මුස්ලිම් ග්‍රන්ථ සහ කාන්තා ඇඳුම් වලට තහංචි පැනවීමට ගෙන ඇති තීරණය නිසා ජිනීවාහි විවාදයට ගැනීමට
නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ යෝජනාවේදී ඉස්ලාමීය රටවල සහාය නොලැබී යාමේ අවදානමකට රාජපක්ෂ පාලනය මුහුණ පා සිටී.
 
අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද එය හානිකර අයුරින් බලපානු ඇති බවට පකිස්තානය අනතුරු අඟවා තිබේ.
 
“ජාතික ආරක්ෂාවට සෘජු බලපෑමක්” බව කියාපාමින් බුර්කාව තහනම් කිරීමටත් මද්‍රාසා යනුවෙන් හැඳිවෙන ඉස්ලාමීය පාසල් දහසක් වසා දැමීමටත් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර තිබුණි.
 
යෝජිත මුස්ලිම් ශීර්ෂාවරණ තහනම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට ජාත්‍යන්තර තලයේ තවත් අහිතකර අයුරින් බලපෑමට හේතු වනු ඇති බව පකිස්තානය බරපතල අනතුරු ඇඟවීමක් කර තිබේ.
 
“ශ්‍රී ලංකාවේ පැනවීමට නියමිත නිකාබ් තහනමින් සිදුවනු ඇත්තේ සාමාන්‍ය ශ්‍රී ලාංකික මුස්ලිමුන්ගේ මෙන්ම ලෝකය පුරා මුස්ලිම්වරුන්ගේද හැඟීම් රිදවීම පමණකි,” යි ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් සාද් කටාක් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි.
 
Saad Khattak
 
“වසංගතය ඇතුළු ප්‍රතිරූපයට අදාල වෙනත් අභියෝග වලට ජාත්‍යන්තර සභාවල රට මුහුණ දී සිටින කාලයක ජාතික ආරක්ෂාවේ නාමයෙන් එවන් බේදකාරී පියවර ගැනීම ආර්ථික අමාරුකම් තියුණු කරනු පමණක් නොව, රටේ සුළු ජාතීන්ගේ මූලික මානව හිමිකම් ජාත්‍යන්තර සභා තුල පැතිර පවතින සැකය තවත් ශක්තිමත් කිරීම සඳහා පෙළඹවීමක් වනු ඇත.”
 
කෝවිඩ් වසංගතයෙන් මියයන අය බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා රජය ඉස්ලාමීය රටවල දෝෂ දර්ශනයට ලක්ව සිටියදී පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මැදිහත්වීමෙන් පසු මුස්ලිම්වරුන්ට භුමදානයේ අයිතිය හිමිවිය. 
 
එමගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව හිමිකරගත් වාසිදායක තත්වය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ බුර්කා තහනම සමගින් අහිමි වනු ඇති බවට රජය තුලින්ම කෝපය පල වී තිබේ.
  
zxvzxv
 
“ලංකාව ගැන ජිනීවා සංවාදය අන්තර්ජාතික වේදිකාවේ උණුසුම් ව යනකොටා මා, බොහෝ මුස්ලිම් රටවල් ලංකාව එක්ක ඉන්න අවස්ථාවේ ඇමති වීරසේකර බුර්කා තහනමක් ගැන කතා කරලා තියෙන්නෙ ඔහුට පිස්සුද නැත්නම් හිතා මතාම ලංකාව අමාරුවේ දාන්නද?” යි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති සමාජ මාධ්‍යයට එක්වෙමින් විමසා තිබුණි.
 
මෙයින් සතියකට ඉහතදී කුරානය ඇතුළු ඉස්ලාමීය පතපොත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයට යටත් කරන ලදී. 

 

 


 

 

 
 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

තරුණ තරුණියන් මේ ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතාත් මේ සටනට එයි - CBK

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්