බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බවට පසුගිය 13 වන දින පැවසු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරට පකිස්තානු තානාපතිගේ බලපෑම් හමුවේ එම ප්‍රකාශය
හකුළා ගැනීමට සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ සමච්චලයට ලක්ව තිබේ. 
 
ඒ සම්බන්ධයෙන් වැඩිම විවේචනයක් එල්ලවී ඇත්තේ ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ගෙනි.
 
 
ඒ සම්බන්ධයෙන් පලව ඇති සමාජ මාධ්‍ය සටහනක මෙසේ සඳහන් වේ.
 
 
හරක් මස් තහනම් කලා
සියලු පුරවැසියන්ට හමුදා පුහුණුවක් දුන්නා
පාතාලය නැති කෙරුවා 
පොලීසිය දියුණු කලා
පාස්කු ප්‍රහාරකයින් ඇල්ලුවා 
ස්ත්‍රී දූෂකයින් මාධ්‍ය මගින් ප්‍රචාරය කලා
බුර්කාව තහනම් කලා 
මද්‍රසා පාසල් තහනම් කලා 
 
මෙතුමා කටින් කරන ජනතා සේවය කියා නිම කරන්න බෑ ?
 
  

 
 
ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ.
 
කෙසේවුවද විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයන්ත කොළඹගේ පවසන්නේ, එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර, එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය. 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

 
 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්