leader s

යුක්රේනයේ ඔලෙක්සැන්ඩ ඌසික් මේ ශතවර්ෂයේ පළමු අවිවාදිත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වුනා.

 

බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමග සෞදි අරාබියේදී ඊයේ රාත්‍රියේ පැවති තරගය විනිසුරුවන්ගේ බෙදුනු තීරණයක් මගින් ජය ගනිමින් ඌසික් වසර 25කට පසුව අවිවාදයෙන් පිළිගැනෙන ලෝක හෙවිවේට් ශූරයා බවට පත්වූයේ 1999 වසරේ ලෙනික්ස් ලුවිස් ට පසුව. 

රියාද් නුවර සෙනසුරාදා රාත්‍රියේ පැවති ඉතාමත් තියුණු තරගයේ වට 12 අවසන් වන විට තරගයේ විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඌසික් ජයග්‍රාහකයා ලෙස තීරණය කර තිබුනා. ඌසික්ගේ වාසියට 115-112 හා  114-113ක් වශයෙන් විනිසුරුවන් දෙදෙනෙක් ලකණු ලබා දුන් අතර තෙවැනි විනිසුරුවරයා 114-113ක් ලෙස ලකුණු ලබා දුන්නේ ෆියුරිගේ වාසියට. 

 



තරගය අවසන් වීමෙන් පසුව බොක්සිං වළල්ල තුළ සිටිමින් නොහොබිනා ප්‍රකාශයක් කළ පරාජිත ටයිසන් ෆියුරි, විනිසුරුවන් බෙදුනු තීරණයක් මගින් ඌසික් ට ජයග්‍රාහණය පිරිනැමුවේ ඔහුගේ රට රුසියාව සමග යුද වැදී සිටින නිසා බව පැවසුවා. තමා සටන ජය ගත් බවත් ඌසික් දිනුවේ වට කිහිපයක් පමණක් බවත් ඔහු කියා සිටියා.

“තරගය දිනුවේ මමයි කියලා මම විශ්වාස කරනවා. ඔහු වට කිහිපයක් ජය ගත්ත බව මම විශ්වාස කරනවා. නමුත් වට වැඩි හරියක් දිනුවේ මම යි” ෆියුරි ප්‍රකාශ කළා. 

“අපි දෙන්නා ම අපට කරන්න පුළුවන් උපරිමයෙන් හොඳ සටනක් දුන්න බව මම විශ්වාස කරනවා. එයාගෙ රට යුද්ධයක ඉන්න බව ඔබ දන්නවා. මිනිස්සු ගන්නේ යුද්ධයක නිරතව ඉන්න රටේ පැත්තයි” ෆියුරි පැවසුවා.

 

‘ජිප්සි රජා’ ලෙසින් හැඳින්වෙන ටයිසන් ෆියුරි තවදුරටත් කියා සිටියේ, “කිසිම කෙනෙක් වරදවා වටහා ගන්න එපා. මගේ මතය හැටියට මේ තරගය දිනුවේ මම යි” යනුවෙන්.

ෆියුරි මෙසේ කියන විට ඔහුගේ මුහුණට ඌසික්ගේ කඳවුරෙන් වතුර විසි කෙරුනු අතර එය නතර කරන ලෙස ඌසික් ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

අපරාජිත හෙවිවේට් බොක්සිං ශූරයන් දෙදෙනෙක් අතර පැවති මේ තරගය අර්ධ දෙකක කතාවක් වුනා. ෆියුරි තරගයේ ආරම්භක වටවලදී ඔහුගේ ආධිපත්‍ය පැතිර වීමෙන් පසුව ඌසික් නැවත සටනට අවතීර්ණ වෙමින් තරගයේ පාලනය තමන් සතු කර ගත්තේ නව වැනි වටයේදී  පිට පිට දරුණු පහර එල්ල කර ෆියුරි අන්දමන්ද කරමින්.

