වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද (05) නිකුත් කරනු ඇත.
 
දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
 
මේ සමග ම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.
 
 කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇත.
 
මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබුණේ මීට මාස 6කට පමණ පෙරය.
 
දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී ඇත.
 
මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ පාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණය.
 
 මේ අතර පිරිපහදු නොකරන ලද පාම් තෙල් ආනයනය කර වනස්පති ( Hydrogenated palm oil) මාගරින් සහ බේකරි සදහා අවස්සිය මේද වර්ග අපනයනය කරන සමාගම් මෙම හදිසි තීරනයත් සමග අර්බූදයට ‍යන බව ආයෝජන මන්ඩලයේ උසස් නිලධාරීයකු අප සමග පැවසීය.
 

Capture 11

 Latter 2021.04.06
 
පොල් තෙල් අර්බුදය හැදුවේ ෆාම් ඔයිල් කාරයින් ද ? - CID  පරීක්ෂණයක් 
 
 
 
මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය සහිත පොල් තෙල් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය හා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විරෝධය මතුකළේ කවුරුන් යන කාරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
එම විමර්ශනයට අනුව අදාළ පොල් තෙල් මෙරටට ආනයනය කළ සමාගම් තුනක පුද්ගලයන් 5 දෙනකුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
 
මෙම ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරක පොල් තෙල් කතාව සමාජ මාධ්‍ය හරහා සමාජගත කරමින් රට තුළ පොල් තෙල් විරෝධයක් ඇති කිරීමට කටයුතු කළේ පාම් ඔයිල් ව්‍යාපාරිකයින්ගේ මැදිහත්වීමෙන් ද යන කාරණය පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරමින් සිටින බව වාර්තාවේ.
 
 
 
####################
THE LEADER TV 
 
 

සීතා - දමිත හුටපටේ...! 'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්