කුමන්ත්‍රණයක් මගින් පසුගිය පෙබරවාරි මාසයේ මියන්මාරයේ බලය අල්ලාගත් හමුදා ජුන්ටාව

නිල වශයෙන් පිළිගනිමින්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් එහි විදේශ අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත BIMSTEC සමුළුවට ආරාධනා කරමින් පසුගියදා යැවු ඇරයුම මේවනවිට බරපතල රාජ්‍යත්‍රන්ත්‍රික අවුලක් නිර්මාණය කර තිබේ.

 
විශේෂයෙන්ම මෙම ඇරයුම සිදුකරන්නට යෙදුන දා පටන් මියන්මාර් ප්‍රගතිශිලි ජනයා විසින් දැවැන්ත විරෝධයක් ශ්‍රි ලංකා රජය වෙත එල්ල කරමින් සිටින අතර සමාජ මාධ්‍ය වේදිකාවන් තුල මේ විරෝධය ඉතා වේගයෙන් පැතිර යමින් තිබේ.
 
නිරායුධ වැසියන් 180  කටත් වැඩි පිරිසක් දැනටමත් ඝාතනය කර, 1850 කට වඩා වැඩි පිරිසක් සිරගත කොට ඇති මියන්මාර හමුදා ජුන්ටාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයට විරෝධ පළකරමින්, විදේශ ඇමති දිනේශ් ගුණවර්ධන වෙත ලිපියක් භාරදිමට 'මියන්මාර ජනතා සහයෝගිතා කමිටුවේ' සමාජිකයන් ඊයේ (16)  කටයුතු කළේය.
 
එහිදි ඔවුන් විසින් ඇමතිවරයාට පවසා සිටියේ, මියන්මාර හමුදා පාලනයේ විදේශ ඇමතිවරයාගේ නමට යවා ඇති මේ ආරාධනා ලිපිය සම්බන්ධයෙන් විරෝධය පළකරන බවයි.
 
එමෙන්ම ඒ ඇරයුම ඉවත් කර ගත යුතු යැයිද විරෝධාතාකරුවන් විසින් විදේශ ඇමතිවරයාට දැනුම් දි තිබුණි.
 
දේශපාලන සංවිධාන, වෘත්තිය සමිති, තරුණ සංවිධාන, නිදහස් වෙළද කලාප කම්කරු සංවිධාන, සිවිල් සංවිධාන, නීතිඥ සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරින් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට පැවැති මේ විරෝධතාවයට එක්ව සිටියහ.
 
 Myanmar
 

nmzxc

nmzxcd

nmzxcdd

nmzxcddgy

 
සබැඳි පුවත් :
 

 

 


 

 

 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්