදිලිද? එක සුළුජන වර්ගයකගේ මළමිනියකින් බෝ විය හැකි යැයි විශ්වාස කරන වසංගතයක්, තව සුළුජන වර්ගයක් වෙත ප්‍රවාහණය කෙරේ. කුමක් සඳහාද? මහ-ජන වර්ගයේ හිසින් ගත් එක් මිථ්‍යාවක් නඩත්තු කරනු පිනිස ය. 
 
'එය, 'ධම්මික පැණිය' සහ 'වතුර කළගෙඩි' සෙල්ලමට වඩා මුග්ධ ය. අමානුෂික ය.'
 
සබැඳි පුවත් :

 

 


 

 

 

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

ආණ්ඩුව කරන දේ වැරදි වුණාට අගමැති කියන දේ හරි! - හර්ෂ ද සිල්වා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්