හැට නම ලක්ෂයක් අහිංසක පොහොට්ටු ඡන්ද මුදලාලි කෙනෙකුට විකිනීමට ඉඩනොදෙන බව මව්බිම ජනතා පක්ෂයේ නායක
දිලිත් ජයවීර පැවසීය

"හැටනවලක්ෂය අයිති නැහැ නාමල් රාජපක්ෂටවත් ඒ මුක්කු ගහන කාටවත්. හැටනවලක්ෂය කියන්නේ ඔය ඇදගෙන යන පොහොට්ටුව නෙවේ. ඒක අයිති  අපිට" යැයි පැවසු ඔහු "පූට්ටුවෙන්න ඉන්න ව්‍යාපාරිකයාගේ සල්ලි අපරාදේ" බව ප්‍රකාශ කළේ මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ භූමියේදී ඊයේ (05) පැවති රැලියකදීය.

රැලිය අමතමින් මව්බිම ජනතා පක්ෂයේ නායකයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

"අපි කවුරුත් පාර්ලිමේන්තු යන්නේ නැහැ ඇමතිකම් සූප්පු කරන්න. අපි විශ්වාස කරන්නේ දේශපාලනය. මමත් වසර 30ක් දේශපාලනය කරපු කෙනෙක්. මම ඡන්දය ඉල්ලුවේ නැති වුනාට මම විවිධ නායකයින් ගැන විශ්වාසය තැබූ කෙනෙක්. විවිධ අවස්ථාවලදී අපි අපේ දැඩි කැපවීමෙන් වැඩ කළා මේ රටේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒක සිද්ධ වුනේ නැහැ.

ගිය පාර පොහොට්ටුවට ඡන්දය දුන්නේ මේ වගේ රනිල් එක්ක ගමනක් යන්න නෙවේ. ඒ නිසා ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි මම සියලුම ව්‍යාපාරවලින් අයින් වෙලා, ව්‍යවස්‍යකත්ව කටයුතුවලින් අයින් වෙලා මම දේශපාලනයට බැස්සේ. මොකද අපිට මේ කිසිදු නායකයෙක් ගැන විශ්වාසයක් නැහැ. අපි දේශපාලනයට ආවේ මේ අයට බැරි නිසා. මේ අය බොරුකාරයෝ නිසා. ඒ රවට්ටපු අය ගැන අපිට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මේ දේශපාලන ව්‍යාපාරයේ හොදම දේ තමයි මේ අවංකකම හැමදාම තබා ගන්න. අපි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
xfgdfgdrrr

හැටනවලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ ඔබ වගේම මමත් ඇතුළුව මේ රටේ විනයක් බලාපොරොත්තුවෙන්. නමුත් අපි කවුරුත් ඡන්දය දුන්නේ නැහැ රනිල් වික්‍රමසිංහට පූට්ටු කරන්න. අපි කවදාවත් දේශපාලනයේ නොහිතපු රනිල් වික්‍රමසිංහ පාලනයකට හිතුවේ නැහැ. හැටනවලක්ෂයේ අයිතිය අපිටයි තියෙන්නේ. හැටනවලක්ෂය අයිති නැහැ නාමල් රාජපක්ෂටවත් ඒ මුක්කු ගහන කාටවත්. හැටනවලක්ෂය කියන්නේ ඔය ඇදගෙන යන පොහොට්ටුව නෙවේ. අපේ ජනතාවගේ පොහොට්ටුවට තමයි අයිති.

මේ දේශපාලනය අපි කරකවන්න හදන්නේ වෙන කොහෙට හරි කියලා කවුරි හරි කියනවා නම් ඒක සම්පුර්ණ බොරුවක්. අපිට ඕන ඔබේ ජිවිතයේ සතුට. ඔබට බොරු පොරොන්දු දුන්න දේශපාලන ක්‍රමය නැති කරන්න ඕන. ඒ දේශපාලනයට තිත තබන්න ඕන.

පොහොට්ටුවේ නායකයින්ට මම කියන්නේ කරුණාකරලා උත්සහ කරන්න එපා අහිංසක පොහොට්ටු ඡන්දයේ කවුරු හරි මුදලාලි කෙනෙකුට භාර දෙන ඡන්දයක් නෙවේ. මේ මව්බිමට ආදරය කරන දේශප්‍රේමී ඡන්දය පුට්ටු කරන්න උත්සහ කරනවා නම් අපි දැම්මම කියන්න ඕන අපරාදේ ඒ වියදම් කරන සල්ලි. ඒ නිසා මේ පොහොට්ටු ඡන්දය විකුනන්න දෙන්න බැහැ.
 
