සිරස ලක්ෂපති වැඩසටහනේ ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් පළ කළ
සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ති‌බේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවයි.
 
මේ අතර වන විනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
 
ඔහු කියා සිටියේ එවැනි සිද්ධිවල නිරවද්‍යතාව තහවුරු කර, වන විනාශයන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.
 
 

 
 
සිරසෙ ස්ක්‍රිප්ට් එකක්ද ?
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමිත් බෝධිපක්ෂ සිය FB පිටුවේ පළකර ඇති සටහනයක් මෙසේ සඳහන් වේ.
 
''මේක සිරසෙ ස්ක්‍රිප්ට් එකක්ද, නැත්නම් වෙන දෙයක්ද කියන එක අදාළම නෑ.. ඒ වගේම මේ කියන දේ 100%ක්ම නිවැරදිද කියන එකත් ඒ තරම් වැදගත් නෑ. වැදගත් වෙන්නෙ ඒ දරුවගෙ ප්‍රකාශනය.
 
කවුරු කොහොම කිව්වත් මේ දරුවගෙ කතාව බොරුවක් නෙවෙයි කියන එක ඕන කෙනෙක් දන්නවා. රක්වානෙ විතරක් නෙවෙයි ලංකාව පුරා කැලේ කපනවා.. හැබැයි ඒක කෙළින් එලිපිට කියාගන්න හුඟදෙනෙකුට බැරිකමයි අවුල.. ඉතිං මේ වගේ 'හඬක්' වැදගත් වෙන්නෙ ඒකයි.  
 
මේ දරුවාට ඇත්තටම මේ සිද්ධ වෙන පාරිසරික හානිය වෙනුවෙන් පාරට බැහැලා කතා කරන්න, හඬක් නගන්න ඕන නම් සහ ඒ උවමනාව තියෙනවා නම්, අපි කැමතියි ඇයට බැකප් එකක් වෙන්න.. ඇය එක්ක හිටගන්න, ඇයට හයියක් වෙන්න.. 
 
එහෙම කළා කියලා ඔය රක්වාන, කලවාන වන විනාශය නවතින එකක් නෑ සමහර විට. ඒත් මේ වගේම සමාජ අසාධාරණයට විරුද්ධව නැගී හිටින්න කැමැත්තෙන් ඉන්න, ඒත් ඒකට අවස්ථාවක් නැති තව දහ දෙනෙකුට ඒක උත්තේජනයක් වේවි.. ඒක අනාගතේට සෑහෙන්න වටිනවා..  
 
ඒ නිසා මේ දරුවාව ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කරන්න පුළුවන් නම්, ඉස්සරහ පරම්පරාව තව කීපදෙනෙක්වත් හරි පාරට වැටෙයි ඉක්මනින්ම..

 

 


 

 

 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්