යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 6 වැන්න ඉකුත් දෙසැම්බරයේ දී ආරම්භ කෙරුණු අතර එය මාර්තු 25 වැනිදා දක්වා, මාස තුනක කාලයක් තිස්සේ
පවත්වාගෙන යාමට සංවිධායක මණ්ඩලය කටයුතු කරමින් සිටියි.
 
ඒ අනුව උළෙලේ අවසන් අදියර හෙට (18) දිනයේ යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී ඇරඹීමට නියමිත ය. මාර්තු 25 වැනිදායින් අවසන් වන තුන්වන අදියරේ දී දෙස්, විදෙස් සිනමාපට 14ක් ප්‍රදර්ශනය කරනු ඇත.
 
චිත්‍රපට ප්‍රදර්ශන කාලසටහන මෙසේය,
 
 
 

159904832 1603760596496383 4224595538437992417 o

 
 
යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ පළමුවැනි වැඩසටහන දෙසැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින 6ක් පුරා යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී පැවැත්වුණු අතර එහිදී සිනමාපට තිරගත කිරීම් මෙන්ම සාකච්ඡා ද පැවැත්වුණි. 
 
ප්‍රකට දෙමළ සාහිත්‍ය සහ සිනමා විචාරකයකු සේම ප්‍රවීන මාධ්‍යවේදියකු වන කේ.එස්. සිවකුමාරන් වෙත සිනමා උළෙලේ යාවජීව සම්මානය පිරිනැමුණි. 
 
එහි දෙවැනි වැඩසටහන පැවැත්වුණේ ජනවාරි 29 වැනිදා සිට පෙබරවාරි 7 වැනිදා දක්වා ය. 
 
සිනමා උළෙලේ තරග වදින දෙස් විදෙස් කෙටි චිත්‍රපට එම අදියරේ දී ද ප්‍රදර්ශනය කෙරුණු අතර සම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් විසින් වැඩමුළුවක් ද සිදු කෙරුණි. 
 
(අවාරා)
 
 
###############
 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්