ඒ වගේම අපි මේ ඡන්දය කඩන්න එන පොඩි පක්ෂයක් කියලා කතන්දර කියනවා. අපිට අවශ්‍ය නැහැ උඩ ඉන්න මිනිහා පහලට ඇදලා දාන්න. මේ වෛරී දේශපාලනය ගෙවල් ගිනි තියන දේශපාලනය අපි නැති කරන්න ඕන. අපිට ඕන ගිනි නිවන දේශපාලනයක්. අපිට ඕන සෙනහසේ දේශපාලනයක්.


සිනොෆෙක් පෙට්‍රල් සෙඩ් එක ගෙනාවේ ආයෝජනයක් හැටියටද ?
 
ඒ වගේම සිනොෆෙක් පෙට්‍රල් සෙඩ් එක ගෙනාවේ ආයෝජනයක් හැටියටද කියලා මම අහන්න කැමති. ගෙනාව ආයෝජනය මොකද්ද කියලා මම අහන්න කැමති. එදා හැමදාම පෙළපාලි ගියපු අය අද ඉන්නේ කොහෙද? දැන් ඉන්නේ ඔඩොක්කුවේ. ආවේගශීලිව කතා කළාට වැඩක් නැහැ. එදා මැයි දිනයේදී කියනවා බටලන්ද කියලා. හැබැයි රෑට ආශ්‍රය කරන්නේ බටු ලන්දේ හිටපු පුද්ගලයෙක් වගේ. ඔහුට මේ දේශපාලන ආගමනය රිදෙනවා.

අපිට රෑ දවල් කියලා දේශපලනය දෙකක් නැහැ. ඒ නිසා මේ පාලනය කරගෙන යන මුක්කු ගහගෙන ඉන්න හැමෝම එකයි. අද මේවාට විරුද්ධ වෙන්න කවුරුත් නැහැ. සමාගම් විකුණනවට කවුරුත් විරුද්ධ වෙන්න නැහැ. දැන් වතු කම්කරුවන්ට රුපියල් 1700ක් වැඩි කලාට ඒක කරන්න බැහැ. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එහෙම වැඩපිළිවෙලක් නැතුව තමයි තීරණ අරගෙන තියෙන්නේ. මේ ඇස්බැන්දුම් දේශපලනයේ බාල වැඩ මේවා. හැබැයි අපේ දේශපලනය තුල කවදාවත් කණගාටු වෙන දේවල් සිද්ද වෙන්නේ නැහැ. අපි පොරොන්දු වෙන හැම දෙයක්ම ඉෂ්ඨ කරනවා.

මේ ඔක්කොම හොරු. සත පහක් බදු ගෙවන්නේ නැතුව සුපිරි ජිවිත ගත කරන හොරු. ඔවුන් ඇදගෙන ඉන්න ඇදුම්වලට බදු ගෙවලා නැහැ. ඔය වාහනවලට බදු ගෙවලා නැහැ. ඔවුන් ඒ සැප විදින්නේ අහිංසක ජනතාව ගෙවන සල්ලි වලින්. ඒ නිසා අපි ගැන විශ්වාසය තබන්න."


''දිලිත්ට රට භාර දුන්නොත් රට ගොඩ'' - ජවිපෙ හිටපු මන්ත්‍රී පියසිරි විජේනායක
 
fsgdfgret
ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක

මව්බිම ජනතා පක්ෂයේ මතුගම රැලිය ඇමතු ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වන පියසිරි විජේනායක කියා සිටියේ, දිලිත් ජයවීරට රට බාරදුනහොත් රට ගොඩදැමිය හැකි බවයි.

තවදුරටත් ඔහු මෙසේද පැවසිය.

''ඩී. එස් සේනානායක මහත්තයාගෙන් පටන් අරගෙන එක එක පක්ෂවල නායකයින්ට රට භාර දීලා බලාගෙන හිටියා. අපි  හාල් තුනයි පනහට ගන්න ඡන්දය දුන්නා, රට බේරා ගන්නත් ඡන්දය දුන්නා. අපි ඒ හැම නායකයෙක්ම හැදුවේ දේශපාලන පක්ෂයක, ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවල, පාර්ලිමේන්තුවේ ඇවිද ඇවිද ඉදලා කාලයක් ගත වෙච්ච නායකයින්. ඒ නායකයින්ට තිබුනේ මොකද්ද? පළමු ප්‍රශ්නය තිබුණේ ඩී. එස්, ඩඩ්ලිගෙන්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ 77 පස්සේ බලයට ආපු හැම නායකයාටම වුවමනාවක් තිබුණා තමන්ගේ පුතා ඉස්සරහට ගේන්න. තමන්ගේ මඩිය තර කර ගන්න. ඒ නායකයින්ට තිබුනේ නැහැ ජාතික දැක්මක්. ඒ නායකයින්ට තිබුනේ නැහැ ජාතික බලාපොරොත්තුවක්. ඔවුන්ට තිබුනේ එකම එකක්. ඒ තමයි අපි කරනවා කියන එක විතරයි.