අවසාන වටයෙන් පසුව, සටන්කරුවන් දෙදෙනා අතර අන්‍යේන්‍ය ගෞරවයක් දක්නට ලැබුනු අතර දෙදෙනා එකිනෙකා වැළඳගෙන හාදු හුවමාරු කරගෙන තරගයේ තීරණය ලැබෙන තුරු බලා සිටියා.

 

bc5f4860 1576 11ef 976f 87c9f89e656eඅවසාන වටයෙන් පසුව, සටන්කරුවන් දෙදෙනා අතර අන්‍යේන්‍ය ගෞරවයක් දක්නට ලැබුනු අතර දෙදෙනා එකිනෙකා වැළඳගෙන හාදු හුවමාරු කරගෙන තරගයේ තීරණය ලැබෙන තුරු බලා සිටියා.
කෙසේ වෙතත්, ෆියුරිගෙන් කනස්සලු ගතියක් දිස්වූයේ ඌසික් ජයග්‍රාහකයා ලෙස නම් කළ අවස්ථාවේ. “ජනතාව ඌසික්ගේ පැත්ත ගන්නේ යුක්රේන් යුද්ධය නිසා” යැයි ෆියුරි කියා සිටියා.

තරගයේ 6 වැනි වටයේදී ෆියුරිගෙන් ඌසික්ගේ සිරුරට බර පහරක් එල්ල වූවත් එය දරාගෙන සිටීමට ඔහු සමත් වුනා.

සටන කණපිට පෙරලුනේ 9 වැනි වටයේදී. එහිදී යුක්රේනුවා නැගී සිටියේ ඔහු සතුව එවැනි ශක්තියක් තවමත් ඉතිරිව තිබෙන බවට ෆියුරි නොසිතූ විලාශයෙන්. ඌසික් බ්‍රිතාන්‍ය හෙවිවේට් සටන්කරුවා විශ්මයට පත් කරවමින් ශක්තිමත් පහර වැලක් එල්ල කරන්නට වූ අතර ෆියුරි බේරුනේ එම වටය අවසන් බවට හඟවන සීනු නාදයේ පිහිටෙන්. තරග බිමේ කඹවලට හිරකර ෆියුරි ට ඌසික් එල්ල කළ අනුකම්පා විරහිත ප්‍රහාරයෙන් පසුව තරග විනිසුරු මැදිහත්ව තරගයේ එම වටය සීනුවත් සමග ම නතර කළේ ඌසික් ට ප්‍රතිවාදියා බිම හෙළීමේ ලකුණු ලබා දෙමින්. විනිසුරු ඒ අවස්ථාවේ තරගය නතර නොකළා නම් ඌසික්ගේ පහරවලින් ෆියුරි බිම ඇද වැටීමට ඉඩ තිබුනා.

ඌසික් 10 වැනි වටයේදී ඔහුගේ ආක්‍රමණය දිගටම පවත්වා ගෙන යමින් ‌සිය ආධිපත්‍ය ‌ෆියුරි අභිබවා ගෙන ගියේ තවදුරටත් ෆියුරිව ඔහුගේ පසු පාදයේ තබා ගනිමින්. දහ වැනි වටයෙන් පසුව තරගකරුවන් දෙදෙනාගෙන් ම අධික වෙහෙස පෙනෙන්නට වූයේ අතිවිශිෂ්ට සටනක දෙදෙනා ම ඔවුන් සතු සියළු ශිල්ප ඒ වන විට ප්‍රදර්ශනය කර තිබූ බැවින්.

 

box 1දහ වැනි වටයෙන් පසුව තරගකරුවන් දෙදෙනාගෙන් ම අධික වෙහෙස පෙනෙන්නට වූයේ අතිවිශිෂ්ට සටනක දෙදෙනා ම ඔවුන් සතු සියළු ශිල්ප ඒ වන විට ප්‍රදර්ශනය කර තිබූ බැවින්.
අවසන් වටයේදී දෙදෙනා ම පහර හුවමාරු කරගත් අතර විනිසුරුවන් ඌසික් 115-112, ෆියුරි 114-113 හා ඌසික් 114-113 වශයෙන් අවසානයේ ලකුණු ලබා දී තිබුනා.

