රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් දේශපාලනඥයන්ගේ සහ
රජයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් රජරට පළාතේ සිදු වන බවට පරිසරවේදියකු චෝදනා කරයි.
 
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව, කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.
 Sajeewa chamikara
මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇති බවට චෝදනා කරන පරිසරවේදියා අවධාරණය කරන්නේ  මේ සඳහා පළාතේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ බිරිඳ, අමාත්‍යවරයාගේ ප්‍රධාන ආධාරකරුවන් සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් සහ සංවර්ධන නිලධාරියකු විසින් මේ පස් කැනීමේ ජාවාරම සිදු කරමින් පවතින බවයි.
 
පස් කැනීම් බලපත්‍ර ලබා ගැනීමේ දී වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කර ඇති අතර ඉහත පුද්ගලයන් විසින් සියලූ පස් කැනීම් කටයුතු සිදු කරමින් පවතින බව සජීව චාමිකර  වැඩි දුරටත් පෙන්වා දෙයි.
 
"ඒ සඳහා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අවශ්‍ය සියලූ සහයෝගයන් ලබා දෙමින් පවතී."
 
පලූගස්වැව,  කටුකැලියාව රජයේ කැලය වටා පලූගස්වැව, කටුකැලියාව, තම්මැන්නාව හා කරුවලගස්වැව යන ගම්මාන පිහිටා තිබේ.
 
මේ ගම්මානවල ගොවි පවුල් 600 ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන හා ගොඩ බෝග වගාවයි.
 
මහ කන්නයේ දී වී වගාව සිදු කරන අතර යල කන්නයේ දී කුඹුරු ඉඩම් කොටසක වී වගා කරන අතර ගොඩ බෝග ලෙස මිරිස්, වම්බටු, ගෝවා වැනි එළවලූ වර්ග වගා කෙරේ.
 
වී ගොවිතැන සහ ගොඩ බෝග වගාව හා සම්බන්ධ සියලූ ම ජල මූලාශ්‍ර පලූගස්වැව - කටුකැලියාව රජයේ කැලයෙන් ආරම්භ වේ.
 
වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත මෙම වනාන්තරයෙන් ආරම්භ වන දියදහරාවන් පලූගස්වැව, කටුකැලියාව වැව, ගම්මැන්නාව වැව, ඇලත්තන්කුලම වැව හා කරුවලගස් වැව පෝෂණය කරයි.
 
මීට අමතර ව මෙම වනාන්තරය වටා පිහිටි ගම්මානවල ගොඩ බෝග වගාව සඳහා වගා ළිං සකස් කර ජලය ලබා ගැනීම සිදු කරයි.
 
එම වගා ළිංවල ජල සුරක්ෂිතතාව රැදී ඇත්තේ පලූගස්වැව, කටුකැලියාව රජයේ කැලය මත  බවයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසන්නේ.
 
  Palugaswewa2

Palugaswewa3PalugaswewaPalugaswewa1

 
අමාත්‍යවරුන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් පාරිසරික අණ පනත් බොහොමයක් උල්ලංඝනය කරමින් මෙම පස් කැනීම් කටයුතු සිදු කරමින් පවතින බව පෙන්වා දෙන පරිසර වේදියා අවධාරණය කරන්නේ,  2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් රජයේ වනාන්තර ඉඩම්වල පස් කැනීම සිදු කරන බවයි.
  
දේශපාලන බලය භාවිතා කර මේ ආකාරයෙන් රටේ ස්වාභාවික සම්පත් හා කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාව විනාශ කිරීම මගින් සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි.
 
වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත සහ පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරමින් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය ඇතුළු ආයතන ඉඩම් නිර්දේශ ලබා දීම හා කැනීම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කර ඇති බවටත් එම ව්‍යාපාරය චෝදනා කරයි.
 

 

 


 

 

 පරිසරවේදීන් නොදන්නා පරිසර අර්බුදයේ ඇත්ත කතාව

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්