theleaderlk 01

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.


ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගීවී ඇති බව වාර්තා විය.

එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරෙහි විශේෂ අවදානයක් යොමුවී තිබේ.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුවී ඇති බවද වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

(divaina.lk)

 


pe2024 2

worky sin

නවතම පුවත්