ශ්‍රී ලාංකික ජනගහනයෙන් ලක්ෂ දහසයක පමණ පිරිසක් ආබාධිත තැනැත්තන් බව හෙළි වී තිබේ.
 
 
ආබාධ සහිත තැනැත්තන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට මෙන් ම පොදු ස්ථානවලට ප්‍රවේශවීමේ පහසුකම් තව දුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිරීති ශක්තිමත් කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ.
 
ආබාධ සහිත තැනැත්තන් සඳහා පහසු සැලසීම පිළිබඳ 2006 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා ඇත්තේ ආබාධ සහිත තැනත්තන් උදෙසා වන ජාතික මහා සභාවට එක් වෙමිනි.
 
උත්සවය සමෘද්ධි අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මාර්තු 30 අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
ආබාධ සහිත තැනැත්තන්ට පොදු ප්‍රවාහන භාවිතයේදී මුහුණ දීමට සිදු වූ අපහසුතා හඳුනා ගැනීම, ඔවුන් පිළිබඳ වාර්ෂික සංගණනයක් සිදු කිරීම, මුදල් නෝට්ටු හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ අඩුපාඩු, ආබාධිත ව්‍යවසායකයන් පිළිබඳ බැංකු ගණුදෙණු සහ ණය ගණුදෙණු සිදු කිරීමේ ජාලයේ ඇති අක්‍රමිකතා සහ සංඥා භාෂා සම්බන්ධව පොදු ව්‍යවහාරයක් ඇති කර ගැනීම පිළිබඳ එහි දී සාකච්ඡා වී තිබේ.
 
එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ 2006 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය යටතේ දැනට ප්‍රවේශ මාර්ග ඇතුළු පහසුකම් සැලසීම සිදු වෙමින් පැවතුණ ද එම කටයුතු තව දුරටත් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන් බවයි.
 
අනාගතයේ සිදු කෙරන සියලු ඉදි කිරීමේ ආබාධිත තැනැත්තන්ට ප්‍රවේශවීමේ පහසුකම් සහිත ඒවා බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි.
  
ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කළ යුතු බව පැවසු  අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ  අනාගතයේ සිදු කෙරන සියලු ඉදි කිරීමේ ආබාධිත තැනැත්තන්ට ප්‍රවේශවීමේ පහසුකම් සහිත ඒවා බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි.
 
ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියන 1.6 පමණ පිරිසක් ආබාධිත තැනැත්තන් වන අතර වත්මන් රජය ඔවුන් වෙනුවෙන් විවිධ ආර්ථික, සමාජීය, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී පහසුකම් රාශියක් සපයමින් සිටින බව ද අමාත්‍යවරයා  එහිදී පැවසු බව මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, අතිරේක ලේකම් සී.ඩී. කළුආරච්චි, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඒ.හේරත්, සහකාර අධ්‍යක්ෂ එච්.එම්.එම්.සී. ඉසංකා හේරත්, නීති නිලධාරි එම්.ඩී.එන්. චන්ද්‍රරත්න ඇතුලු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.

 

sdsdfd

klkjnb


 

THE LEADER TV 
 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්