අපි මේ දිලිත් ජයවීර ගෙනත් තියෙන්නේ මතුගම ආසනයෙන් ඡන්දය ඉල්ලන්න නෙවේ. පක්ෂයේ නායකයා විදියට මෙතුමා එළඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මෙරටේ රාජ්‍ය නායකයා කරන්න.

 නිකන් හිතලා බලන්න ආර්. ප්‍රේමදාසට වඩා ගව් සියක් පසුපස ඉන්නේ සජිත් ප්‍රේමදාස. ඔහු මේ රටේ ජනාධිපති වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට වැඩිය අන්ත වෙනවා. දැක්මක් නැහැ. ඔහු ලෝකය දකින්නෙත් නැහැ. රට දකින්නෙත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සජිත් ප්‍රේමදාසගේ පියා දේශපාලනය කළා. එයා රටේ ජනාධිපති වුණා. විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගත්තා. එක දවසක්වත් මේ රටට මොනවා හරි තමන්ගේ ශක්තියෙන් සජිත් ප්‍රේමදාස මේ රටට කරපු දෙයක් කියන්න. තමන්ගේ හැකියාවෙන්, දැනුමෙන් මුකුත් කරලා නැහැ. කොහෙන්දෝ ආධාර එකතු කරලා පාසල්වලට බස් බෙදනවා. ඔහොම කොහොමත් රට හදන්න බැහැ එතුමාට.
 
''ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔයා ඔහොමම ඉන්න. ඔයාට මේ රටේ ජනතාව ඡන්දය විතරක් දෙන්නේ නැහැ. බස් බෙද බෙද ඉන්න. අපේ පරණ යාළුවා අනුර කුමාර. ඔහු විශ්වවිද්‍යාලයට ආවා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට ආවා. කුමන්ත්‍රණය කරලා සෝමවංශ අමරසිංහ දොට්ට දාලා පක්ෂ නායකයා වුණා. අඩුම තරමේ කුලී වැඩක් කරලා හම්බ කරලා යට ඇදුමක් සල්ලිවලට අරගෙන ඇදලා තියෙනවද? නැහැ. එහෙම දැක්මක් නැති කෙනෙක්ට රට බාර දුන්නොත් එහෙම රටට මොකක් වෙයිද? ඒ නිසා අනුර ඔහොම ඉන්න, සජිත් ඔහොම ඉන්න.''

දැන් ඊළගට කට්ටිය කියනවා නේ රට බේරා ගත්ත නායකයා රනිල් වික්‍රමසිංහ කියලා. ඔහු පරාද වෙලා ගෙදර හිටපු මිනිහා. මොකද්දෝ පිනකට ජනාධිපති වුනා. මේ සම්මජ්ජාතියකට ජනාධිපති නෙවේ මහින්ද රාජපක්ෂගේ ගැලවුම්කාරයා වෙලා ජනාධිපති වුණා. ඒ නිසා ඔබතුමාගේ නිල කාලය ඉවර වුනාම පාඩුවේ ගෙදර ගිහින් පොතක් පතක් බලාගෙන ඉන්න.

ඒ නිසා වැඩක් කරන්න පුළුවන් නායකයෙක් රටට ඕන. ඒ සදහා හොදම නායකයා තමයි දිලිත් ජයවීර කියන්නේ. ඔහුට රට භාර දුන්නොත් රට ගොඩ.



''ව්‍යවසායක රාජ්‍යක් තුළින් ඔබ සියලු දෙනාම සතුටින් තියන්න පුලුවන්'' -ව්‍යවසායක උපාලි ජයසේකර  
fghdfghdfg
ව්‍යවසායක උපාලි ජයසේකර

රැලිය ඇමතු ව්‍යවසායක උපාලි ජයසේකර  මෙසේ සඳහන් කළේය.

'' මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන අරමුණ සතුටු දැයක් නිර්මාණය කිරීම.  සතුටු දැයක ජීවත් වෙනකොට සතුටින් ගෙදර පවුලේ ආදායම, කාටත් අත නොපාන ආදායමක් ඇතිකරන පසුබිමක් නිර්මාණය කිරීම තමයි අපි මේ කරන්නේ. මේ රටේ කිසිම කෙනෙක්ට හීනයක් දකින්න බැහැ. හීන බොද වෙනවා. අඩුම තරමේ පුස් සයිකලයක් ගන්නවත් හීනයක් දකින්නේ නැහැ. මේ රටේ පාලනය කරපු මෝඩ අමන තක්කඩි පාලකයෝ නිසා ලෝකයේ දුප්පත්ම රට බවට පත්කරල තියෙනවා. ඔවුන් තමයි මේකට වගකියන්න ඕන.

