දකුණේ මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමක් වාර්තාවීමත් සමගම
ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් නැවතත් ආරම්භ වීමේ අනතුරක් මතුවී ඇතැයි විපක්ෂය බිය පල කර තිබේ.
 
හිටපු අමාත්‍යවරයකුද වන ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ 'සියරට' වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන සුජීව ගමගේ ගේ කට බැඳ, හිස ආවරණය කර කලු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා ඇති බවයි.
  
KaruJaමාර්තු 10 දින සිදුවූ පැහැරගැනීමට පස් දිනකට පසු හිටපු කතා නායක කරු ජයසුරිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස්, ඔහුට හිංසා සහ තර්ජනය කිරීම 2015ට පෙර යුගය සිහි ගන්වන බවයි.
 
එම යුගයේ පැහැරගැනීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වී බලයට පත් ඔහු මෙන්ම ද සිල්වා අමාත්‍යවරයාද නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හවුල් ආණ්ඩුවක් පවත්වා ගෙන ගිය අවුරුදු හතරහමාර තුල පැහැරගැනීම් නතර වී තිබුනේ නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිලිවලින් පෙනී යයි.
 Harsha 
කෙසේවෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ පනිවිඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ පැහැරගැනීම් “නැවතත් ආරම්භ කිරීමේ” සුදානමක් පවතීද යන්නයි.
 
මාධ්‍යවේදී සුජීව ගමගේගේ ප්‍රවෘත්ති මුලාශ්‍රයන් සම්බන්ධයෙන්ද ඔහු පැහැරගෙන ගියවුන් ප්‍රශ්න කර ඇති බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් සටහන් කර තිබේ.
 
ඔහු සම්බන්ධයෙන් පෙනී නොසිටීම සම්බන්ධයෙන් හිටපු කතානායකවරයා මාධ්‍ය කර්මාන්තයටද දොස් පවරා තිබේ.
 
 

Karu Tw

 
"තම සගයකුට තර්ජනයක් වූ විට නැගී නොසිටින මාධ්‍ය කර්මාන්තයේ තත්ත්වය කණගාටුදායකය."
 
විමර්ශන මගින් වැරදිකරුවන් සොයා දඬුවම් කර බලධාරීන් පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත යුතු බව හිටපු කතානායකවරයාගේ අදහසයි.
 
පැහැරගැනීමට ලක්ව ඇති මාධ්‍යවේදියා බිහල්පොල පාර, උඩවලවත්ත, පදිංචිකරුවෙකු බව පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.
 
පැහැරගැනීමෙන් පසුව ඔහු වෙනත් ස්ථානයකට රැගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පමුනුවා පහර දී ඇති අතර යකඩ පටියකින් අත සහ පපු පෙදෙස පුලුස්සා දමා  ඇති බව එම පුවත් වෙබ් අඩවි වැඩි දුරටත් වාර්තා කර තිබේ.
 
ඔහු සතුව තිබු ඔහුගේ දත්ත ගබඩා කරන පෙන්ඩ්‍රයිව් දෙකක් ඇතුලු සියලු ආම්පන්න උදුරා ගෙන ඇති බව එහි වැඩි දුරටත් සඳහන්ය.
 
පහරකෑමට ලක්වු මාධ්‍යවේදියා ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

 

 

 

 


 

 

 
 

 

තරුණ තරුණියන් මේ ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතාත් මේ සටනට එයි - CBK

 

ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - රෝහාන් සමරජීව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්