''මුක්කු ගහලා දේශපාලනය කරන්න ඕන නං පක්ෂය වහලා දාලා කැමති අය වෙන පක්ෂ වල සාමාජිකත්වය ගන්න. 
 
මට ඕනෙ 2025 දී ග්‍රී ලනිප ආන්ඩූවක් හදන්න'   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර සිටියි.
 
හිටපු ජනධිපතිවරයා දැඩි ස්වරයෙන් යුතුව එවැනි ප්‍රකාශයක් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදින විශේෂ වැඩමුළුව නිමා කිරීමේ දේශනය පවත්වමිනි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයන් ඇතුළු පක්ෂය සමස්ථ නිලධාරි මණ්ඩලය සඳහා මාතලේ ග්‍රෑන්ඩ් හිල් හොටලයේ සංවිධානය කර තිබු දෙදින වැඩමුළුව අද අවසන් විය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කොට නැවතත් ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ අරමුණින් යුතුව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණ.
 
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ආචාර්ය මහාචාර්යවරු කිහිපදෙනෙක් ද සහභාගී විය.
 
මෙම වැඩමුළුව පැවති සමස්ත කාලය පුරාම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වී සිටි අතර විද්වතුන් ලබාදුන් විවිධ ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද හිටපු ජනාධිපතිවරයා සහභාගි වීම කැපී පෙනෙන ලක්ෂණයක් විය.
 

SLFP 2021 4 SLFP 2021 1

SLFP 2021 2
 
SLFP 2021 3
 
වැඩමුළු අවසන් කොට අවසාන කතාව කළ හිටපු ජනාධිපතිවරයා සහභාගිව සිටි ශ්‍රීලනිප නායකයින් අමතමින් දැඩි ආවේගයෙන් යුතුව මෙසේ සඳහන් කළේය. 
  
''මම බලාගෙන හිටියා ගොඩක් අය කියනවා අපිට අමාරුයි. පොහොට්ටුවෙන් ගැලවෙන්න බෑ. වෙන පක්ෂ වලට සම්පත් තියෙනවා. අපි එකතුවෙලා ම තමයි පළාත් සභා ඉල්ලන්න ඕන. නැත්තං අපි අමාරුවේ වැටෙනවා. මේ වෙලේ ආණ්ඩුව තරහා කරගන්න හොඳ නෑ.' ආදී වශයෙන් කරුණු රාශියක් මෙතන විවිධ කණ්ඩායම් ප්‍රකාශ කරනවා මම දැක්කා.
 
 
 මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. 
 
පක්ෂයක සාමාජිකයෙක් නම් පක්ෂයක් වෙනුවෙන් වැඩ කරනවා නං තමන්ට කොන්දක් තියෙන්න ඕනේ තමන්ගේ පක්ෂය දිනවන්න. තමන්ගේ පක්ෂය නැගිට්ටවන්න. 
 
එහෙම බැහැයි කියල හිතන කවුරුහරි ඉන්නවනම්, හොදයි කියල හිතෙන ඕනේ පක්ෂයක සාමාජිකත්වය අරගෙන තමන්ගේ දේශපාලනය කරන්න. 
 
ඕන්නං පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න.
 
 ඒකෙ දෙන්නෙ නැත්නම් වෙන පක්ෂ එක හරි කමක් නෑ. 
 
හැබැයි පුළුවන් මිනිස්සු එක්ක මම මේ පක්ෂය නැගිට්ටනවා. 
 
මුක්කුව ගහලා දේශපාලනය කරන්න ඔන්නන් ඒ අයටත් යන්න පුලුවන්. 
 
අනාගතයේ ග්‍රී ලංකා නිදහස් පක්ෂය ආන්ඩුවක් 2025 හදන්න කැමකි අය විතරක් ඉන්න. ඒ ඇති මට.''  
 
හිටපු ජනාධිපතිවරයා එසේ පවසා සිය කතාව අවසන් කරද්දී මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාම නැඟී සිටිමින් අත්පොළසන් දෙමින් ඔහුගේ ප්‍රකාශය අනුමත කරනු දක්නට ලැබිණ. 
 
 
 හිරේ දාන්නත් බැරි නෑ  !!!
 
 
හිටපු ජනාධිපතිවරයා සිය කතාව අවසන්කර අසුන්ගත් අවස්ථාවේදී කිහිපදෙනෙකු ඔහු අසලට පැමිණ, ''මෙහෙම අපි සංවිධානය වෙන්න ගියොත් ඔබතුමාව හිරේ දාන්නත් බැරි නෑ. එහෙම වුනොත් මොකද කරන්නේ'' කියා විමසා ඇති අතර එහිදී ඔහු මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.
 
''එහෙම වුනොත් මාව නේ හිරේ දාන්නේ.. හිරේ යනවා නම් යන්නේ මම, ඕගොල්ලන් නෙවෙයි. ඒකට මම බය නෑ. ඕගොල්ලන් පක්ෂ වෙනුවෙන් කරන්න ඕන දේ කරන්න. නායකත්වය ගන්න. ඒක තමයි මේ වෙලේ වැදගත්.'' හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
 

 

 


 

 

 

 

THE LEADER TV 
 

 

රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්