දිලිත් ජයවීර එක්ක එකතු වී අපි මේ හම්බ කරන්න නෙවෙයි උත්සහා කරන්නේ. අපිට දේශපාලනයෙන් හම්බ කරන්න දෙයක් නැහැ. මේ රටේ සම්පත් සියල්ල හූරා කාලා. අද අපේ දරුවන්ට එදා වේල කන්න බැරි තත්වයට රට පත්කරලා. මේ ව්‍යවසායක රාජ්‍යක් තුළින් ඔබ සියලු දෙනාම සතුටින් තියන්න පුලුවන් රටක් නිර්මාණය විය යුත්තේ ඒ නිසයි. ඒ තැනට අපි දියුණු කරන්න ඕන.

තරුණ ගොවි මහතෙක් බෝංචි කිලෝ 107 ක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට දෙනවා. එතුමට රුපියල් 40 ගානේ තමයි දීලා තියෙන්නේ. ලොරී කුලි කොමිෂන් ඔක්කොම අයින් කරල එයාගේ ලාභය රුපියල් 1000 යි. මේ දාහ ගන්න මේ ගොවි මහතට දවස් හැටක් මහන්සි වෙලා. බෝංචි හදලා ඵලදාව එනකල්. හැබැයි පාරිභෝගිකයෝ විදිහට අපි බෝංචි කෑවේ රුපියල් 200 ට. ඒ තරුණ මහත්තයාගේ ආර්ථික වටිනාකම රුපියල් 21 400 යි. ඒ ගොවි මහතාගේ ලාභය 1000 යි. ව්‍යවසායක රාජ්‍ය තුලින් අපි ගොවියට කරන්නේ නිෂ්පාදන පිරිවැය ගොවියට අරන් දීමයි. ඒ විතරක් නොවෙයි ලාභයත් ගොවියට අරන් දීමයි.  අර ගොවි මහතාගේ බෝංචි කිලෝවේ අවම විකුණුම් මිළ රුපියල් සියයයි. එහෙම වික්ක නම් රුපියල් 10 400 ක් ලැබෙන්න ඇති.

ව්‍යවසායක රාජ්‍යක් තුළින් පාරිභෝගිකයාට යන සිල්ලර මිළ අපිට කියන්න පුළුවන්. ඒකෙන් පාරිභෝගිකයා වගේම ගොවියත් සතුටු වෙනවා. ජපානය බලන්න ව්‍යවසායක පාලකයෝ සහ බලධාරීන්. ජනතාවත් එහෙමයි. ඔවුන් රුපියල් 100 ට හාල් ගෙනත් නොකා රුපියල් 800 ට හාල් ගෙනත් කනවා. නමුත් මේ රටේ පාලකයන්ට ඒ වගේ සිතුවිල්ලක් හෝ අවබෝධයක් නැහැ.

 
''අපි විප්ලව කරනවා'' - ආචාර්ය සරත් අමුණුගම

fgjhfghfghආචාර්ය සරත් අමුණුගම

එම පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම රැලිය අමතමින් මෙසේ පැවසිය.

''අපි කිසිම පක්ෂයකින් නොකරපූ දේවල් අපේ පක්ෂයෙන් කරනවා. ඒක අපි පොරොන්දු වෙනවා. ජනාධිපතිවරණය පවත්වන්නේ ඔක්තෝම්බර් 07 වැනිදා.  ඒ සදහා අපි ලෑස්ති වෙන්න ඕන. වත්මන් ජනාධිපති දහන් ගැට සියල්ලම ගැහුව්වා මේ ඡන්දයෙන් බේරෙන්න. නමුත් ජනාධිපතිවරණය තියන්න ඕන. ඒ මැතිවරණයෙන් ඔහුට ගෙදර යන්න සිද්ද වෙනවා. ඒ ජනාධිපතිවරණය කාටවත් නවත්වන්න බැහැ. ඒක කාටවත් නවත්වන්න බැහැ. නවත්වන්න හැදුවොත් අපි විප්ලව කරනවා.

දේශපලනය හැම කෙනෙකුටම කරන්න බැහැ. ඒ සදහා දැක්මක් තියෙන්න ඕන. දැනුමක් සහිත නායකත්වයක් නම මව්බිම ජනතා පක්ෂය තමයි. අපිට ඕන තරුණ පක්ෂයක්.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්