තමාට තරගයේ පරාජිතයා වීමට සිදුවූයේ ඌසික්ගේ රට යුද්ධයක පැටලී සිටින නිසා සහ ජනතාව ගන්නේ යුද ආක්‍රමණයකට ලක්ව සිටින රටේ පැත්ත නිසා බව කී ෆියුරි තමාගේ මතය හැටියට තරගය දිනුවේ තමා බව කීවා. ඊට ඌසික්ගේ පුහුණුකරු පැහැදිලිවම එකඟ වුනේ නැහැ. තරගයේ නව වැනි වටයේදී ඌසික් ට ලැබීමට තිබූ, ප්‍රතිවාදියා බිම හෙළීමේ ජයග්‍රහණය ඔහුගෙන් සොරකම් කළ බව පුහුණුකරු තරගයෙන් පසුව පෙන්වා දුන්නා.

ජයග්‍රාහී ඌසික් ට තමාගේ අදහස් දැක්වීම පිණිස තරගයෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි වූයේ සටනේදී ඔහුගේ හක්ක බිඳී තිබුනු නිසා රෝහලට යාමට සිදුවූ බැවින්.

 



ඔහු නැති තැන පරාජිත ෆියුරි මෙසේ පුරසාරම් දෙඩුවා: “ඔයාලා මගේ මුහුණ දැක්කා ද? ඒකට තුවාලයි. එයාගෙ මූණටත් තුවාලයි. නමුත් එයා මගේ පහරවලින් හක්ක කඩාගෙන ඔන්න දැන් ඉස්පිරිතාලෙට ගියා. අපි වට දොළහක් හොඳට ගුටි ඇන ගත්තා.”

“මේකෙන් පස්සේ අපි දෙන්නම ගෙදර යනවා. කෑම කාලා, බීර විදුරු කිහිපයක් බීලා, පවුලේ අයත් එක්ක වෙලාව ගත කරනවා. මගේ බල්ලාත් එක්ක මම ඇවිදින්න යනවා. ඊට පස්සේ මම ෆ්‍රෑන්ක් (ෆියුරිගේ තරග ප්‍රවර්ධක) එක්ක අනාගතයේ මොකද වෙන්නේ කියා හිතලා බලනවා.”

නැවත තරගයක් පැවැත්වීමට ඌසික් හා ෆියුරි යන දෙදෙනා ම නීතියෙන් බැඳී  සිටින බව ෆියුරිගේ ප්‍රවර්ධක ෆ්‍රෑන්ක් වොරන් ඊයේ තරගයෙන් පසුව සියළු දෙනාගේම සිත් කාවදින ලෙස මතක් කර දුන්නා. ෆියුරිගේ මීළඟ ඉලක්කය එය වනු ඇති බව වොරන් අඟවා සිටියා.

ඌසික්ගේ හක්ක බිඳී තිබේ නම් මේ කාරණා සංකීරණ වීම නියත යි. ටයිසන් ෆියුරි සහ ඔලෙක්සැන්ඩ ඌසික් අතර නැවත කරන සටන මේ වසර අවසන් වීමට පෙර පැවැත්වෙනු දැකීමට අවශ්‍ය බව සෞදි බොක්සිං තරග ප්‍රධානී Turki Alalshikh කළින් පවසා තිබුනා. ඔහු එසේ අවධාරණය කර තිබුනේ එම තරගයේ ජයග්‍රාහකයා සමග තරග කිරීමට 2025 වසරේ පළමු කාර්තුව තුළ ඇන්ටනී ජොෂූආ ට මං විවර කර දීමේ අරමුණින්. ෆියුරි සහ ඌසික් ඔක්තෝබරයේදී නැවත තරග කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

69089615 1006තමාගේ මව්රටේ පවතින යුද්ධයෙන් පීඩා විඳින මිනිසුන්ට පිහිට වීමට තමාට අවශ්‍ය බව ඌසික් තරගයට පෙර කියා තිබුනා.

