ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක නායකයින් අද (අප්‍රේල් 01) පස්වරුවේ රැස්වී ආණ්ඩුව මුහුණදී සිටින අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගේ රොස්මිඩ් පෙදෙසේ කාර්යාලය තුල පැවති මෙම අවස්ථාවට විමල් විරවංශ, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස්, අතාවුල්ලාහ්, ගෙවිඳු කුමාරණතුංග, අසංග නවරත්න හා පුජ්‍ය අතුරලියේ රතන හිමි යන පක්ෂ නායකයින් සහභාගී වී ඇත.
 
මෙම සාකච්ජාවේදී වර්තමාන දේශපාලන තත්වය මෙන්ම ජිවන වියදම ඉහළයාම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත්සභා මැතිවරණය හා මැයි දිනය වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ජා කර ඇතැයි වාර්තාවේ.
 
ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) හැර ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් සියලුම පක්ෂවල නියෝජිතයින් පසුගිය පෙබරවාරි 12දා  අමාත්‍ය විමල් විරවංශගේ නිල නිවසේ රැස්වී ජනාධිපතිවරයා හා අගමැතිවරයා දේශපාලනික වශයෙන් ශක්තිමත් කරමින් ඉදිරියේදී ගත යුතු සාමුහික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්විය. 
 
ඉන් අනතුරුවද එම පක්ෂ නායකයින් දෙතුන්වරක් ම රැස්වී ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් අදහස් හුවමරුකරගෙන තිබු අතර ජනාධිපතිවරයා සමග ද සාකච්ජාවක් පැවැත්විය.
 
කෙසේවුවද ඉදිරි ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින් බැසිල් රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ඒකකය විසින් විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර ඇති තත්වයක් තුළ  විමල් විරවංශ ඇතුළු බැසිල් විරෝධීන් යලිත් එකට හමුවී සාකච්ජා පැවැත්වීම දේශපාලනික වශයෙන් සුවිශේෂී කාරණයකි.
 

WhatsApp Image 2021 04 01 at 9.50.14 PM

 


THE LEADER TV 
 
 

තානාපතිවරු දෙන්නෙකුගේ නම් රිජෙක්ට්! මිලින්දට මොකද වෙන්නේ ?

 

 රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්