ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ආහාරයට ගත හැකි පොල් තෙල් ආනයනකරුවකු වන 'සේන මිල්ස් පිරිපහදුව' සමාගම විසින් ගෙන්වා ඇති පොල් තෙල්වල 'ඇෆ්ලොටොක්සින්' මට්ටම සඳහා අවශ්‍ය තත්ත්ව පරික්ෂාව සමත්ව
ඇතිබව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දී සිටියි.
 
 
ඒ අනුව, එම සමාගම විසින් ආනයනය කරනු ලැබූ පොල් තෙල් මහජනතාව වෙත මුදාහරින ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින්  ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත. 
 
 
Sena latter 30
 
 
රජය විසින් 2021.03.26 වන දින නිකුත් කළ නිවේදනයක සේන මිල්ස් රිෆයිනරීස් සමාගම සඳහන් කර තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පසුව පැවසුවේ එම සමාගම ඊට සම්බන්ධ නොවන බවය.
 
කෙසේවුවද, අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ තෙල්තොගවල 'ඇෆ්ලටොක්සින්' නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඊයේ (29) දිනයේදී නිවේදනය කර සිටියේය.
 
 
THE LEADER TV 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්