 

තමාගේ මව්රටේ පවතින යුද්ධයෙන් පීඩා විඳින මිනිසුන්ට පිහිට වීමට තමාට අවශ්‍ය බව ඌසික් තරගයට පෙර කියා තිබුනා. ඔහුගේ පරිත්‍යාගශීලී ආයතනය වන ‘ඌසික් පදනම’, රුසියාව සමග යුද්ධයට මැදි වී සිටින යුක්රේන් ජීවිත බේරා ගැනීම සඳහා ගිලන් රථ 50ක් මිලදී ගැනීමට යුරෝ මිලියනයක් රැස් කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. 

රුසියානුවන්ගේ යුක්රේන් ආක්‍රමණය ගැන ඔහු මෙසේ කියනවා: “මගේ එදිනෙදා දින චර්යාව ඇරඹෙන්නේ දුරකථනය අතට ගනිමින් සහ  Kyiv, Kharkiv හා අනෙකුත් නගරවලට අද කොච්චර බෝම්බ වැටුනාද කියා දැන ගන්න ප්‍රවෘත්ති අසමින්.”

“සෑම උදෑසනකම මම මගේ සියළුම මිතුරන් හා ආදරණීයයන් තවමත් ජීවත් වෙලා ඉන්නවාද කියලා පරීක්ෂා කර බලමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාච්ඤා කරනවා. මේ වගේ තමයි මිලියන් ගණන් යුක්රේනුවන් ඔවුන්ගේ දවස ආරම්භ කරන්නේ.”

“අවිවාදයෙන් පිළිගැනෙන ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා තෝරා ගැනීමේ මේ තරගයට පෙර, මට සහයෝගය පළ කරමින් ලෝකය වටෙන්ම මට කතා කළා. ඒ වචන මාව ජයග්‍රහණය සඳහා පොළඹවා මාව දිරිමත් කළා!”

 

olexandr usyk dv7yv29n3ov21f5fl0z1okwz6තරගයෙන් පසුව මේ කිරුළු හතර ම ඒකාබද්ධ වීමත් සමග ඔලෙක්සැන්ඩ ඌසික් මේ ශතවර්ෂයේ ප්‍රථම අවිවාදිත ලෝක හෙවිවෙට් බොක්සිං ශූරයා බවට පත්වුනා.
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ, ඇන්ටනී ජොෂූආ සහ නේමා වැනි ක්‍රීඩා ලෝකයේ ඉහළින් ම දිලෙන ක්‍රීඩක තරු ගණනාවක්ම මේ තරගය නැරඹීම පිණිස පැමිණ සිටියා. සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ අල්-නසර් කණ්ඩායමට ක්‍රීඩා කරන රොනාල්ඩෝ සෞදි අරාබියේ පැවැත්වෙන ප්‍රධාන බොක්සිං තරගවල ස්ථිර නරඹන්නෙක් බවට පත්ව සිටිනවා.

ඌසික් මේ තරගයට පිවිසියේ ඔහු සතුව තිබෙන IBF, WBO සහ WBA ලෝක හෙවිවේට් ශූරතා පරදුවට තබාගෙන. ෆියුරි පැමිණියේ ඔහු හිමිකර ගෙන සිටි WBC ලෝක හෙවිවෙට් කිරුළ සමග. තරගයෙන් පසුව මේ කිරුළු හතර ම ඒකාබද්ධ වීමත් සමග ඔලෙක්සැන්ඩ ඌසික් මේ ශතවර්ෂයේ ප්‍රථම අවිවාදිත ලෝක හෙවිවෙට් බොක්සිං ශූරයා බවට පත්වුනා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්